වරලත් මූල්‍ය විශ්ලේෂක
උමෙයාර් ඉස්මයිල් විසිනි
කොටස් (හිමිකම් කොටස්) සමාගමක කොටසක් හිමි කර ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
නවකයකුට කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධව මෙතෙක් අසා නොමැති වචන ප්‍රවෘත්ති සහ නිමක් නැති දත්ත සමග ව්‍යාකූල බවක් පෙනෙන්නට පුළුවන. එහෙත් එහි තේරුම් ගැනීමට අපහසු දෙයක් නොමැත. සරල ආකර්ෂණීය අදහසක් මත එය පදනම් වේ. ඔබ කොටසක් මිලදී ගන්නා විට ඔබට අදාළ සමාගමේ කොටසක් හිමි වේ. ඔබ මිලදී ගන්නා කොටස් ප්‍රමාණය අනුව සමාගමක හිමිකාරිත්වය නියෝජනය කරයි. එසේම ඔබ මිලදී ගන්නා කොටස් ප්‍රමාණයට සාපේක්ෂව සමාගමේ ලාභාංශවලටද හිමිකම් කීමට ඔබට හැකියාව ලැබේ. එපමණක් නොව සාමාන්‍ය කොටස් හිමියන්ට සමාගමේ ඡන්ද අයිතියද හිමි වේ. කිසියම් ආයෝජකයකු සතු කොටස් ප්‍රමාණය වැඩි වන විට ලැබීමට ඉඩ ඇති ලාභාංශ ආදායමද ඉහළ යයි. උදාහරණ ලෙස සමාගම පෙති 100 කට බෙදා ඇති දැවැන්ත පීසා එකක් යැයි සිතුවොත් ඉන් එක් පෙත්තක් ඔබ හිමි කර ගැනීම යන්නෙන් අදහස් කරන්නේ ඔබ එම පීසා එකෙන් සියයට 1ක හිමිකරුවකු යන්නයි.
ලයිස්තුගත සමාගමක් කොටස් නිකුත් කිරීම යන්නෙන් අදහස් වන්නේ එම සමාගමේ නිෂ්පාදන සහ සේවා ඉහළ නැංවීමට එහි මෙහෙයුම් පුළුල් කිරීමට හෝ දිගු කාලීන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට ප්‍රාග්ධනය රැස් කිරීමේ ප්‍රධාන මාර්ගවලින් එකකි.
කොටස් හිමියකු ලෙස ඔබට ලැබෙන්නේ මොනවාද?
ඔබ ලයිස්තුගත සමාගමක කොටසක් මිලදී ගන්නා විට ඔබ කොටස් හිමියකු බවට පත් වන අතර ඔබ එම සමාගමේ කොටස් හිමියකු ලෙසද හඳුන්වයි. මෙයින් අදහස් කරන්නේ ඔබට ප්‍රතිලාභ උපයා ගැනීමට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තෝරා ගැනීම හෝ විශාල වෙනස්කම් අනුමත කිරීම වැනි ප්‍රධාන සමාගම් තීරණවලදී අදහස් දැක්වීමට ඔබට අයිතියක් ඇති බවයි. එය ඔබට හිමි කොටස් ගණනට සමානුපාතික වේ. සාමාන්‍යයෙන් ඔබට සමාගමේ එක් කොටසක් ඇත්නම් එය සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී (AGM) එක් ඡන්දයකට සමාන වේග පීසා උදාහරණය දෙස නැවත බැලුවහොත් ඔබට වැඩි පෙති ප්‍රමාණයක් ඉන් හිමිවන ආකාරයටමල සමාගමේ තීරණ කෙරෙහි ද ඔබේ බලපෑම වැඩි වේ.
