IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


සුළං විදුලියත් එයි

දළුව නිර්මලපුර ,පුත්තලම , සේතපොළ යන ප‍්‍රදේශ වල අලූතින් ඉදිකළ සුළං බලාගාර තුනකින් මෙගා වොට් 30 ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට ලබන බ‍්‍රහස්පතින්දා (9* සිට එක්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. බලාගාර තුනට පිරිවැය දරා ඇත්තේ නිර්මලපුර වින්ඞ් පවර්,ඬේලි ලයිෆ් රිනි වබල් හා පවර් ජේන් ලංකා යන සමාගම්ය. එක් බලාගාරයකට වැයවී ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 240 ක් පමණ වේ. 2015 වසර වන විට රටේ විදුලි බල අවශ්‍යතාවයෙන් 10% ක ප‍්‍රමාණයක් සුළං, හිරු එළිය හා ජීව වායුව යන ප‍්‍රභවයන්ගෙන් නිපදවා ගන්නා විදුලියෙන් සපුරාගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යංශය කියයි.



අදහස් (0)

සුළං විදුලියත් එයි

උපුල් Sunday, 12 August 2012 07:16 PM

සනත් ඉන්දික හරි. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 17 August 2012 04:05 PM

බලදාරින්ගේ අවධානය පිණිසයි !! හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ එක සුළං පෙති කුළුණක් අක්‍රිය වෙලා දැනට වසර දෙකයි.මේක අදාල නිලධාරීන් දන්නවාද? (නි)

:       0       0

උපුල් Sunday, 12 August 2012 07:15 PM

රංජිත්, කරුණාකරලා ලින්ක් එක කියන්න. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 07 August 2012 10:10 PM

අපිට හුලං වෙන එකක් නැහැ නේද?(නු)

:       0       0

එරික් Tuesday, 07 August 2012 10:13 PM

හැම දේකටම අගයක් තියෙනවා බමුණා...!!(නු)

:       0       0

සුනිල් Saturday, 18 August 2012 10:24 PM

අන්තිමට කියයි මේකට ඉන්දියන් සාගරයෙන් එන සුළං ගන්න එපා කියලා. (නි)

:       0       0

බුද්ධික මහේෂ් Tuesday, 07 August 2012 02:33 PM

නියමයි.. විකල්ප බලශක්ති තමයි දැං ලංකාවට ඕන.. ජය වේවා..!!(නු)

:       0       0

වරුණ Thursday, 09 August 2012 08:42 AM

තියෙන බලාගාරවලින් දීගන්න බැරුව මොන හුළං බලාගාරද ? මාසේ අන්තිමේ බිල එනකොට දුප්පත් අපිට කොහොමත් හුළං තමයි....(ස)

:       0       0

ආසිරි - නෙළුව Thursday, 23 August 2012 01:37 PM

ගරු පාඨලී චම්පික ඇමතිතුමනි, ඔබගේ අවධනයටයි. අපේ බල ශක්තියට රටේ අපතේ යන මුහුද රළ, අකුණු සැරත් ගන්න පුළුවන් නම කොතරම් අගනේද? මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය හුළංකන්ද ප්‍රදේශයේ පැය 24 ම නොකඩවා සැලකිය යුතු හුළං ප්‍රවාහයක් තියෙන නිසා ඒ වගේ පැත්තකට සුළං විදුලිය නිපදවීමට හැකි නම් ඉතා විශාල විදුලියක් උත්පාදනය කළ හැකිය. මෙය සත්‍ය තත්ත්වයකි. හැකිනම් මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන්න. (නි)

:       0       2

ක්‍රිෂ්ණා Saturday, 15 September 2012 01:53 PM

ඊළඟට හුළං මදි කියලත් විදුලිය කපයිද දන්නේ නෑ .(ස)

:       0       0

ආසිරි Thursday, 23 August 2012 01:48 PM

නියම හුලං කපොල්ලක් මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය හුලංකනද ප්‍රදේශයේ තියෙනවා. ඔන්න කරන්න පුළුවන්නම්.....(ස)

:       2       1

අචිනි Tuesday, 04 September 2012 04:09 PM

හැමදේටම විකල්ප සෙවිය යුතුයි.. මගෙත් සුභ පැතුම්....(ස)

:       1       0

ජයසිරි Monday, 10 September 2012 07:34 AM

අන්තිමට හුළං යයිද? (නි)

:       1       0

රංජිත් Monday, 13 August 2012 10:35 AM

හොද වැඩක්

:       1       0

රොෂාන් Saturday, 25 August 2012 05:25 PM

ඉතාමත් වටිනවා

:       0       0

අමිල Tuesday, 14 August 2012 01:36 PM

සනත් ඉන්දික මහත්තයා හරි. (නි)

:       0       0

හිමාල් Saturday, 18 August 2012 10:42 AM

මෙගා වොට් 30ද කිලෝ වොට් 30 ද? නොරොච්චෝලෙන් දෙන්නෙත් මෙගා වොට් 300 නේද? නරකද මේ වගේ ව්‍යාපෘති 10ක් කළොත්....??(නු)

:       0       0

දුමින්ද Tuesday, 21 August 2012 02:09 AM

වැඩේ නම් හොදයි. ඒත් දැන් ලංකායේ සංවර්ධනය ජනතාවට ශාපයක් වෙලයි තියෙන්නේ. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Monday, 03 September 2012 04:28 PM

හා හා, අපි බලමු 09 මේක වෙයි ද කියලා. මොකද සමහර කාල වලට තෙල් හම්බ වෙනවා වාගේ දෙවලුත් අපිට අහලා පුරුදුයි. කවුද ගණන් ගන්නේ මේවා? හැබෑටම, මම අහන්න හිටියෙ. ඒ වාගේ තව වැඩ ඉවර වෙලාත් නැහැ නේද ?(නි)

:       0       0

පුෂ්පෙ Friday, 10 August 2012 10:09 AM

තව ජල විදුලි බලාගාර හදන එක නවත්වන්ඩ. රටේ ජාතික විදුලි බලයෙන් 15% ක්වත් ජල විදුලි බලාගාර වලින් ලැබෙන්නෙ නැත්නම් තවත් ජල විදුලි බලාගාර ඕනි නැහැ. අපිට වඩා ලොකුවට ජල විදුලිය ගන්ඩ පුළුවන් රටවල් තියෙනව ඒත් ඒ අය ස්වාභාවික දේට හානි කරල විදුලිය හොයන්නෙ නැහැ. මොකද ජලය එපමණක්ම වැදගත් නිසා. ඔය බොරු ජල විදුලිය බලාගාර නිසා රටේ කොච්චරනම් දිය ඇලි උල්පත් හිඳිල ඇත්ද. කොච්චර රටේ සල්ලි නාස්ති වෙලා ඇත්ද. ???????????????.(ස)

:       0       0

නිර්මාල Monday, 03 September 2012 04:43 PM

හිමාලී, ඔයා අදහස් කරන දේ තේරෙනවා. ඒත් නොරොච්චෝලේ වගේ 10ක් හැදුවොත් අපි ඔක්කෝම අනාතයි. හේතුව නොරොච්චෝලේ කියන්නේත් සුදු අලියෙක්. වාර්ථාවන විදිහට ලොකු මුදලක් යට කරලා, ජපානේ කොන්ත්‍රාත්තුව චීනෙට දීලා ගෙනල්ලා තියෙන්නේ පාවිච්චි කරපු එකක්. දැන් කාලේ චීනෙට ව්‍යාපෘති දෙන්න හුග දෙනෙක් කැමතියි. ඔයාලා දන්නවා ද ? අද ලංකාවේ වැඩිපුරම පාරවල් හදන කොන්ත්‍රාත්තු අරගෙන තියෙන්නේ චීන සමාගම්. ඒවා චීන ණය ආධාර. මේ චීන සමාගම් රු 10 කට ව්‍යාපෘතිය ගත්තානම් රු 5 කට ලංකාවේ සමාගමකට හදන්න දෙනවා. ඇත්තෙන්ම ඒ ගානෙන් හදන්න පුලුවන්. ඉතිරි රු 5 නිරපාරාද ණයක්. අපි මේ ණය එකතුවෙලා ගෙවමු.(නි)

:       0       0

ටෑම් Monday, 10 September 2012 09:12 PM

විකල්ප ක්‍රම පාවිච්චි කරන එක හොදයි (නි)

:       0       0

මලින්ද Sunday, 02 September 2012 07:04 PM

හැම දෙයක්ම ආරම්භයකින් තමයි පටන් ගන්නේ. අපි මේකට සුභ පතමු. (නි)

:       0       0

නදුන් Monday, 13 August 2012 12:15 PM

වැඩක් නැහැ. මොක ආවත් බිල ඒ වගේමයි (දී)

:       0       0

ගාමිණි Monday, 10 September 2012 03:01 PM

මේ සියල්ල කියන පරිදිම ඉටුවේවිද? (නි)

:       0       0

සිසිර කුමාර Tuesday, 07 August 2012 04:12 PM

ලංකාවෙ සුළං කපොලු තියෙන පැතිවල මේවා ඉදිකළානම් මීට වඩා ප්‍රතිඵල ගන්න තිබුණා..!!(නු)

:       0       0

ආනන්ද Thursday, 27 September 2012 06:26 PM

දැන් හම්බන්තොට ඒවා වැඩ කරනවද? (නි)

:       0       0

අශෝක පෙරේරා Tuesday, 04 September 2012 11:35 AM

නියමයි නියමයි ඔහොම යං ඔහොම යං..!!(නු)

:       0       0

ගෝපාල් Wednesday, 08 August 2012 05:30 PM

මේක හරියන වැඩක් නම් නොවෙයි. අපරාදේ සල්ලි. (නි)

:       0       0

කුමාර Thursday, 09 August 2012 12:24 PM

බාල හුලං හමලා විදුලි නිශ්පාදනය බිද වැටෙයි..!!(නු)

:       0       0

බර්ටි Friday, 17 August 2012 12:56 AM

මේකත් නොරොච්චෝලෙ වගේ සුදු අලියෙක් වෙයිද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

සිල්වා Friday, 07 September 2012 01:09 AM

පරිසර දූෂණයට කදිම පිළිතුරක්. (නි)

:       0       0

බණ්ඩාර Friday, 28 September 2012 08:36 PM

මට මේ යෝජනාව පහළ වුණේ අවුරුදු පහකට පෙරයි (නි)

:       0       0

සිල්වා Friday, 07 September 2012 01:22 AM

ගෝපාල්ලා වගේ අයට තමයි ළිං මැඩියෝ කියන්නේ. (නි)

:       0       0

විකසිත Thursday, 06 September 2012 11:27 AM

දැනටමත් ලංකාවේ ඉන්න අපි අතිශය ඉහළ විදුලි බිලක් ගෙවනවා (නි)

:       0       0

රජිත Monday, 27 August 2012 03:04 PM

ඉතා හොද අගය කළ යුතු කාර්යයක්. ජය වේවා ශ්‍රී ලංකා! (නි)

:       0       0

රංජිත් Friday, 10 August 2012 01:25 PM

ඇගයීමට වටිනා බුද්ධිමත් තීරණයක්! ඉන්ධන අනවශ්‍යයි, නඩත්තු වියදම අඩුයි, එකක් කැඩුණත් විශාල බලපෑමක් නැහැ, කිසිදා හීන නොවන ශක්ති විශේෂයක්. ඔබ නිවසටත් මේ ආකාරයෙන් ‍පොඩි සුලං විදුලි ජනන උපකරණයක් ඔබටම තනාගත හැක. නිවසේ ආලෝක අවශ්‍යතාවයෙන් 40%ක් පමණ සපුරාගත හැක. ගූගල් හා යූටියුබ් ඔස්සේ විස්තර ලබාගත හැක. (නි)

:       0       0

ජනක Wednesday, 05 September 2012 05:02 PM

අනේ මෙහෙ‍මත් බොරු? ඔය කියන බලාගාර වලින් විදුලිය ගන්න පටන් අරන් දැන් ගොඩාක් කල්. පුත්තලම කළේ 2010. නිර්මලපුර 2011. සෙනොක් 2011. මේ බලාගාර තුනේම ධාරිතාව මෙ.වො. 34ක්. මීට අමතරව නුවරඑළිය මෙ.වො. 1 බැගින් 13ක් පමණ දැනට විදුලිය දෙනවා. ඇයි මේවා දැන් කියන්නේ? (නි)

:       0       0

සරෝජ් Friday, 07 September 2012 06:47 AM

මගේ සුභ පැතුම්! (නි)

:       0       0

මනෝහරන් Monday, 10 September 2012 11:47 AM

කෙරුවට පස්සේ බලමු. කලබල වෙන්න දෙයක් නැහැ. අපි නොදන්න ශ්‍රී ලංකා. (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 13 August 2012 07:00 AM

විදුලි බිලේ සංශෝධනයක් එහෙම කරන්න අදහසක් නැද්ද? (නි)

:       0       0

පාලිත වීරතුංග Saturday, 01 September 2012 10:33 PM

කෝටි 240 බලාගාරයකට යන මුදල පියවාගනන් කොපමණ කලක් යාවිද? ඊට පසු තමයි ලාබය... නමුත් ඔපමණ කලක් මේ බලාගාර තියේවිද? නොරොච්චෝලෙ වගේ කරදරයක් වේවිද?(නු)

:       0       0

සනත් ඉන්දිකා ඉතාලිය Thursday, 09 August 2012 04:07 AM

මම හැමදාම කියන්නේ අපේ මිනිස්සු දකින්නෙම බේසමේ කිඹුල්ලු කියලා. මේකේ ප්‍රතිචාර දමන සහෝදරුනේ, හොඳ දේ අගය කරන්න පුරුදු වෙන්න. නිෂ්පාදනයකට පිරිවැයක් තියෙන්න ඕනේ. හැමදේටම සල්ලි සල්ලි කියන්නේ නැතුව වියදම් කරලා ලබන ප්‍රතිපල ගැනත් හිතන්න. (නි)

:       0       0

ප්‍රේමදාස Tuesday, 25 September 2012 04:17 PM

අයියෝ සල්ලී (ස)

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 11:51 AM

විදුලි බිල අඩු වෙනවනම් ඇත්තෙන්ම හොඳ විකල්පයක් (ස)

:       0       0

බණ්ඩාර Monday, 27 August 2012 10:50 AM

නියමයි. ඔය තියෙන්නේ වැඩ. (නි)

:       0       0

bamuna Tuesday, 07 August 2012 07:57 PM

මෙම සමාගම් අපට විදුලිය විකුනන්න යන්නේ කීයට ද කියන එකයි ප්‍රශ්නය. ඔය වැඩේ පින්තකා කරපු එකක් නොවෙයිනේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්
2024 මැයි මස 14 601 0

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැව


හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 323 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 241 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 145 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 268 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 56 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 805 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2357 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site