ශ්රී ලංකාවේ සුන්දරතම තරුණිය රූ රැජිනක ලෙස කිරුළු පළඳන ‘‘සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ‐ 2016’’ රූ රැජින අවසන් තරගය දෙසැම්බර් මාසයේ දී කොළඹදී පැවැත්වීමට යයි.
තරගය පැවැත්වෙනුයේ හතරවැනි වතාවටය. සංගීතා වීරරත්න, ෂෙරීන් කුමාරතුංග සහ ධනංජය බණ්ඩාර ප‍්‍රමුඛ ‘‘ ද මොඩල් ෂොප් ’’ , වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය හා විජය පුවත්පත් සමාගම මෙහි සම සංවිධායකත්වය දරයි.
‘‘සියත මිස් වර්ල්ඞ් ශ්‍රී ලංකා ‐ 2016 ’’ රූ රැජින තරගය ඉකුත් 4 වැනි දා නිල වශයෙන් කොළඹ කිංස්බරි හෝටලයේදී ඇරඹිණි.
රූ රැජින තරගය සඳහා තෝරා ගෙන සිටින අවසන් තරඟකාරියන් 15 දෙනා සහභාගී වන මූලික තරග වට ඉදිරි දිනවලදී කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප‍්‍රදේශවල දී පැවැත්වෙන බවත් මින් ජයග‍්‍රහණය කරන සුරූපිණිය මේ වසරේ පැවැත්වෙන ලෝක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කිරිමට සුදුසුකම් ලබන බවත් සංවිධායකයෝ කියති.
‘‘වර්තමානයේ රූ රැජිනක් වීමට ලස්සන විතරක් මදියි. සුරූපී බව හා මුසුවූ පෞරුෂත්වය ඇතුළු වෙනත් විවිධ පරාසයන් යටතේ මෙවර සියත මිස වර්ල්ඩ් ශ්‍රී ලංකා රූ රැජින තරගාවලියේ අවසන් තරඟකාරියන් 15 දෙනා තෝරා ගැනීම සිදු කෙරුණා. ඔවුන් සියලූ දෙනාම දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් පැමිණි විවිධ දක්ෂතාවයන් ඇති තරුණියන්. මෙම තරුණියන් අතරින් දක්ෂතම තරගකාරිය තෝරා ගැනීම සඳහා කාය කාන්තිය,ඡායා කාන්තිය,හොඳම නිරූපිකාව,හොඳම නර්තන ශිල්පිනිය ඇතුළු ඔවුන්ගේ විවිධ දක්ෂතා එප්නංවන මුලික තරග වට කිහිපයක්ම පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා යැයි සංගීතා වීරරත්න මහ ද පැවසුවාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මෙහෙමත් සුරූපිනියෝ! (නි)
අප මේ සුරූපිනියන් කියා සිතන ඉන්දියානු නිළියන්ගේ සැබෑ ස්වරූපය දැකගන්න අන්තර්ජාලට පිවිස, යන්න “without makeup indian actresses“ පිටුවට. එවිට දැකීමට පුළුවන් නිළියන්ගේ සැබෑ ස්වරූපය මොකද්ද කියා. (නි)
නිශාන්ත හේවගේ මහත්තයා ආචාර්ය පට්ටම ගහගත්තාට ලෙඩේට නියම බෙහෙත කරගෙන නැතුවා වගෙයි. (නි)
සමහර හාමුදුරුවරු බන කියනවා ජාතිය වැඩි කර ගන්න පුළුවන් තරම් දරුවෝ හදන්න කියලා. ඉතින් මිනිස්සුන් කාමුක හැගීම් පහල කර ගත්තේ නැත්නම් කොහොමද ඒක කරන්නේ. නිශාන්ත හේවගේ මහත්තය ආචාර්ය පට්ටම ගහ ගත්තට ලෙඩේට නියම බෙහෙත කරගෙන නැතිව වගෙයි. (බ)
අපේ අය ඉතින් මොනදේකද අඩුපාඩුවක් නොදකින්නේ? (නි)
මෙයාලද රූ රැජිණියෝ? (නි)
සමහරු කාන්තාවන්ගේ නම් වලින් අදහස් දාන බව මට පෙනෙනවා (නි)
ඉන්ද්‍රානිට කියන්න අවශ්‍ය දේ මට මෙතන ලියන්න අමාරුයි (නි)
රූපය දිරයි නාමය නොදිරයි. අප හැමගේ කුණු කය පොළවට පස්වෙයි. කුමටද කුණු කය අළෙවියට තබන්නේ? කුණුකයෙන් සතුටට පත්වෙන අය කවුද? කුණුකය හොඳයි සොහොන් පුරවන්න නම්. (නි)
අපි මේවට මොකුත් කිවුවා කියලා මොනවා කරන්නද? (නි)
රූපය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා කරපු දේශනා නොපිළිගන්නා අතිපණ්ඩිත මැට්ටන් ඉන්නා රටක කාමය මේතරම් බහුලව උත්සන්නව ස්ත්‍රී දූෂණ, බාල අපචාර, ලිංගික අතවර බහුලවීම මෙරට තුළ මට පුදුමයක් නොවේ. (නි)
මේ තමයි විනිසුරුවෝ. අයදුම්කාරියෝ තාම නැහැ. (නි)
නිශාන්ත හේවගේ ගොයියෝ, කුහක සිතින් අන් සැපතට ඉරිසියා නොකරන්න. (බ)
නිශාන්ත හේවගේ, කුහක සිතින් අන් සැපතට ඊර්ෂ්‍යා නොකරන්න. (නි)
දක්ෂ සුන්දර යුවතියන් අන්තතවත් ගම් වල ඉන්නවා.ඒ යුවතියන්ට මේකප් ඕනෑත් නැහැ. ඒ වගේම පුදුම දක්ෂකම් තියෙන්නේ. මුදලමට යටවුණ සමාජෙක මොන කතාද? (නි)
කාන්තාවකගේ ලස්සන අගය කරන්න ඕනෑ. නමුත් මේක සුදුසුම ක්‍රමය නොවේ. තමුන්ගේ ලස්සනෙන් අයුතු ප්‍රයෝජන ගන්න කාන්තාවන්ට ඒ ලස්සන හිමිවන්නේ මේ ආත්මයේදීම පමණි. (නි)
අද වනවිට අතිශය තරඟකාරී බවක් උසුලන ලෝක රූ රැජිණ, විශ්ව රූ රැජිණ යන තරඟ වලදී යුවතියන්ගේ රූසපුව පමණක් නොව විවිධ හැකියාවන්, පෞරුෂය, ඉදිරිපත් කිරීම, නිර්මාණශීලීත්වය මෙන්ම බුද්ධිමත් බවද සැළකිල්ලට ගන්නා බව මේවා ඉඳහිට හෝ බලන අයට පෙනෙනවා. පසුගිය කාලයේදී මේ තරඟවල ජයග්‍රාහිකාවන් සමඟ අපේ අය සන්සන්දනය කර බැලූවිට අපේ යුවතියන්ට මේ කිසිම පැත්තකින් ජාත්‍යන්තර තලයට කිට්ටුවීමටවත් නොහැකි වී ඇති බව පෙනෙනවා. මෙරටින් සුදුසු කෙනෙක් තෝරා ගැනීමට නොහැකි නම්, ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව හෑල්ලු නොකර මෙම තරග දේශීය මට්ටමින් එහාට ගෙන නොයනවා නම් හොඳයි (නි)
ඇයි මේ අය මෙතරම් කය රූපය ගැන විවේචනය කරන්නේ.(ම)
මෙහි කමනි දක්වා ඇති ප්‍රතිචාරය හුඟක්ම බුද්ධිමත්. අපි ඇයි සිරුර පමණක් හුවා දක්වන්නේ කියන එක ඇය බොහෝම පැහැදිලිව කියලා තියෙනවා. මමත් හිතන්නේ යමෙකුගේ මානසික පෞරුෂය ද සමබරව යම්කිසි ආකාරයකින් ඇගයුමට ලක් කරන්න පුලුවන් නම් තමයි අපිට පුද්ගලයෙකුගේ නිවැරදි වටිනාකම පිළිබඳව නිසි වටිනාකම තක්සේරු කරන්න පුලුවන් වෙන්නේ. එහෙම නැතුව කරන්නන් වාගේ නිකම්ම ගෑනුන්ගේ කුණු කය ලාබ මිලට වෙන්දේසි කර කර සලෙලුන්ගේ මානසික සංතර්පණය සඳහාම කටයුතු කරලා අපිට කවදාවත් ජාත්‍යන්තර මට්ටමට යන්න හීනෙන් වත් හම්බ වෙන්නේ නැහැ. (බ)