කෙසේ වෙතත් සියලුම කොටස් එක හා සාමන නොවේග සාමාන්‍ය කොටස් වරණීය කොටස් ලෙස කොටස් වෙන් වෙන්ව හඳුනාගත හැකිය. සාමාන්‍ය කොටස් දෙයාකාර වේ. එනම් ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් හා ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස්ය. මේවා Voting සහ Non- Voting ලෙස ද හඳුන්වයි.ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් ඔබ මිලදී ගතහොත් ඔබට ඡන්ද අයිතිය සහ ලාබයෙන් කොටසක් හිමි වේ. මෙම සාමාන්‍ය කොටස් මිලදී ගන්නා ආයෝජකයන්ට සාමාන්‍යයෙන් ලාභාංශ හෝ ප්‍රාග්ධන ලාබ හිමි කර ගැනීමට හැකියාව පවතී. අනෙක් අතට වරණීය කොටස් මිලදී ගන්නා ආයෝජකයන්ට සාමාන්‍ය කොටස් හිමියන්ට වඩා ස්ථාවර ලාභාංශ ලැබේ. සාමාන්‍යයෙන් සමාගම වසා දැමුවහොත් වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙයි. එහෙත් බොහෝ විට සීමිත හෝ ඡන්ද අයිතියක් නොමැතිව නිකුත් කරනු ලබයි.
කොටසක් හිමිකර ගන්නේ කෙසේද?
කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) හරහා ලයිස්තුගත සමාගම්වල කොටස් ප්‍රධාන ආකාර දෙකකින් ඔබට මිලදී ගත හැකිය.
ඔබට සමාගමක කොටස් මූලික මහජන නිකුතුවක් (IPO) හරහා හිමිකර ගත හැකිය. එහිදී සමාගම පළමු වරට මහජනතාවට කොටස් අලෙවි කරන අතර සමාගමෙන් සෘජුවම මිලදී ගැනීම එහිදී සිදු වේ. ද්විතීයික වෙළෙඳපොළ යනු දැනටමත් ලයිස්තුගත සමාගම්වල කොටස් ආයෝජකයන් අතර හුවමාරු වන වෙළෙඳපොළයි. එනම් IPO වලින් පසු ආයෝජකයන් අතර කොටස් මිලදී ගැනීම හා විකිණීම සිදුවන වෙළෙඳ පොළයි. එහිදී ආයෝජකයන් සතුව තිබෙන කොටස් තවත් අයකුට මිලදී ගැනීමට හැකියාව ඇති අතර ඔබ සමාගමෙන්ම නොව දැනටමත් ඒවා හිමි කෙනකුගෙන් මිලදී ගනී.
IPO එකක් හරහා මිලදී ගැනීම යනු ඔබ සෘජුවම උඳුනෙන් නැවුම් පීසා කෑල්ලක් ගැනීම හා සමානයි. ද්විතීයික වෙළෙඳපොළෙන් මිලදී ගැනීම යනු දැනටමත් තමන්ගේම එකක් අල්ලා ගත් අයකුගෙන් පෙත්තක් ලබා ගැනීම හා සමානයි. එය තවමත් රසවත් එහෙත් එය පළමු අනුභවය නොවේ.
කොටස් හිමියකු ලෙස ඔබට ප්‍රධාන වශයෙන් ප්‍රතිලාභ උපයා ගත හැකි ක්‍රම දෙකක් තිබේ.
ප්‍රාග්ධන ලාබ ඔබේ කොටස් ආයෝජනය කාලයත් සමග වර්ධනය වුවහොත් ඔබ උපයන ප්‍රතිලාභය මෙයයි. උදාහරණයක් ලෙස ඔබ ලයිස්තුගත ශ්‍රී ලාංකික සමාගමක කොටසක් රු. 50 කට මිලදී ගෙන වසර කිහිපයක් තුළ මිල රු. 120 දක්වා ඉහළ ගියහොත් එම කොටස් විකිණීමෙන් ඔබට කොටසකට රු. 70 ක ලාබයක් ලැබේ. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ආයෝජකයන් අතර වඩාත් ආකර්ෂණීය ප්‍රතිලාභය මෙම ප්‍රාග්ධන ලාබයයි. කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජකයන් ලබන මෙම ප්‍රතිලාභය සම්පූර්ණයෙන්ම බදු රහිත වන අතර එතුළින් ඔබගේ ධනය වර්ධනය කර ගැනීමට ප්‍රබල සහයෝගයක් සපයයි.
ඔබට ඉවසිලිවන්තව හා විනයගරුකව සිටිය හැකි නම් කොටස්වල ආයෝජනය කිරීම දිගුකාලීන ධනය නිර්මාණය කිරීම සඳහා තහවුරු කළ හැකි ආයෝජන මාර්ගයකි.ලොව කීර්තිමත් ආයෝජකයකු වන වොරන් බෆට් පවසන පරිදි ,අපට කැපී පෙනෙන ව්‍යාපාරවලින් කොටස් හිමිවන විට අපගේ ප්‍රියතම රඳවා ගැනීමේ කාලය සදහටම පවතී, ආයෝජකයකු පමණක් නොව කොටස් හිමිකරුවකු ලෙස ඔබම දැක සැලකිල්ලෙන් සෑම තීරණයකටම පිවිසෙන්න. ඒ සඳහා ඇති පළමු පියවර වන්නේ කුඩාවට ආරම්භ කිරීමත් ඉවසිලිවන්තව සිටීමත් සහ විශිෂ්ට ව්‍යාපාරවල කොටස් මිලදී ගෙන ශක්තිමත් මූල්‍ය අනාගතයකට මග පාදාගැනීමත්ය.
සමහර සමාගම් ලාභාංශ හරහා ඔවුන්ගේ ලාබයෙන් කොටසක් බෙදා ගනී. ඔබ කොටස් 1000 ක් හිමිකරගෙන සිටින අතර සමාගම වසර කාර්තුව සඳහා කොටසකට රු. 5 ක ලාභාංශයක් ගෙවන්නේ නම්, ඔබට ලැබෙන සම්පූර්ණ ලාභාංශය රු. 5,000 කි. හොඳින් ස්ථාපිත බැංකු හෝ බහුජාතික සමාගම් වැනි පරිණත ව්‍යාපාර බොහෝ විට ස්ථාවර ලාභාංශ ගෙවන අතර, තාක්‍ෂණික ආරම්භක සමාගම් වැනි අඩු පරිණත, ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින සමාගම් ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා ලාබ නැවත ආයෝජනය කළ හැකිය.
කොටස්වල ආයෝජනය කිරීමේදී සලකා බැලිය යුතු අවදානම් මොනවාද?
කොටස්වල ආයෝජනය කිරීමෙන් ආකර්ෂණීය ප්‍රතිලාභ ලබා දිය හැකි අතර එයට ආවේණික අවදානම් ද දැකගත හැකිය.සමාගමක් දුර්වල ලෙස ක්‍රියා කළහොත් හෝ බරපතළ මූල්‍ය ගැටලුවලට මුහුණ දෙන්නේ නම්, ඔබේ කොටස්වල වටිනාකම පහත වැටිය හැකි අතර නරකම අවස්ථාවක දී සමාගම බංකොලොත් වුවහොත් ආයෝජනය නිෂ්ඵල විය හැකිය. එවැනි අවස්ථාවලදී සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවීම් ලැබෙන්නේ අන්තිමටය. එබැවින් ආයෝජනය කිරීමට පෙර අවදානම් තේරුම් ගැනීම වැදගත් වේ.
කොටස් මිල ඉහළ ගොස් පහත වැටෙන්නේ ඇයි?
සැපයුම් සහ ඉල්ලුමේ නීති මත පදනම්ව කොටස් මිල වෙනස් වේග ආයෝජකයන් කී දෙනකුට මිලදී ගැනීමට හෝ විකිණීමට අවශ්‍යද? විකිණීමට වඩා වැඩි පිරිසක් මිලදී ගැනීමට කැමැති නම් කොටස් මිල ඉහළ යයි. වැඩි පිරිසක් විකිණීමට කැමැති නම් කොටස් මිල පහත වැටේ. එහෙත් එම තේරීම් මෙහෙය වන්නේ කුමක් විසින්ද යන්න ඔබ තේරුම් ගත යුතුය. ඒ සඳහා බලපාන සාධක කිහිපයකි.
සමාගම් කාර්ය සාධනය, සමාගමක් ශක්තිමත්ව ලාබ උපයන විට නව ආයෝජන උපකරණ නිකුත් කරන විට, තවත් ආයෝජකයන් එහි කොටස් මිලදී ගැනීමට කැමැති වනු ඇත. එහෙත් සමාගම දුර්වල ප්‍රතිඵල වාර්තා කළහොත්, ආයෝජකයන් තමන් සතු කොටස් විකුණා දැමිය හැකිය. එම නිසා සමාගමේ ක්‍රියාකාරිත්වයට බලපෑ හැකි කාර්තුමය වාර්තා සහ සමාගම් සම්බන්ධ ප්‍රවෘත්ති පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.
