
ලෝක මූල්‍ය බැංකු සම්මාන උළෙලේ දී (World Finance Banking Awards 2026) ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව, විශිෂ්ටතම වාණිජ බැංකුව සහ විශිෂ්ටතම ආයතනික යහපාලනය යන ක්ෂේත්‍රවලට අදාළ ගෞරවනීය සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සම්පත් බැංකුව සමත් වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ප්‍රකාශනයක් වන එක්සත් රාජධානියේ පිහිටි World Finance සඟරාව විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී කාර්ය සාධනය, නවෝත්පාදනය, නායකත්වය, පාරිභෝගික වටිනාකම, දිගුකාලීන තිරසාරභාවය සහ හොඳම ආයතනික යහපාලනය යනාදී අංශවල විශිෂ්ටත්වය පෙන්නුම් කරන ආයතන ඇගයීමට ලක් කෙරේ.
මෙම ඇගයීමත් සමග, සම්පත් බැංකුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව සහ විශිෂ්ටතම වාණිජ බැංකුව ලෙස පිදුම් ලැබූ 12 වැනි අවස්ථාව මෙය වන අතර, රට පුරා සිටින පාරිභෝගිකයන්ගේ සිට ව්‍යවසායකයන්, ආයතනික ගනුදෙනුකරුවන් සහ ප්‍රජාවගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලීමේ තිරසාර හැකියාව ද පිළිබිඹු කරයි. එමෙන්ම, විශිෂ්ටතම ආයතනික යහපාලනය (Best Corporate Governance – Sri Lanka 2026) යන සම්මානය හිමි කරගැනීම ඔස්සේ වගවීම, විනිවිදභාවය, සදාචාරාත්මක නායකත්වය සහ වගකීම් සහගත පාලනය පිළිබඳ ඉහළම ප්‍රමිති පවත්වාගෙන යාම සඳහා සම්පත් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම ද මනාව ඉස්මතු වේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සංජය ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “World Finance සම්මාන ත්‍රිත්වයකින් සම්පත් බැංකුව පිදුම් ලැබීම, අපගේ ගමන්මගෙහි තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. මෙම ජයග්‍රහණය සඳහා පදනම වී ඇත්තේ අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම, අපගේ කොටස්කරුවන්, ගනුදෙනුකරුවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසයයි. මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුවට සහ වාණිජ බැංකුවට හිමි සම්මාන මගින්, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන නවීන මූල්‍ය විසඳුම් සහ වටිනාකම් අඛණ්ඩව ලබා දීමට අප සතු හැකියාව පෙන්නුම් කරනවා.
එමෙන්ම හොඳම ආයතනික යහපාලනයට සම්මානය හරහා අප ගනු ලබන සෑම තීරණයකම වගවීම, විනිවිදභාවය සහ යහපත් මූලධර්ම අඩංගු වන බවට තහවුරු වෙනවා. මෙම ජයග්‍රහණ සමග, ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනයට දායක වෙමින්, ශක්තිමත් සහ අනාගතවාදී මූල්‍ය ආයතනයක් වශයෙන් අප ගොඩනැගීමට කැප වී කටයුතු කරනවා.”
මූල්‍ය කාර්යසාධනය, නවෝත්පාදනය, මෙහෙයුම් විශිෂ්ටත්වය, පාරිභෝගික අත්දැකීම්, තිරසාරභාවය, නායකත්වය සහ ආයතනික පාලනය යන කරුණු පුළුල් ඇගයීම් ක්‍රියාවලියක් හරහා තක්සේරු කරමින්, World Finance සඟරාව විසින් මෙලෙස මූල්‍ය ආයතන ඇගයුමට ලක් කරනු ලබයි. World Finance සම්මානයන් හි ගෝලීය දැක්ම සහ පුළුල් නිර්ණායක මත ජාත්‍යන්තර බැංකු ක්ෂේත්‍රය තුළ විශ්වාසනීය සහ පිළිගත් මිනුම් දණ්ඩක් වශයෙන් ස්ථාපිත වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd