සතා සිවුපාවාත් පරිසරයත් වනසන නරුම අමනයෝ
කඳුකරයේ මදු ගසා මරා දත්, නිය, හම් ඇතුළු කොටස් අලෙවි කිරීමේ ජාවාරමක් ක්රියාත්මක වෙමින් පවතින බව පෙනෙන බව පරිසරවේදීන් ප්රකාශ කළ බවට සඳහන් පුවතක් අප පුවත්පත් ඉකුත් දා වාර්තා කළේය. මෑත භාගයේ මෙම ජාවාරම වැඩිවෙමින් පවතින බවත් මදු ගසා කොටි මැරීමේ සිදුවීම් ගණනාවක් ඉකුත් සමයේ වාර්තා වූ බවත් පරිසරවේදියකු හා සත්ව සංරක්ෂකයකු වන රුක්ෂාන් ජයවර්ධන මහතා අප පුවත්පතට ප්රකාශ කර තිබිණ.