
සියැට් කැලණි සමාගමේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ දීර්ඝකාලීන සේවා සම්මානලාභීන් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග.
ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන සියැට් හි නිෂ්පාදකයා මෙන්ම මෙරට වායුමය ටයර් අවශ්‍යතාවෙන් අඩක් නිෂ්පාදනය කරන සියැට් කැලණි හෝල්ඩිංග්ස් සිය 2026 වසරේ දීර්ඝකාලීන සේවා සම්මාන සහ විශිෂ්ට සේවක සම්මාන උළෙලේදී සේවකයන්ගේ විශ්වාසවන්තභාවය හා විශිෂ්ටත්වය ඇගැයීමට ලක් කරමින් සේවකයන් ප්‍රමුඛ කරගත් ආයතන සංස්කෘතිය පිළිබඳ තම කැපවීම යළිත් තහවුරු කර ඇත.
සමාගම සමග වසර 5ක සේවා කාලය සම්පූර්ණ කළ සේවකයන් 25 දෙනකු, වසර 10ක සේවා කාලයට ළඟා වූ සේවකයන් 19 දෙනකු සහ වසර 25ක විශිෂ්ට සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයන් 32 දෙනකු ඇතුළුව සේවකයන් 76 දෙනකු මෙහිදී ඇගයීමට ලක් කෙරිණි. වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කරමින් සම්මානයට පාත්‍ර වූ සේවක සංඛ්‍යාවෙන් ආයතනය කෙරෙහි සේවකයන් සතු ගැඹුරු විශ්වාසවන්තභාවය සහ දීර්ඝකාලීන කැපවීම මනාව පිළිබිඹු කරයි.
සමස්ත සේවක පිරිසෙන් සියයට 20කට ආසන්න පිරිසක් වසර 15කට වැඩි කාලයක් සේවය කර ඇති අතර කර්මාන්ත ක්ෂේත්‍රයේ සාමාන්‍ය ප්‍රමිති ඉක්මවා යන මෙම සේවක රඳවා තබාගැනීමේ අනුපාතය දක්ෂ මානව සම්පත් ආකර්ෂණය කර ගැනීමට, ඔවුන් සම්බන්ධ කර තබා ගැනීමට සහ දීර්ඝකාලීනව රඳවා තබා ගැනීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සතු හැකියාව පිළිබිඹු කරයි.
මෙම උත්සවයේදී දෙපාර්තමේන්තු 13ක් නියෝජනය කරමින් විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ සේවකයන් 14 දෙනකු සම්මානයට පාත්‍ර කරමින් මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට කාර්යසාධනයක්, නවෝත්පාදන හැකියාවක්, කැපවීමක් සහ ව්‍යාපාරික සාර්ථකත්වයට සුවිශේෂ දායකත්වයක් ලබාදුන් පුද්ගලයන් ද ඇගයීමට ලක් කෙරිණි.
මෙම සම්මාන මගින් විවිධ අංශ ආවරණය කරමින් විකුණුම්, අලෙවිකරණ හා අපනයන, තාක්ෂණික, තත්ව සහතික කිරීම, තත්වය මත පදනම් වූ කළමනාකරණය, කැලණිය හා කළුතර නිෂ්පාදන මෙහෙයුම්, ස්ථාන දෙකෙහිම ඉංජිනේරු අංශ, සැපයුම් දාම කළමනාකරණය, මූල්‍ය, තොරතුරු තාක්ෂණය, ප්‍රසම්පාදන සහ මානව සම්පත් යන අංශවල සේවකයන්ගේ දායකත්වය ඇගැයීමට ලක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd