IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


දූෂණ මගඩිවලින් තොර දේශපාලනයක් කවදා ලැබේද

දූෂණ චෝදනාවක් නැති මන්ත්‍රීවරයකු අද පාර්ලිමේන්තුවෙන් සොයාගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. කොළඹ පදනම් ආයතනයේදී පැවැති ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක සහ දේශබන්දු එෆ්.ආර්. සේනානායක ජන්ම දින සැමරුම් උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි ද සඳහන් විය. වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටියදීම එවැනි ප්‍රකාශයක් කිරීමට තරම් පිටකොන්දක් තිබීම ගැන වසන්ත සේනානායක මහතාට අපි මුලින්ම තුති පුදමු. එසේම දූෂණ සහ වංචා චෝදනා සම්බන්ධයෙන් ඒ මහතාට කිසිදු චෝදනාවක් එල්ලවී නොතිබීමද මෙහිදී අපගේ සැලකිල්ලට ලක්වන බවත් පවසමු.

චෝදනාවක් එල්ල වූ පමණින් කිසිදු පුද්ගලයකු වංචනිකයකු හෝ දූෂිතයකු හෝ වන්නේ නැත. එහෙත් සැබෑ ලෙසම දූෂිත ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ගේ ගැලවීම උදෙසා භාවිත කරන්නේද එම හිඩැස වීම කනගාටුවකි. ඇස්පනාපිට සොරකම් කොට මහා මන්දිර ඉදිකොට යාන වාහන ගොඩගසාගෙන සිටින ඇතැමුන්ට චෝදනා එල්ලවන විට ඔවුන් කියන්නේ මේවා මඩගහන කතා කියාය. ඔවුන් වෙනුවෙන් කතා කරන එක අත්තේ වසන පිරිස් ද කෙළින්ම කියන්නේ චෝදනා එල්ල කළ පමණින් කෙනකු වංචනිකයකු හෝ දූෂිතයකු නොවන බවය. මේ දෙපිරිසම එකිනෙකාගේ පිට කසාගනිද්දී දූෂණයේ වංචාවේ නිරුවත හෙළිදරව් වනවිට ඒවාද කෙසේ හෝ යටපත් කර දැමීමට තරම් මේ අය බලවන්තයෝ වෙති. ඒ අර්ථයෙන් ගත් කල වත්මන් පාලනය පමණක් නොව ගෙවීගිය පාලන කාල කිහිපයකම මැති ඇමැතින්ට මේ කියමන් අදාළ බව පැවසිය යුතුය.

මීට බොහෝ කාලයකට ඉහතදී පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට මහජනතාව විසින් තෝරාපත් කරගනු ලැබීම රටට සේවය කිරීම සඳහා ලැබුණු ‘‘ගරු’’ තනතුරක් විය. ඒ කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විරුද්ධව එල්ල වුණු වංචා-දූෂණ චෝදනා ඉතා අල්ප විය.

එසේ චෝදනා එල්ල වූයේද රැකියාවක් ලබාදීමේදී විවිධ වාසි ලබාගැනීම, ටෙන්ඩරයක් ප්‍රදානයේදී සහාය ලබාදී පෙරළා යමක් ලබාගැනීම වැනි අල්ලස් හා දූෂණ පනත යටතේ ගැනෙන වැරැද්දක් වශයෙනි. එහෙත් දැන් කාලයේ එය බොහෝ සෙයින්ම වෙනස් වී ගොසිනි. ඇතැම් දූෂණ සහ වංචාවල ප්‍රමාණය රුපියල් මිලියනවලින් පවා ගණන් දැක්වීම අපහසු තරමට ඉහළ නැඟ තිබේ. පසුගිය පාලන සමයේ බොහෝ ජනප්‍රිය වූ ‘‘මිස්ටර් ටෙන් පසන්ට්’’ලා මේ වනවිට ‘‘මිස්ටර් හන්ඩ්‍රඩ්’’ලා වී සිටින්නේ ඒ අනුහසිනි. දැන් අගතියට පත් පාර්ශ්ව මාධ්‍ය සාකච්ඡා තබා තමන්ගෙන් හෝ තම සමාගමෙන් හෝ මේ තරමට කොමිස් මුදල් ඉල්ලුවේ යැයි චෝදනා කරන තරමට තත්ත්වය බරපතළ වී තිබේ. ඒ කාලයේ රුපියල් සීයේ අල්ලසක් ලබාගැනීමේ වරදට රාජ්‍ය නිලධාරීන්ගේ බෙල්ලම ගිය අවස්ථා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම මන්ත්‍රී පදවි අහෝසිවීම් පවා සිදුවුවද මේ කාලයේ නිවේදන නිකුත් කොට මාධ්‍ය සාකච්ඡා තබා දැන් ඔක්කොම හරි යැයි පවසන තත්ත්වයට රට වැටී තිබීම මේ ඛේදවාචකයේම කොටසක් බව පෙන්වාදිය යුතුය.

මේ රටේ පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් බැඳුම්කර මගඩියට අද වනතුරු වගකිවයුත්තෙක් නැත. ශ්‍රී ලන්කන් ආයතනයේ පසුගිය පාලන සමයේ සිදුවූ බරපතළ වංචා මේ දිනවල කොමිසම හරහා එළියට ඇදෙමින් තිබේ. එහිදී ඩොලර් මිලියන ගණනින් රටට පාඩු ඇති කළ සිදුවීම් හෙළිවෙයි. එහෙත් වත්මන් පාලන සමයේදී ශ්‍රී ලංකන් ආයතනයේ අලුත් ගුවන් යානා ඇණවුම් අහෝසි කිරීමට අදාළ ගනුදෙනුවේ මහා පරිමාණ අක්‍රමිකතා සිදුවී ඇති බවට නැඟුණු චෝදනාවලට එරෙහි විමර්ශන කිසිත් නැත. එම ගනුදෙනුවේදී ශ්‍රී ලංකාවට ලැබිය යුතුව තිබූ මුදලින් හරි අඩක් පමණ නොලැබී ගිය බවට වාර්තා පළවිය. එහෙත් ඒවා ගැන සොයා බලන කෙනකු නැත. අවසානයේ පාඩුව රටටය. වංචාවට, දූෂණයට හවුල් වූ තැනැත්තා හෝ තැනැත්තන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙනෙන්නට නැත. මෙසේ වනවිට ලොවේ දූෂිතම රටවල් නම්කෙරෙන ලැයිස්තුවේ ඉහළම තැනකට ඒමට ශ්‍රී ලංකාවට සිදුවීම ගැන පුදුම විය යුතුද?

වංචා සහ දූෂණ වළක්වාගැනීමට පෙරමුණ ගත යුත්තේ පාර්ලිමේන්තුවයි. එහෙත් වර්තමානයේදී දැකිය හැකිවන්නේ බරපතළම වංචා සහ දූෂණ එල්ලවෙන පිරිසක්ද පාර්ලිමේන්තුවේ සිටින බවය. වසන්ත සේනානායක රාජ්‍ය ඇමැතිවරයාගේ කතාව වඩාත් අදාළ වන්නේ මේ කාරණයට බව පැහැදිලිය. තැපැල් නයින්ටිය තල්ලු කරගෙන යන්තම් පළාත් පාලන ආයතනයකට රිංගාගෙන ඉන් පසුව පාර්ලිමේන්තුව දක්වා පැමිණ නැව්පතියන් බවට පත්වී දෙව්ලොව සැප මේ ආත්මයේදී විඳින පිරිසක්ද වර්තමානයේ දැකිය හැකිය.

ඔවුන්ට තමන්ගේ කාලය තුළදී නොව තව ආත්ම ගණනාවකට හෝ ‘‘ගරු’’ සේවයක් තුළින් මෙබඳු සැප සම්පත් ලැබිය නොහැකි බව පහළ බාලාංශයේ ළමයකුට වුවද තේරුම්ගත හැක. අපට කනගාටු සිතෙන්නේ මේ බරපතළ වංචා සහ දූෂණ නැවැත්වීමට ක්‍රියා කළ යුතු ඇතැම් නායකයන් ද ඇස්, කන් පියාගෙන කිසිවක් නොදන්නා ගානට සිටීම ගැනය. සරසවිවලට පොලු තැබූ උගතුන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කළා සේම කෙටි කලකින් සුපිරි ධනවතුන් බවට පත්වූ පාර්ලිමේන්තු මැති ඇමැතිලාගේ නම් ලැයිස්තුවද ප්‍රසිද්ධියට පත් කළ යුතු යැයි අපි යෝජනා කරමු. එම ලැයිස්තුව වත්මනට පමණක් නොව පසුගිය පාලනයටද අදාළ විය යුතු බවත් සඳහන් කරමු.



අදහස් (3)

දූෂණ මගඩිවලින් තොර දේශපාලනයක් කවදා ලැබේද

Bandula Gunasekera Friday, 26 October 2018 08:09 AM

වංචා දුෂණ වලින් තොර නායකයින් ඉන්න පක්ෂයක් ලංකාවේ තියෙනවා.. ඔවුන් කතා කරන්නේ පොදු දියුණුව. පොදු යහපත ඇති කරන්න. ඒ තමයි ජවිපෙ. නමුත් අපේ රටේ මිනිස්සු පොදු දියුණුවට පොදු යහපතට කැමති නැහැ. තමන් විතරක් දියුණු වෙන්න තමයි බලන්නේ අනිකාව පාගල දාලා. ඒක නිසා මිනිස්සු කොච්චර හොද උනත් ජවිපෙ පත්කර ගන්න මිනිස්සු කැමති නැත්තෙ ඒකයි. මිනිස්සු පොදුවේ දියුණු වෙන්න හිතන දවසට වංචා දුෂණ වලින් තොර ජවිපෙ නායකින් අපේ රටේ නායකයින් වී රට ගොඩ ගන්නවා සිකුරුයි. හැබැයි ඒ දවස හෙට, අනිද්දා හෝ තව අවුරුදු කිහිපයකින්ද කියලා කියන්න බැහැ. අපේ රටේ බහුතරයක් මිනිසුන් අතේ තමයි එම තීරණය තියෙන්නේ..

:       118       1287

dannyFriday, 26 October 2018 01:42 PM

මා සිතන්නේ රටේ බොහෝ දෙනා ජවිපෙට ඡන්දය නොදෙන්නට හේතුව නම්, ඔවුන් 88/89 භීෂණ සමයේ මහජනයාට සැලකු ආකාරය තවමත් බොහෝ දෙනාගේ සිත් තුල පැලපදියම්ව තිබෙන බැවිනි. ඒ හැර, වර්තමානයේ බොහෝ දෙනා අනුමත නොකරන, සරසවි තුල ඇති නවකවදය වැනි ක්‍රියාකාරකම් පිටුපස ජවිපෙට අනුබද්ධ දේශපාලන කණ්ඩායම් තිබීම නොරහසකි. මෙවැනි පසුබිමක් යටතේ, වර්තමාන ජවිපෙ නායකත්වයට කොතරම් සත්භාවයෙන් දේශනා පැවැත්වුවත්, බහුතරයක් ජනතාවගේ සහයෝගය මැතිවරණවලදී ලබාගැනීම අභියෝගයක් වී ඇති සේ පෙනේ...

:       271       35

Ahamed Tuesday, 30 October 2018 01:08 PM

මහින්දත් හොරකම් කරා, රනිලුත් හොරකම්කරා . ප්‍රදාන පක්ෂ දෙකේම නායකයෝ හොරු .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 539 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 1346 1

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 1185 3

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 237 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 1041 5

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 239 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1252 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1522 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site