ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගන්නා ලද දේශගුණික ක්‍රියාමාර්ග
 

 

හෙරිටන්ස් කණ්ඩලම -  LEED  රන් සහතිකයෙන් පිදුම් ලත් ලොව පළමු හෝටලය


 

වෙස්ටර්න් පවර් කම්පනි - අපද්‍රව්‍ය-බලශක්ති බවට හරවන ශ්‍රී ලංකාවේ පළමු කර්මාන්තශාලාව

එයිට්කින් ස්පෙන්ස් ප්‍රින්ටින් ආයතනය - දකුණු ආසියානු කලාපයේ පළමු කාබන් උදාසීන හරිත මුද්‍රණ කර්මාන්ත ශාලාව


 

එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී (Aitken Spence PLC)  සමාගම හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේ ඉලක්ක සපුරාලමින් SBTi  වලංගුකරණය හිමිකර ගෙන ඇත.  ඒ අනුව, එකී වලංගුකරණය ලත් පළමු ශ්‍රී ලාංකේය සමූහ සමාගම බවට එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී පත් වේ. 
 රටවල් දොළහක් පුරා පැතිරුණු කර්මාන්ත ක්ෂේත්‍ර 17ක් පුරා මෙහෙයුම් කටයුතු සිදු කරන සමූහයකට එවැනි ජයග්‍රහණයක් අත්පත් කරගැනීම පහසු නැත.  ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ සුවිශේෂී අභියෝග බොහෝ තිබුණ ද, දේශගුණික ඉලක්ක සපුරාලීමේදී මෙම සියලු ක්ෂේත්‍ර පොදු දේශගුණික ක්‍රමෝපායක් යටතට ගත යුතු විය. එය සැලකිල්ලට ගනිමින් මෙහෙයුම් ක්‍රියාවලි පිළිබඳ මනා අවබෝධයක්, සවිමත් පාලන කාර්යරාමුවක්, පරිණත ක්‍රමවේදයක් සහ නිරන්තර අධීක්ෂණය පිළිබඳ යාන්ත්‍රණයක් මගින් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත හැකි පරිපූර්ණ ක්‍රියාදාමයක් අනුගමනය කරන්නට සමාගම පියවර ගෙන තිබුණි.     
එක්සත් ජාතීන්ගේ සංගමයේ පාරිසරික වැඩසටහනේ (UNEP)  හරිතාගාර වායු විමෝචන පරතරය පිළිබඳ නවතම වාර්තාව (Emissions Gap Report)  ට අනුව ඉදිරි දශකයේ දී ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5කින් පමණ ඉහළ යා හැකිය.  පළමු වතාවට ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 ට වඩා ඉහළ ගොස් ඇත්තේ වර්ෂ 2024 දී ය.  එය, පැරිස් ගිවිසුම මගින් වැළැක්වීමට එකඟ වූ පූර්ව-කාර්මික මට්ටමට වඩා වැඩි අගයකි.  දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් ආයතනික මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග බොහෝ ය.  එකී ක්‍රියාමාර්ග පිළිබඳ ගෝලීය අපේක්ෂා ද දිනෙන් දින ඉහළ නැංවෙන බව පෙනේ.              
විද්‍යාව මත පදනම් වූ ඉලක්කගත වැඩපිළිවෙළ :(Science Based Targets initiative - SBTi)  යනු, ආයතනික දේශගුණික ක්‍රියාමාර්ග පිළිබඳ වූ ස්වාධීන ගෝලීය සංවිධානයකි.  එය ආරම්භ වුණේ CDP, United Nations Global Compact, We Mean Business Coalition, World Resources Institute (WRI), iy World Wide Fund for Nature (WWF)  යන සංවිධාන අතර වූ සහයෝගීතා වැඩපිළිවෙළක් ලෙසිනි.  මෙම වගකීම නිසි ලෙස ඉටු වන බව සහතික කිරීම මෙම සංවිධානයේ කාර්යභාරයයි.  ඒ අනුව, දේශගුණික අර්බුදයට එරෙහිව තම වගකීම් ඉටු කිරීමේ හැකියාව ලොව පුරා සමාගම් සහ මූල්‍ය ආයතන වෙත සැලසීමට එම සංවිධානය ඉදිරිපත් ව ඇත.  ආයතනික වශයෙන් සපුරාලන දේශගුණික ඉලක්ක, දේශගුණික විපර්යාසවලට මුහුණදීමට අවශ්‍ය ලෙසට සලකන ක්‍රියාමාර්ගවල මට්ටම හා අනුකූල දැයි සමාලෝචනය කිරීම එහි කාර්යභාරයයි.  
එබැවින්, එයිට්කින් ස්පෙන්ස් හි දේශගුණික කැපවීමSBTi  හි වලංගුකරණයෙන් වැඩිදුරටත් සනාථ කෙරේ. එකී වලංගුකරණය යම් සමාගමකට ලබාදෙන්නේ, හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට යම් ආයතනයක් විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව විද්‍යාව මත පදනම් වූ සීමා SBTi විසින් ස්වාධීනව සත්‍යපානය කිරීමෙනි.  කාබන්හරණයේ ගමන්ම, පිළිබඳ අභ්‍යන්තරව ඉලක්ක කරන ලද සීමාවලටත් වඩා ගෝලීය දේශගුණික විද්‍යාව සමග පෙළගැසෙන අයුරු පෙන්නුම් කරමින් සමූහය කටයුතු කර ඇති බව මෙම වලංගුකරණයෙන් කියැවේ.  ආයෝජකයන් හා වෙනත් පාර්ශ්වකරුවන් තුළ සමූහය පිළිබඳ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමට ද එය හේතු වේ.           
එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී සමාගමේ සභාපතිනි, ස්ටෂානි ජයවර්ධන මෙම සුවිශේෂී ජයග්‍රහණය ගැන අදහස් පළ කරමින් මෙසේ කියා සිටියාය. “අපගේ දේශගුණික ඉලක්ක සම්බන්ධයෙන් SBTi  වලංගුකරණය හිමි වීම අප ලද විශාල ජයග්‍රහණයකි.  සමූහ ව්‍යාපාරයක් වශයෙන් අප ආ ගමන්මග කෙතරම් අර්ථාන්විත දැයි එය මනාව පෙන්නුම් කරයි.  දේශගුණික වගකීම් සම්බන්ධ ගෝලීය අපේක්ෂා දිනෙන් දින ඉහළ යමින් පවතින වටපිටාවක් තුළ පැහැදිලි භාවයෙන්, වගවීමෙන් හා අභිලාෂයෙන් යුතුව ව්‍යාපාර කටයුතු සිදු කළ යුතු බව අපි විශ්වාස කරමු. SBTi  වලංගුකරණය හරහා අද පිළිගැනීමට ලක්ව ඇත්තේ ධනාත්මක තීරණ ගැනීමට අප තුළ ඇති කැමැත්තයි.  අපගේ මෙහෙයුම් කටයුතු කාලයට අනුව වෙනස් කිරීමට අප දක්වන නම්‍යශීලී භාවයයි.  ව්‍යාපාරික දියුණුව පිළිබඳ අභිලාෂ, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් දේශගුණික ඉලක්ක හා පෙළ ගැස්වීමට අප තුළ පවතින උනන්දුව හා කැපවීමයි.  අප නියැළී සිටින විවිධ ව්‍යාපාර හා වෙළෙඳපොළවල අප ආයෝජනය කරන, නවෝත්පාදනය කරන, හා සියලු පාර්ශ්වකරුවන්ට දිගු-කාලීන ප්‍රතිලාභ සලසන ආකාරයන් හි නිරන්තර පදනම, තිරසර භාවය වෙත අප දක්වන මහඟු කැපවීමයි.”   
SBTi  වලංගුකරණය හිමි වූ එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී සමාගමට මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන අනෙකුත් ආයතනවලට ද සිය මෙහෙයුම් කටයුතුවල ගැටලු මනාව පාලනය කරමින්, එකමුතුකම සහ යහපත් ක්‍රියාමාර්ගවලින් දේශගුණික වගකීම් ඉටු කළ හැකි බව නිසැක ය.           
තිරසර භාවයට මුල් තැන දෙමින්, කර්මාන්ත පිළිබඳව දිගුකාලීන වශයෙන් එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී සමූහය පවත්වාගෙන යන ලද මනා වාර්තා ද මෙම වලංගුකරණයට හේතු විය.  තවද, එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන Western Power Company (Pvt) Ltd  මගින් අපද්‍රව්‍ය, බලශක්තිය බවට හරවන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ පළමු වරට හඳුන්වා දීමත්, හෙරිටන්ස් කණ්ඩලම, LEED  රන් සහතිකයෙන් පිදුම් ලත් ලොව පළමු හෝටලය බවට පත් වීමත්, දකුණු ආසියානු කලාපයේ පළමු කාබන් උදාසීන හරිත මුද්‍රණ කර්මාන්ත ශාලාව පිහිටුවීමට එයිට්කින් ස්පෙන්ස් ප්‍රින්ටින් ආයතනය කටයුතු කිරීමත් එසේ තිරසර භාවයට මුල් තැන දෙමින් කළ කටයුතු අතර කැපී පෙනේ.