කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


සරුසවි ‘පොකුරු ගම්මාන ආරම්භ කිරීම පිළිබඳව විශේෂ වැඩසටහනක් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ඒ. ජනහිත මහතාගේ ප්‍රධානත්වයෙන් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 

දේශීය කෘෂිකර්මය නංවාලීමට ගම් මට්ටමින් නිෂ්පාදන ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මේ වැඩසටහන පිළිබඳව පැවැති දැනුම්වත් කිරීමේ අවස්ථාවට බෙන්තොට ප්‍රාදේශීය සභා සභාපති ප්‍රේමකුමාර විජේවර්ධන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන ප්‍රදීප කොඩිතුවක්කු, පුණ්‍ය ශ්‍රීලාල් යන මහත්වරුන් සහ දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරිය, ප්‍රජා සංවර්ධන සභා සභාපතිවරු, රන්තොටුවිල, මාලවල, ඉහළ මාලවල මොරගොඩ යන වසම්වල රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.