IMG-LOGO

හෝටල් සංගමයේ වාර්ෂික සමුළුව අගමැතිගේ ප්‍රධානත්වයෙන්

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා හෝටල් සංගමයේ වාර්ෂික සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන්තවයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී අද (23) පස්වරුවේ පැවැත්විණි.

එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති ශ්‍රීමත් ටිම් ක්ලාක් මහතා ශ්‍රී ලංකා හෝටල් සංගමයේ වාර්ෂික සමුළුවේ මුඛ්‍ය දේශනය පැවැත්වීය.

විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයට සහ කර්මාන්තයට කරන ලද සුවිශේෂී සේවය අගයමින් සුප්‍රකට ව්‍යාපාරිකයන් සිරිල් ගාඩිනර් සහ රත්න සිවරත්නම් යන මහත්වරුන්ට මෙහිදි විශේෂ ඇගයීම් සම්මාන පිරිනැමුණි.

සිරිල් ගාඩිනර් මහතා වෙනුවෙන් ඔහුගේ පුත් සංජීව් ගාඩිනර් මහතාද රත්න සිවරත්නම් මහතා වෙනුවෙන් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රා මහතා ද එම සම්මාන ලබාගත්හ.

මෙහිදි සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට ද විශේෂ සම්මානයක් පිරිනැමුණු අතර දිනේෂ් වීරක්කොඩි මහතා එම සම්මානය ලබාගත්තේය.

මෙහිදි ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා ද උත්සවය සභාව ඇමතුවේය.

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන්, සංචාරක කර්මාන්තයේ සාමාජිකයන්, පාර්ශවකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 



අදහස් (0)

හෝටල් සංගමයේ වාර්ෂික සමුළුව අගමැතිගේ ප්‍රධානත්වයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site