
2026 ජාතික තත්ව හා ඵලදායිතා සම්මේලනයේ දී (NCQP) හේමාස් රෝහල් සහ
රසායනාගාර ජාලය සම්මාන 30කින් පිදුම් ලැබූ අවස්ථාව.
- රෝහල් ක්ෂේත්‍රයේ ඉහළම වාර්තාවක්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය පිළිබඳ ජාතික මට්ටමේ නව ප්‍රමිතියක් සනිටුහන් කරමින්, z2026 ජාතික තත්ව සහ ඵලදායිතා සම්මේලනයේ දී’ (NCQP) සම්මාන 30ක් දිනා ගැනීමට හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලය සමත්ව ඇත. මෙරට තනි රෝහල් සමූහයක් විසින් දිනා ගන්නා ලද ඉහළම සම්මාන සංඛ්‍යාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ.
රන් සම්මාන 22ක්, රිදී සම්මාන 7ක් සහ එක් ලෝකඩ සම්මානයකින් සමන්විත මෙම විශිෂ්ට ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ගුණාත්මක ප්‍රමිති, රෝගී ආරක්ෂාව, විශිෂ්ට මෙහෙයුම් ක්‍රියාවලිය සහ අඛණ්ඩ දියුණුව වෙනුවෙන් හේමාස් රෝහල් ජාලය දක්වන සුවිශේෂී නායකත්වය තහවුරු කරයි.
හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලය විසින් ඉදිරිපත් කරන ලද සෑම ගුණාත්මක තත්ව සංවර්ධන ව්‍යාපෘතියක් සඳහාම ජාතික මට්ටමේ ඇගයීමක් හිමි වීම සුවිශේෂී වේ. මින් තනි ව්‍යාපෘතිවල තිබූ ශක්තිමත්භාවය මෙන්ම හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලය පුරා ව්‍යාප්ත ගුණාත්මක සේවා සැපයීමේ සංස්කෘතිය පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකා තත්ව හා ඵලදායිතා ප්‍රවර්ධන සංගමය (SLAAQP) විසින් සංවිධානය කරනු ලබන මෙම වාර්ෂික සම්මේලනයේ දී ගුණාත්මක කළමනාකරණය සහ ඵලදායිතා මුලපිරීම් මගින් පැහැදිලි ප්‍රගතියක් අත්කර ගන්නා ආයතන ඇගයීමට ලක් කරයි. 2026 වසරේ මෙම සම්මේලනය පවත්වන ලද්දේ “ශක්තිමත් ශ්‍රී ලංකාවක් උදෙසා මානව කේන්ද්‍රීය ගුණාත්මකභාවය සහ ඵලදායිතාව” (People-Driven Quality and Productivity for a Resilient Sri Lanka) යන තේමාව යටතේ වන අතර, එහිදී ශක්තිමත් ආයතන සහ කර්මාන්ත ගොඩනැගීම සඳහා සේවක පාර්ශ්වය මූලික කරගත් නවෝත්පාදනවල ඇති වැදගත්කම මැනවින් අවධාරණය කෙරිණි.
මෙහිදී සම්මානයට පාත්‍ර වූ ව්‍යාපෘති 30ම සෞඛ්‍ය සේවා සැපයීමේ දී මුහුණ දීමට සිදුවන සැබෑ සහ ප්‍රායෝගික අභියෝග සඳහා විසඳුම් ලබා දී තිබීම විශේෂත්වයකි. හදිසි ප්‍රතිකාර ප්‍රමාදය අවම කිරීම, බාහිර රෝගී භෞතචිකිත්සක සූදානම් වීමේ කාලය අඩු කිරීම, රෝගීන් සමග පවත්වන සන්නිවේදනය දියුණු කිරීම, ඖෂධ කළමනාකරණය සහ වෛද්‍ය වාර්තා නිසි ලෙස පවත්වා ගැනීම වැනි ව්‍යාපෘති ද මීට ඇතුළත් විය. තවද මෙම තත්ව වර්ධනය සායනික සත්කාරවලට පමණක් සීමා නොවී රෝගියාගේ සමස්ත රෝහල් අත්දැකීමේ සෑම අංශයකටම ව්‍යාප්ත වී ඇති බව තහවුරු කරමින් එන්නත් කටු ආශ්‍රිත අනතුරු අවම කිරීම, ඩයලිසිස් සේවා (Dialysis Services) වැඩිදියුණු කිරීම, ඇමතුම් මධ්‍යස්ථාන කාර්යසාධනය ශක්තිමත් කිරීම, බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ සායනික අපද්‍රව්‍ය වෙන් කිරීම, විධිමත් කිරීම වැනි වෙනත් ව්‍යාපෘති කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කර තිබුණි.
මෙම සියලු මුලපිරීම් මගින් පැහැදිලි වන්නේ හේමාස් රෝහල් ජාලය සිය දෛනික මෙහෙයුම් කටයුතු තුළටම ගුණාත්මක තත්ව සංවර්ධනය බද්ධ කරමින් මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රමිති අඛණ්ඩව ඉහළ නංවන ආකාරයයි. එමෙන්ම, හේමාස් රෝහල්හි පවතින උසස් ගුණාත්මකභාවය සායනික ප්‍රතිකාර සඳහා පමණක් සීමා නොවී, රෝගියකු රෝහල වෙත පැමිණෙන මොහොතේ සිට පිටව යන තෙක් මුහුණ දෙන සෑම සේවා අවස්ථාවකටම එක සේ ව්‍යාප්ත වී ඇති බව මෙම ජාතික ඇගයීමෙන් නැවත වරක් තහවුරු වේ.
මෙරට තනි රෝහල් සමූහයක් විසින් දිනාගන්නා ලද ඉහළම සම්මාන සංඛ්‍යාව හිමිකර ගනිමින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය තුළ ජාතික මට්ටමේ ප්‍රමුඛයා ලෙස හේමාස් රෝහල් ජාලය සිය අනන්‍යතාව තහවුරු කරගෙන ඇත. වඩාත්ම වැදගත් කරුණ වන්නේ, මෙම සුවිශේෂී ජයග්‍රහණය සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයටම පැහැදිලි ආදර්ශයක් සපයා දීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd