දළුව නිර්මලපුර ,පුත්තලම , සේතපොළ යන ප‍්‍රදේශ වල අලූතින් ඉදිකළ සුළං බලාගාර තුනකින් මෙගා වොට් 30 ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට ලබන බ‍්‍රහස්පතින්දා (9* සිට එක්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. බලාගාර තුනට පිරිවැය දරා ඇත්තේ නිර්මලපුර වින්ඞ් පවර්,ඬේලි ලයිෆ් රිනි වබල් හා පවර් ජේන් ලංකා යන සමාගම්ය. එක් බලාගාරයකට වැයවී ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 240 ක් පමණ වේ. 2015 වසර වන විට රටේ විදුලි බල අවශ්‍යතාවයෙන් 10% ක ප‍්‍රමාණයක් සුළං, හිරු එළිය හා ජීව වායුව යන ප‍්‍රභවයන්ගෙන් නිපදවා ගන්නා විදුලියෙන් සපුරාගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යංශය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර දූෂණයට කදිම පිළිතුරක්. (නි)
ඉතාමත් වටිනවා
නියමයි. ඔය තියෙන්නේ වැඩ. (නි)
ඉතා හොද අගය කළ යුතු කාර්යයක්. ජය වේවා ශ්‍රී ලංකා! (නි)
කෝටි 240 බලාගාරයකට යන මුදල පියවාගනන් කොපමණ කලක් යාවිද? ඊට පසු තමයි ලාබය... නමුත් ඔපමණ කලක් මේ බලාගාර තියේවිද? නොරොච්චෝලෙ වගේ කරදරයක් වේවිද?(නු)
හැම දෙයක්ම ආරම්භයකින් තමයි පටන් ගන්නේ. අපි මේකට සුභ පතමු. (නි)
හා හා, අපි බලමු 09 මේක වෙයි ද කියලා. මොකද සමහර කාල වලට තෙල් හම්බ වෙනවා වාගේ දෙවලුත් අපිට අහලා පුරුදුයි. කවුද ගණන් ගන්නේ මේවා? හැබෑටම, මම අහන්න හිටියෙ. ඒ වාගේ තව වැඩ ඉවර වෙලාත් නැහැ නේද ?(නි)
හිමාලී, ඔයා අදහස් කරන දේ තේරෙනවා. ඒත් නොරොච්චෝලේ වගේ 10ක් හැදුවොත් අපි ඔක්කෝම අනාතයි. හේතුව නොරොච්චෝලේ කියන්නේත් සුදු අලියෙක්. වාර්ථාවන විදිහට ලොකු මුදලක් යට කරලා, ජපානේ කොන්ත්‍රාත්තුව චීනෙට දීලා ගෙනල්ලා තියෙන්නේ පාවිච්චි කරපු එකක්. දැන් කාලේ චීනෙට ව්‍යාපෘති දෙන්න හුග දෙනෙක් කැමතියි. ඔයාලා දන්නවා ද ? අද ලංකාවේ වැඩිපුරම පාරවල් හදන කොන්ත්‍රාත්තු අරගෙන තියෙන්නේ චීන සමාගම්. ඒවා චීන ණය ආධාර. මේ චීන සමාගම් රු 10 කට ව්‍යාපෘතිය ගත්තානම් රු 5 කට ලංකාවේ සමාගමකට හදන්න දෙනවා. ඇත්තෙන්ම ඒ ගානෙන් හදන්න පුලුවන්. ඉතිරි රු 5 නිරපාරාද ණයක්. අපි මේ ණය එකතුවෙලා ගෙවමු.(නි)
නියමයි නියමයි ඔහොම යං ඔහොම යං..!!(නු)
හැමදේටම විකල්ප සෙවිය යුතුයි.. මගෙත් සුභ පැතුම්....(ස)
අනේ මෙහෙමත් බොරු? ඔය කියන බලාගාර වලින් විදුලිය ගන්න පටන් අරන් දැන් ගොඩාක් කල්. පුත්තලම කළේ 2010. නිර්මලපුර 2011. සෙනොක් 2011. මේ බලාගාර තුනේම ධාරිතාව මෙ.වො. 34ක්. මීට අමතරව නුවරඑළිය මෙ.වො. 1 බැගින් 13ක් පමණ දැනට විදුලිය දෙනවා. ඇයි මේවා දැන් කියන්නේ? (නි)
දැනටමත් ලංකාවේ ඉන්න අපි අතිශය ඉහළ විදුලි බිලක් ගෙවනවා (නි)
නියම හුලං කපොල්ලක් මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය හුලංකනද ප්‍රදේශයේ තියෙනවා. ඔන්න කරන්න පුළුවන්නම්.....(ස)
ගෝපාල්ලා වගේ අයට තමයි ළිං මැඩියෝ කියන්නේ. (නි)
මගේ සුභ පැතුම්! (නි)
අන්තිමට හුළං යයිද? (නි)
කෙරුවට පස්සේ බලමු. කලබල වෙන්න දෙයක් නැහැ. අපි නොදන්න ශ්‍රී ලංකා. (නි)
මේ සියල්ල කියන පරිදිම ඉටුවේවිද? (නි)
විකල්ප ක්‍රම පාවිච්චි කරන එක හොදයි (නි)
ඊළඟට හුළං මදි කියලත් විදුලිය කපයිද දන්නේ නෑ .(ස)
අයියෝ සල්ලී (ස)
දැන් හම්බන්තොට ඒවා වැඩ කරනවද? (නි)
මට මේ යෝජනාව පහළ වුණේ අවුරුදු පහකට පෙරයි (නි)
විදුලි බිල අඩු වෙනවනම් ඇත්තෙන්ම හොඳ විකල්පයක් (ස)
රංජිත්, කරුණාකරලා ලින්ක් එක කියන්න. (නි)
ලංකාවෙ සුළං කපොලු තියෙන පැතිවල මේවා ඉදිකළානම් මීට වඩා ප්‍රතිඵල ගන්න තිබුණා..!!(නු)
මෙම සමාගම් අපට විදුලිය විකුනන්න යන්නේ කීයට ද කියන එකයි ප්‍රශ්නය. ඔය වැඩේ පින්තකා කරපු එකක් නොවෙයිනේ. (අ)
අපිට හුලං වෙන එකක් නැහැ නේද?(නු)
හැම දේකටම අගයක් තියෙනවා බමුණා...!!(නු)
මේක හරියන වැඩක් නම් නොවෙයි. අපරාදේ සල්ලි. (නි)
මම හැමදාම කියන්නේ අපේ මිනිස්සු දකින්නෙම බේසමේ කිඹුල්ලු කියලා. මේකේ ප්‍රතිචාර දමන සහෝදරුනේ, හොඳ දේ අගය කරන්න පුරුදු වෙන්න. නිෂ්පාදනයකට පිරිවැයක් තියෙන්න ඕනේ. හැමදේටම සල්ලි සල්ලි කියන්නේ නැතුව වියදම් කරලා ලබන ප්‍රතිපල ගැනත් හිතන්න. (නි)
තියෙන බලාගාරවලින් දීගන්න බැරුව මොන හුළං බලාගාරද ? මාසේ අන්තිමේ බිල එනකොට දුප්පත් අපිට කොහොමත් හුළං තමයි....(ස)
බාල හුලං හමලා විදුලි නිශ්පාදනය බිද වැටෙයි..!!(නු)
තව ජල විදුලි බලාගාර හදන එක නවත්වන්ඩ. රටේ ජාතික විදුලි බලයෙන් 15% ක්වත් ජල විදුලි බලාගාර වලින් ලැබෙන්නෙ නැත්නම් තවත් ජල විදුලි බලාගාර ඕනි නැහැ. අපිට වඩා ලොකුවට ජල විදුලිය ගන්ඩ පුළුවන් රටවල් තියෙනව ඒත් ඒ අය ස්වාභාවික දේට හානි කරල විදුලිය හොයන්නෙ නැහැ. මොකද ජලය එපමණක්ම වැදගත් නිසා. ඔය බොරු ජල විදුලිය බලාගාර නිසා රටේ කොච්චරනම් දිය ඇලි උල්පත් හිඳිල ඇත්ද. කොච්චර රටේ සල්ලි නාස්ති වෙලා ඇත්ද. ???????????????.(ස)
ඇගයීමට වටිනා බුද්ධිමත් තීරණයක්! ඉන්ධන අනවශ්‍යයි, නඩත්තු වියදම අඩුයි, එකක් කැඩුණත් විශාල බලපෑමක් නැහැ, කිසිදා හීන නොවන ශක්ති විශේෂයක්. ඔබ නිවසටත් මේ ආකාරයෙන් පොඩි සුලං විදුලි ජනන උපකරණයක් ඔබටම තනාගත හැක. නිවසේ ආලෝක අවශ්‍යතාවයෙන් 40%ක් පමණ සපුරාගත හැක. ගූගල් හා යූටියුබ් ඔස්සේ විස්තර ලබාගත හැක. (නි)
සනත් ඉන්දික හරි. (නි)
නියමයි.. විකල්ප බලශක්ති තමයි දැං ලංකාවට ඕන.. ජය වේවා..!!(නු)
විදුලි බිලේ සංශෝධනයක් එහෙම කරන්න අදහසක් නැද්ද? (නි)
හොද වැඩක්
වැඩක් නැහැ. මොක ආවත් බිල ඒ වගේමයි (දී)
සනත් ඉන්දික මහත්තයා හරි. (නි)
මේකත් නොරොච්චෝලෙ වගේ සුදු අලියෙක් වෙයිද දන්නෙ නැහැ..!!(නු)
බලදාරින්ගේ අවධානය පිණිසයි !! හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ එක සුළං පෙති කුළුණක් අක්‍රිය වෙලා දැනට වසර දෙකයි.මේක අදාල නිලධාරීන් දන්නවාද? (නි)
මෙගා වොට් 30ද කිලෝ වොට් 30 ද? නොරොච්චෝලෙන් දෙන්නෙත් මෙගා වොට් 300 නේද? නරකද මේ වගේ ව්‍යාපෘති 10ක් කළොත්....??(නු)
අන්තිමට කියයි මේකට ඉන්දියන් සාගරයෙන් එන සුළං ගන්න එපා කියලා. (නි)
වැඩේ නම් හොදයි. ඒත් දැන් ලංකායේ සංවර්ධනය ජනතාවට ශාපයක් වෙලයි තියෙන්නේ. (නි)
ගරු පාඨලී චම්පික ඇමතිතුමනි, ඔබගේ අවධනයටයි. අපේ බල ශක්තියට රටේ අපතේ යන මුහුද රළ, අකුණු සැරත් ගන්න පුළුවන් නම කොතරම් අගනේද? මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය හුළංකන්ද ප්‍රදේශයේ පැය 24 ම නොකඩවා සැලකිය යුතු හුළං ප්‍රවාහයක් තියෙන නිසා ඒ වගේ පැත්තකට සුළං විදුලිය නිපදවීමට හැකි නම් ඉතා විශාල විදුලියක් උත්පාදනය කළ හැකිය. මෙය සත්‍ය තත්ත්වයකි. හැකිනම් මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන්න. (නි)