කෙනෙකුගේ හිත කියන්නේ හැඟීම් දැනීම් පහළවෙන තැන. ඒක කොතැනද තියෙන්නේ කියලා විද්‍යාවෙන් තවම හොයාගෙන නැහැ. (නි)
ජානක පෙරේරා හරි. මේ කට්ටිය මේකප් එක්ක මෙහෙම නම්, මේකප් නැතුව කොහොම ඇද්ද? ලස්සන කියන වචනයේ අර්ථය, සමහරු දන්නේ නැති පාටයි (නි)
එ්කම තමයි මාත් හිතුවේ ජානක, කෝ දැන් මේ සුරූපිනියෝ කියලා. මට තේරෙන විදිහට එයාලා තවම තිරය පිටුපස, මේ ඉන්නේ සංවිධායක මණ්ඩලය... (නි)
අම්මෝ මේ වගේ ලස්සන කෙල්ලෝ! (නි)
සුරූපී බව හා ලස්සන තෝරන්න ඕනෑ මේකප් නැතුව (නි)
පවුල් පසුබිම සහ මුදල් අනුව තමා තේරෙන්නේ(කෞ)
කෙනෙකුගේ සිරුරේ ලස්සන හෝ බාහිර හැඩය නොව බැලිය යුත්තේ ඒ පුද්ගලයා කොයි තරම් හිත ලස්සන පුද්ගලයෙකුද යන්නයි. නමුත් අද හැම දේකටම භෞතිකත්වය මුල් කරගෙන කටයුතු කරනවා. ලස්සන මනින්න තියෙන හොඳම මිම්ම රාග, ද්වේෂ හා මෝහ අකුසල් මුල් යටපත් කරගෙන කටයුතු කිරීමේ හැකියාව කොයි තරම් දුරට යම් පුද්ගලයෙකුගේ තියෙනවාදැයි කියලා බලන එක මිසක මේ විදිහට විලාසිතා පෙන්වන අඩ නිරුවත් හුවා දක්වන බොරුවට බාහිර හැඩය හුවා දක්වන දේවල් වලට මිනිස්සුන්ගේ ගැහැණුන්ගේ අවධානය යොමු කර නොගැනීම කියලයි මට නම් හිතෙන්නේ. (බ)
සුජිත් නිශාන්ත හේවගේ මහත්තයෝ, ඔය කියන එක (හිත) බලන්න. ඒක තියන තැන කොහෙද කියන්න ? අපිට මෙහේ බැරිනම් සිංගප්පුරු ගෙනියලවත් බලා ගන්න තරගය තියන්න ඉස්සර වෙලා. නැත්නම් බලන කරමේ වත් කියල දෙන්න. රාග, ද්වේෂ හා මෝහ තියන නිසා තමයි අපි තරග තියන්නේ නැත්නම් තරගයක් නැහැනේ (බ)
ඇට මස් ආදි දෙතිස් කුණප කොට්ඨාශ 32 කින් සමන්විත වූ මේ කුණු කය පිටතින් සිත්තම් කළ ඇතුලත අසූචි පිරවූ බඳුනක් හා සමාන කරලා අපේ සම්බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව ආදී සතර සතිපට්ඨාන ධම්මයන් භාවිතා කරලා විපස්සනා භාවනා කරලා සතිය හා ප්‍රඥාව උපදවා ගත්තු කෙනෙකුට අවශ්‍ය නම් කාමරාග හා පටිඝ සංයෝජන ප්‍රහාණය කළ උතුම් අනාගාමී මග්ග ඵල සමාපත්තියට සමවැදිය හැකියි. මනුෂ්‍ය ලෝකය තුළ එසේ කළ හැකි ගිහි හා පැවිදි උතුමෝ අදත් වැඩ සිටිති. මරණින් පසුව එබඳු උතුමෝ පංච ශුද්ධාවාසයට අයත් බ්‍රහ්ම ලෝකවල මරණින් පසුව යළි උප්පත්තිය ලබති. එම බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයෝ කාමරාග හා පටිඝ සංයෝජන ප්‍රහාණය කර ඇති බැවින් අලිංගික සත්වයෝ වෙති. ඔවුන්ට ස්ත්‍රී පුරුෂ ආදී මනුෂ්‍ය ලෝකයේ විද්‍යමාන ලිංගික භේදයක් නොවේ. ඔවුහු ගස්ගල් වැනි ද්‍රව්‍යාත්මක දේ මෙන් නමුදු අලිංගික සත්වයෝ වෙති. දැන් දැන් භෞතිකවාදී දෘෂ්ටි කර පින්නාගත් සිරුරුම කාම ආශ්වාදයම හුවා දක්වන දුශ්ලීල කාමුක සල්ලාල ස්ත්‍රී පුරුෂයන් මේ ලෝකයෙහි බහුලව දක්නට ලැබේ. ඔවුන්ට නියම බුදු දහම පෙන්වා දීම හාස්‍යයට කරුණක් බව අපි දනිමු. නමුත් ඔවුන්ට වියපත්වීම හදිසි රෝගාබාධ වැළඳීම බඳු අවස්ථාවලදී දුකට පත් වීමට සිදු වේ. එවන් මෝඩ පුහුදුන් මිනිසුන් බහුලවීම නූතනයේ විද්‍යමාන කාම අපරාධ රැල්ල වඩාත් දැඩිව වැඩීමට ද හේතුවකි. ස්ත්‍රීයක දෙස බැලිය යුතු වන්නේ දියණියක, සොයුරියක, මවක, මිත්තණියක, මිතුරියක ආදී රාගය කාමාශාව ඇති නොවන පරිදේදෙන් බව බුදුරදුන් දේශනා කොට තිබේ. එබඳු දහම් දිවයිනක වෙසෙන සමාජයක කුණු කයෙහි නොමැති ලස්සනයක් හුවා දක්වන මෙවැනි රූප රැජිනි තරඟ සංවිධානය නොකළ යුතු අතිශයින්ම නොමනා කටයුත්තක් බව දක්වනු කැමැත්‍තෙමු.අනෙක කෙනෙකුගේ බාහිර ඔපයට වඩා අගය කළ යුත්තේ ඒ පුද්ගලයාගේ ආකල්ප, දැනුම, ගතිගුණ ආදී මානසික සාධකයි. මනසක් නොමැති සිරුරෙන් පමණක් ජීවත්වන සුනඛයන් වැනි කාමුක සල්ලාලය්ට මොන බුදු බණද? බල්ලන්ට මොන සෞඛ්‍යයද කියලා කියනවානේ. ඌරන් ඉදිරිවෙටිනා ගජමුතු බිම නොදමන්න එවිට උන් ඒවා පයින් පාගා මුතු දැමූ අයට පා පහර දෙති කියලා බයිබලයේත් තියනවානේ. නුගත් පහත් කාමුක සල්ලාලයන්ට අවශ්‍ය සිරුර පිනවීමේ ක්‍රම මිස කාමයෙහි ආදීනව දැකීම නොවේ. මන්ද කාමයෙහි ආදීනව දැකීමට ධර්මය පිළිබඳව උගත්කම ද සිහිය, නුවණ හා ප්‍රඥාව අවශ්‍ය බැවිනි. (අ)
අයියෝ ලංකාවේ ඉන්න ලස්සනම කෙල්ලෝ ටිකද මේ. කවුද මෙයාල තෝරපු විනිශ්චයකාරයෝ. එයාලට කන්නාඩි අරන් දෙන්න (බ)
අද කාලේ ඉතින් රූප සුන්දරියන් තෝරන්නේ අතීතයේ විදිහට නෙමෙයිනේ (නි)
කොච්චර කළත් ඔච්චර තමයි (නි)
නිශාන්ත හේවගේගේ මොළේ ටිකක් පරීක්ෂා කරගත්තොත් හොඳයි නේද? (නි)
සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ කතාවට මමද එකඟවෙමි (නි)
රූපය දිරා යයි. නාමය නොදිරයි. හැම වෙලාවේදීම රූපයම පමණක් හොඳ යැයි සැළකීමෙන් වැළකීම උතුම්ය. නූතනයේදී දිරායන රූපය වෙනුවෙන් මෙවැනි දෑ සංවිධානය කිරීම මම අනුමත නොකරමි (නි)
මෙහි නම වෙනස් කළයුතුයි, එක්කෝ මුහුණු සුන්දරියෝ හෝ නැත්නම් ලස්සනම ඇඳුම ලෙස. එහෙමත්ම නැත්නම් හොඳම මේකප් එක ලෙස (නි)
බටහිර රටවල් මේවා ගැන හිතන්නත් පෙර, රජකාලේ ජනපද කළ්‍යාණිය කියා සුරූපිනියක් තේරුවා. ඇයට බොහෝ ගෙෳරව ලැබුණු අතර ඉඩකඩම් සහ බොහෝ වස්තුව තෑගි බෝග වශයෙන් ලැබුණා. (නි)
ඔය මොනවත් ගාන්නේ නැතුව මීටවැඩිය ලස්සන ගැහැණු ළමයි අනන්තවත් ඉන්නවා. (නි)