IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ජනාධිපතිවරණය දා රෑ අරලිය ගහ මැදුරේ විත්ති

තිස්සගේ මතක වත-112

 

 

මෛත්‍රී - මහින්ද ජනාධිපති සටන උග්‍ර තත්ත්වයට පත්වුණේ මැතිවරණය කිට්ටු වෙනකොට තමයි මැතිවරණ ප්‍රචාරණයත් ඉතාම තියුණු තත්ත්වයක පැවතුණේ. මමත් මහින්ද රාජපක්‍ෂගෙ මැතිවරණ “කැම්පේන් එකේ කටයුතු කළා. රටේ විවිධ තැන්වල රැස්වීම්වලට යන්න වුණා. සන්ධාන කථිකයින් විශාල ප්‍රමාණයක් ඒ රැස්වීම්වලට සහභාගි වුණා. කලාකරුවොත් බොහෝ දෙනෙක් මේ රැස්වීම්වල වේදිකාවලට ගොඩ වුණා. ඔත්තුසේවා වාර්තා කරපු ආකාරයට මහින්ද රාජපක්‍ෂ පරදිනවා කියලා කොතනකවත් සඳහන් වුණේ නෑ. මැතිවරණය කිට්ටු වෙන්න කිට්ටු වෙන්න තමයි තත්ත්වය වෙනස් වුණේ. මැතිවරණ ප්‍රචාරක කාලය තව ටිකක් අවදානම් ප්‍රතිඵලය වෙනස් වෙන්නත් තිබුණා.


මට ඡන්දය ප්‍රකාශ කරන්න තිබුණෙ  කුණ්ඩසාලේ මැණික්හින්න මහ විද්‍යාලයේ. මම ඡන්දෙ දීලා නුවරින් පිටත්වෙලා කෙළින්ම ආවේ අරලියගහ මන්දිරයට. අරලියගහ මන්දිරේ පිහිටුවල තිබුණා ප්‍රතිඵල ඒකකයක්. ඒක බැසිල් රාජපක්‍ෂගෙ නායකත්වයෙන් ක්‍රියාත්මක වුණේ. 


ගණන් කළ සැණින් ඡන්ද ප්‍රතිඵල ලබා ගැනීමේ ක්‍රමවේදයත් ඔවුන් සූදානම් කරලා තිබුණා. අපි අරලියගහ මන්දිරේ ඉඳගෙන ඡන්ද ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් හිටියේ.
මුලින් මුලින් ආපු ඡන්ද ප්‍රතිඵලවලින් විශේෂයෙන් දකුණේ ඡන්දවලින් මහින්ද රාජපක්‍ෂ ඉදිරියෙන් ඉන්න බවක් පෙනුණා. මහින්දත් අපිත් එක්ක ප්‍රතිඵල බල බලා හිටියේ. උදේ එකට එක හමාරට විතර මහින්ද කිව්වා ලැබිච්ච ප්‍රතිඵල අනුව තත්ත්වය ඒ තරම් හොඳ නෑ කියලා. ඔහුට අවාසිදායක බව ඔහු තේරුම් අරන් තිබුණේ. ඔහු කිව්වා ඔහු පරාදයි වගේ කියලා. 


අවසාන ඡන්ද ප්‍රතිඵලය එන්නත් කලින් ඔහු ඒක තීරණය කරලා තිබුණේ. තත්ත්වය තේරුම් ගත්තු මහින්ද එතන ඉඳපු පිරිසට “මම දැන් නිදාගන්න යනවා” කියලා නිදාගන්න ගියා. යන ගමන් එක නිලධාරියෙකුට කිව්වා හෙට උදේ ජනතාව අමතන්න අවශ්‍ය කතාව සකස් කරන්න කියලා. ගෝඨාභය රාජපක්‍ෂ බැසිල් ඇතුළු විශාල පිරිසක් ඒ වෙලාවෙ එතැන හිටියා. මහින්දගෙ මේ කතාවත් එක්ක එතන ඉඳපු සමහර නිලධාරීන් අඬන්න පටන් ගත්තා. හැමෝම වගේ කනගාටු වුණා. ඒ එක්කම මහින්ද එතන ඉඳපු තවත් නිලධාරියෙකුට කිව්වා ඔහුට රනිල් වික්‍රමසිංහට කතා කරන්න අවශ්‍යයි ඒ පණිවුඩය ඔහුට ලබා දෙන්න කියලා. මහින්ද ඒ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන එක්ක කතාකරන්න කැමැත්තක් තිබුණෙ නෑ. මං හිතන්නේ ආරංචි වුණ හැටියට එදාම රෑ මහින්දයි රනිලුයි අතර හමුවීමක් සිදුවෙලා තියෙනවා.


ඔය කාලසීමාවෙ තමයි ඔය හමුදා කුමන්ත්‍රණයත් සිදු වුණා කියලා කියවුණේ. ඒත් ඒ වෙලාවේ අරලියගහ මන්දිරෙ ඉඳපු කෙනෙක් හැටියට මට නම් එවැනි කිසිදු උත්සාහයක ලකුණක් පෙනුණේ නෑ. මොකද එහෙම මොකක් හරි උත්සාහයක් තිබුණා නම් පොඩි හරි තොරතුරක් අපිට ලැබෙනවනේ. ඒත් එවැනි කිසිම දෙයක් අපිට දැනගන්න තිබුණේ නෑ.
ඡන්ද ප්‍රතිඵලය අනුව මෛත්‍රී වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයගෙන තිබුණා. පහුවැනිදාම දිව්රුම් දීමට කටයුතු සූදානම් කරලා තිබුණා. ඔහු දිවුරුම් දීමට  තෝරාගෙන තිබුණෙ නිදහස් චතුරශ්‍රය. මීට පෙර කවුරුවත් නිදහස් චතුරශ්‍රයේ දිවුරුම් දීලා තිබුණේ නෑ.


ජේ. ආර්. ජයවර්ධන දිවුරුම් දුන්නේ ගෝල්ෆේස් පිටියේදී. ආර්. ප්‍රේමදාස දළදා මාලිගාවේ පත්තිරිප්පුවේදී දිවුරුම් දුන්නේ. විජේතුංග ජනාධිපතිතුමන් චන්ද්‍රිකා කුමාරතුංගත් මහින්ද රාජපක්‍ෂත් ජනාධිපති මන්දිරේදී තමයි ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ.


මෛත්‍රී මේ තත්ත්වයෙන් වෙනස් කරල තමයි නිදහස් චතුරශ්‍රයේ දිවුරුම් දීමේ උත්සවය සංවිධානය කරලා තිබුණේ.

 


තව කොටසක් වෙන සතියකට.

 

ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ජනාධිපතිවරණය දා රෑ අරලිය ගහ මැදුරේ විත්ති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17601 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site