IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මංගලගේ ගිවිසුමට තිස්ස හරස් වෙයි

මංගල සමරවීරලා එක්ක අලුත් දේශපාලන ගමනකට මුල පුරන්න කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදියට තමයි මංගල හා ශ්‍රීපති ඇතුළු පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහජන පාර්ශ්වය කියන අලුත් පක්ෂයක් එක්ක එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්නේ. 


මේ එකතුවීමෙන් පස්සේ  අපි  දෙපාර්ශ්වය රටපුරා ප්‍රචාරක රැස්වීම් මාලාවක් අරගෙන යන්න තීරණය කළා. ඒ අනුව මාස හයක් විතර රටේ විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා මහින්ද  රාජපක්ෂ විරෝධී ජනතා පෙළගැස්ම හදන්න දේශපාලන ව්‍යාපාරයක් කළා. මේ දේශපාලන ව්‍යාපාරයේදී තමයි ශ්‍රීපති සූරියආරච්චි  ප්‍රසිද්ධියේ කියන්න පටන් ගත්තේ තමන්ට ඡන්ද ලබා ගන්න සහ එක්සත් ජාතික පක්ෂයට වැටෙන ඡන්ද වළක්වන්න මහින්ද රාජපක්ෂ එල්ටීටීඊ එකට සල්ලි දුන්නා කියන කතාව. මේ දේශපාලන ව්‍යාපාරයට මංගල ශ්‍රීපති එක්ක ටිරාන් අලසුත් සම්බන්ධ වෙලා හිටියා. ඔහුත් කියන්න පටන් ගත්තා ඔහු හරහා එමිල් කාන්තන් සම්බන්ධ කරගෙන තමයි මහින්ද  රාජපක්ෂ එල්.ටී.ටී.ඊ. එකට සල්ලි දුන්නේ කියලා. 


මේ කතාව යන අතරේ ටිරාන් අලස්ගෙ ගෙදරට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. මේ බෝම්බ ප්‍රහාරය සිදු වුණාට පස්සේ මංගල ශ්‍රීපති ඇතුළු පිරිස ටිරාන් අලස්ගෙ ගෙදර ඉඳලා මාධ්‍ය සාකච්ඡාවක්  පැවැත්වුවා. එතනදිත් එයා එල්.ටී.ටී.ඊ. එකට සල්ලි දුන්නු කතාව කිව්වා. අපිත් ඒ වෙලාවෙ එතැන හිටියා. 


මේ අතරේ මංගල සමරවීරගෙ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයත් එක්සත් ජාතික පක්ෂයත් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න තීරණය කළා. මේ අවබෝධතා ගිවිසුමට ඇතුළත් කරන කාරණා පිළිබඳ සාකච්ඡාවෙදි යම් යම් ගැටලුත් ඇතිවුණා. එක්සත් ජාතික පක්ෂයට දේශපාලන වශයෙන් අවාසි නොවන කරුණු පමණක් මීට ඇතුළත් විය යුතුයි කියන මතයේ තමයි අපි හිටියේ. මම යෝජනා කළා මේකට කිසිදු ලෙසකින් එක්සත් ජාතික පක්ෂය දේශපාලන වශයෙන් දුර්වලවන යෝජනාවක් එකතු නොවිය යුතුයි  කියලා. 


ඒකට හේතු වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ ඉල්ලීමකට අනුව එක්සත් ජාතික පක්ෂය සමග මැතිවරණවලට තරඟ කරනකොට ඒ අපේක්ෂකයින් නියම කිරීමේදී ඒ අයටත් කොටසක් දෙන්න ඕනකම තිබුණා. මම කිව්වේ මේක දෙන්න ඕනෑ ඒ ඡන්ද පදනම දිහා බලල මිසක් අහවල් දිස්ත්‍රික්කයෙන් අහවල් කෝටා එකක් දෙනවා කියලා මුලින්ම තීන්දුවකට එන්න බෑ කියලා. 
මේකට පොඩි මතභේදයක් ඇතිවුණා. ඒ නිසාම මේ අවබෝධතා ගිවිසුම පාර්ලිමේන්තුවේදී අත්සන් කරන වෙලාවෙ මම ඒක ප්‍රතික්ෂේප කළා. මම අත්සන් කරන්න එන්නෙ නැතුව හිටියා. ඒත් පස්සෙ මාව බලෙන් වගේ එක්ක ගියා. කොහොම හරි මට ඒකට අත්සන් කරන්න සිද්ධ වුණා. 


මේ අවබෝධතා ගිවිසුමට මම එකඟ නැතිවුණාට මේ දේශපාලන ව්‍යාපාරයේ වැඩවලට මම පක්ෂය වෙනුවෙන් හවුල් වුණා. අපි දිගටම රාජපක්ෂ විරෝධී ව්‍යාපාරය රටපුරා කරගෙන ගියා. මේ අතරෙ තමයි ශ්‍රීපති සූරියආරච්චිත් හදිසියේම රිය අනතුරකින් මිය යන්නේ. අනුරාධපුරයේ ඉඳලා කොළඹ එන අතරේ වාහනය හැප්පිලා තමයි ශ්‍රීපති ජීවිතක්ෂයට පත් වෙන්නේ. මේ මරණය ඒ වෙලාවේ සැක කටයුතු මරණයක් වුණා. බොහෝ දෙනා මේ ගැන සැක හිතන්න පටන් ගත්තා. විවිධ කටකතා පවා පැතිරුණා. ශ්‍රීපති ඒ මොහොත වෙද්දී දැඩි රාජපක්ෂ විරෝධියෙක් විදියට කටයුතු කළ නිසා මේ මරණය කුමන්ත්‍රණයක්ද කියන සැකය මතුවුණා. ඒත් ඒක සාක්ෂි සහිතව ඔප්පු කර ගන්න බැරිවුණා. 


මේ සිදුවීම වෙද්දී රනිල් වික්‍රමසිංහයි මමයි හිටියේ කුරුණෑගල රැස්වීමක. ඒ ආරංචිය ආපු ගමන් රනිල් වික්‍රමසිංහ මට කිව්වා අද ශ්‍රීපතිව බලන්න යන්න කියලා. මම එවෙලෙම අනුරාධපුරයට පිටත් වුණා. මම රෝහලටත් ගිහිල්ලා බලලා අවශ්‍ය කටයුතු කරලා එදා රෑ තමයි කොළඹ ආවේ. ශ්‍රීපති සූරියආරච්චිගෙ නැතිවීම අපේ දේශපාලන ව්‍යාපාරයට ලොකු පාඩුවක්. මොකද ඔහු මේ ව්‍යාපාරයේ ප්‍රධාන චරිතයක් විදියට කටයුතු කළේ. 


තව කොටසක් ලබන සතියට.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

මංගලගේ ගිවිසුමට තිස්ස හරස් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 623 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17602 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site