ආර්ථික සාධක, උද්ධමනය, පොලී අනුපාත හෝ විනිමය අනුපාතිකය වැනි දර්ශක සමස්ත මූල්‍ය වෙළෙඳපොළටම බලපෑ හැකිය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පොලී අනුපාත ඉහළ නංවන්නේ නම්, පොලී උපයන වත්කම් වඩාත් ආකර්ශෂණීය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස, ආයෝජකයන් කොටස්වලින් බැඳුම්කර සහ ස්ථාවර තැන්පතු වැනි පොලී උපයන වත්කම් වෙත මාරු විය හැකිය.
ආයෝජක හැඟීම්, ගෝලීය ගැටුම් සහ රජයේ තීරණ වැනි දේශීය හා විදේශීය සිදුවීම් දෙකම වෙළෙඳපොළ ගැන මිනිසුන්ට හැඟෙන ආකාරය කෙරෙහි බලපෑ හැකිය. ශ්‍රී ලංකාව වැනි කුඩා වෙළෙඳපොළවල විදේශ ආයෝජන හෝ විශාල වෙළෙඳාම් විශාල මිල චලනයන් ඇති කළ හැකිය. විශේෂයෙන් අඩු ද්‍රවශීලතා කොටස්වල අඩු ගනුදෙනු සංඛ්‍යාවක් සිදුවන කොටස් කෙටි කාලීන වෙනස්කම් නොසලකා හරිමින් සමාගමේ මූලික කරුණු සහ දිගු කාලීන වර්ධන අපේක්ෂා කෙරෙහි අවධානය යොමු කිරීමෙන් දිගු කාලීන ආයෝජකයන් හොඳින් කටයුතු කරයි.
පොදු අන්තරායන් වළක්වා ගැනීම, නව ආයෝජකයන් සඳහා වැදගත් මාර්ගෝපදේශ
කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු ආරම්භ කිරීම වඩා පහසුය. එහෙත් එය පවත්වාගෙන යාමට ස්වයං පාලනයක් සහ විනයක් අවශ්‍ය වේ. බොහෝ නව ආයෝජකයන්ට ආයෝජනය කිරීමේදී විනයක් නොමැති අතර අවසානයේ මිල පහත වැටෙන විට භීතියට පත් වී විකිණීමට, මිතුරන්ගෙන් හෝ සමාජ මාධ්‍යවලින් ලැබෙන උපදෙස් මත විශ්වාසය තැබීමට හෝ එක් සමාගමක කොටස්වලට ඕනෑවට වඩා මුදල් යෙදවීමට සිදුවේ. මේවා ඔවුන් මනසින් හදාගන්නා නොවැදගත් තීරණ මිස බුද්ධිමත් ආයෝජන තේරීම් නොවේ.
සමහර නව සහ පළපුරුදු ආයෝජකයන් පවා සමාගමක් කරන්නේ කුමක්ද හෝ මුදල් උපයන්නේ කෙසේද යන්න නොදැන කොටස් මිලදී ගන්නා අවස්ථා දැකගත හැකිය.
සංඛ්‍යා මතම කටයුතු නොකර සමාගමක් ඇගයීමේදී සරල රීති අනුගමනය කිරීම ඔබට පහසුවෙන් කළ හැකි අතර ප්‍රායෝගික ප්‍රශ්න කිහිපයක් ඔබෙන්ම අසන්න. මෙම සමාගම මුදල් උපයන ආකාරය මට තේරෙනවාද? වසර පහක් එහි කොටස් තබා ගැනීමට මට පහසුද? මිනිසුන් එහි නිෂ්පාදන සැබවින්ම භාවිත කරනවාද නැතහොත් ආදරය කරනවාද? මම වෙළෙඳපොළ ඉදිරියෙන් සිටින සමාගම් විශ්වාස කරනවාද? සහ වැදගත් ලෙස එහි දිගුකාලීන දැක්ම මගේ වටිනාකම් සහ ඉලක්ක සමග සමපාත වේද? මෙවැනි ප්‍රශ්න ඔබ විසින්ම ඔබගෙන් ඇසීමෙන් ඔබේ මානසිකත්වය සමපේක්ෂනයෙන් යුතුව කොටස් හිමිකාරිත්වයට මාරු කිරීමට ඔබට උපකාරී වේ. ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් ආයෝජනය කිරීමට පෙර විවේචනාත්මකව සිතීමට ඒවා ඔබට බල කරයි.
කොටස් මිලදී ගැනීම යනු ජනප්‍රිය ඉඟි අනුගමනය කිරීම හෝ හුරුපුරුදු සමාගම් නම් තෝරා ගැනීම නොවේ. මූලික කරුණු සමග ආයෝජනය ආරම්භ කරන්න. එහි ඉපැයීම් ඉතිහාසය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වීමට ඇති හැකියාව සහ ව්‍යාපාර ආකෘතිය සමාලෝචනය කරන්න. මිල-ඉපැයීම් (P/E) අනුපාතය හෝ ලාභාංශ ඵලදාව වැනි මූල්‍ය විශ්ලේෂණය ප්‍රයෝජනවත් සංඥා ලබා දෙයි. එහෙත් ඒවා ආයෝජනයේ එක් කොටසක් පමණි. විශිෂ්ට ආයෝජකයන් සමාගම්වල නායකත්වයේ ගුණාත්මකභාවය කර්මාන්ත ප්‍රවණතා සහ දිගුකාලීන උපාය මාර්ග ද අධ්‍යයන කරයි. සමාගම අවදානම් හොඳින් කළමනාකරණය කරනවාද? එයට වර්ධනය වීමට ඉඩක් තිබේද? තාක්ෂණික වර්ධනයේ ප්‍රතිලාභ ලැබීමට එයට හැකියාවක් තිබේද? යන්න ඔබ ඔබෙන්ම ඇසිය හැකි ප්‍රශ්නවලින් කිහිපයකි.
ඔබ කොටසකට ගෙවන මිල ඔබ ආයෝජනය කරන සමාගම තරම්ම වැදගත් වේ. කොටසක ක්‍රියාකාරිත්වය වර්ධන දැක්ම සහ අවදානම් සාධක මත පදනම්ව කොටසක අගය වැඩි කිරීමට හෝ අඩු කිරීමට ඉඩ ඇති අතර නිවැරදි මිල සොයා ගැනීම බොහෝ විට වෙනස්වන ඉලක්කයකි. කොටස් විශ්ලේෂකයන් නිතිපතා ජනප්‍රිය කොටස් පිළිබඳ වාර්තා සහ නිර්දේශ ප්‍රකාශයට පත් කරන අතර එමගින් ඔබේ ආයෝජන තීරණවලට මඟ පෙන්විය හැකිය වඩාත් යහපත් වන්නේ මධ්‍යස්ථව සිටීමයි. ඔබ සමාගමක අනාගතය ගැන විශ්වාස කළත්, කොටස් සඳහා වැඩිපුර ගෙවීම හොඳ ව්‍යාපාරයක් නරක ආයෝජනයක් බවට පත් කළ හැකිය.
ආයෝජනය යනු විශ්ලේෂණය සහ විශ්වාසය එක්ක එකතු වුණු දෙයක් ඔබ මිලදී ගන්නේ කුමක්ද සහ මිලදී ගන්නේ ඇයිද යන්න දැනගැනීම අවශ්‍යය.
ශ්‍රී ලංකාව තුළ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කිරීම
ශ්‍රී ලංකාව තුළ කොටස් ගනුදෙනු සිදුවන්නේ කොළඹ කොටස් වෙළෙඳපොළ තුළයි. ගනුදෙනු ආරම්භ කිරීමට ඔබට බලපත්‍රලාභී තැරැව්කරුවකු හරහා මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි (CDS) ගිණුමක් විවෘත කළ හැකිය. එතැන් සිට ඔබට ඔබේ තැරැව්කරු හෝ ඔන්ලයින් ක්‍රමවේදය හරහා කොටස් මිලදී ගැනීම හෝ විකිණීම සඳහා ඇණවුම් ඉදිරිපත් කළ හැකිය. ඔබ ලියාපදිංචි වීමට පෙර කොටස් ගනුදෙනු හා සම්බන්ධ විවිධ ගාස්තු සහ පිරිවැය ඔබ තේරුම් ගෙන ඇති බවට වග බලා ගන්න. ගනුදෙනු ඇණවුම් ඉලෙක්ට්‍රොනිකව ගැළපේද ඔබට රුපියල් 70 කට සමාගමක කොටස් 1,000 ක් අවශ්‍ය නම් සහ විකුණුම්කරුවකු එකඟ වන්නේ නම්, ගනුදෙනුව සිදු කෙරේ. වෙළෙඳපොළ ක්‍රියාකාරකම් මත පදනම්ව මිල ගණන් ස්වයංක්‍රීයව ඒ මොහොතේදීම යාවත්කාලීන වේ. තොරතුරු සඳහා විශිෂ්ට මූලාශ්‍රයක් සහ ඔබේ ආයෝජනවල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමේ මාධ්‍යයක් ලෙස කොටස් වෙළෙඳපොළ ජංගම යෙදුම (CSE Mobile App) සමඟ කොටස් වෙළෙඳාම දැන් වෙන කවරදාටත් වඩා පහසු වී තිබේ.
සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) කොළඹ කොටස් හුවමාරුව නියාමනය කරන අතර සමාගම් විසින් ප්‍රසිද්ධ කරන ප්‍රධාන තොරතුරුවල නිරවද්‍යතාව සහ ආයෝජකයන්ගේ සුබසිද්ධිය ආරක්ෂා වන බවත් සහතික කරයි. මෙම විනිවිදභාවය වෙළෙඳපොළේ ආයෝජකයන් අතර විශ්වාසයනීයත්වය ගොඩනගයි.
සංඛ්‍යාවලින් ඔබ්බට
කොටස් කියන්නේ ඉතාම සරලව ගත්විට සංකේත නාමයක් (ticker symbol) පමණක් නොවෙයි. එමගින් සමාගමක ව්‍යාපාරයක හිමිකාරිත්වයෙන් ඔබට හිමි කොටසක් නිරූපනය කෙරෙනවා. කොටස්වල ආයෝජනය දිගු කාලීනව බැලුවහොත් තැන්පතු හෝ බැඳුම්කර වැනි ස්ථාවර ආදායම් ආයෝජන වර්ගවලට වඩා වැඩි ප්‍රතිලාභ (returns) ලබා දී තිබෙනවාද ඒ වුණත් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් බොහෝ දෙනකුට කොටස්වල ආයෝජනය ගැන හරි අවබෝධයක් තවම නැහැ. ඒකට හේතු වෙන්නේ කොටස් වෙළෙඳපොළ පිළිබඳ නොදැනීම විශ්වාසය අඩු බවයි. ඉතිහාසයේ සිදු වූ වෙළෙඳපොළ වංචා පිළිබඳ බිය සහ කොහොම ආරම්භ කරන්නද කියන එක ගැන නොදන්නා කම වගේ කරුණුයි.
මෙම අභියෝග තිබියදීත් කොටස්වල ආයෝජනය කිරීම කියන්නේ දිගු කාලීනව ධනය නිර්මාණය කිරීමට ආයෝජන විවිධාංගීකරණය කිරීමට සහ උද්ධමනයට එරෙහිව ආරක්ෂාවක් සැපයීමට ඇති වඩාත් සුදුසු ආයෝජන මෙවලමකි. වෙළෙඳපොළ උච්චාවචනය සාමාන්‍ය වන අතර මෙම උච්චාවචන ගමනේ කොටසකි. ඔබට ආයෝජනය ආරම්භ කළ යුත්තේ කොතැනින්දැයි විශ්වාස නැත්නම් හෝ තනිව කොටස් කළමනාකරණය කිරීමට කාලය නොමැති නම් ඒකක භාර ආයෝජනය වෙත ප්‍රවේශ විය හැකියි. සරලව ආරම්භ කළ හැකි ආයෝජන මාර්ගයක් වගේම වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කළ විකල්ප ආයෝජන මාර්ගයක් ලෙස ඒකක භාර ආයෝජනය හඳුන්වාදිය හැකිය. අපි ඉදිරි ලිපියකින් ඒකක භාර පිළිබඳව ඔබට වඩාත් විස්තරාත්මක තොරතුරු ගෙන ඒමට බලාපොරෙත්තු වෙමු.
ඔබට ඉවසිලිවන්තව හා විනයගරුකව සිටිය හැකි නම් කොටස්වල ආයෝජනය කිරීම දිගුකාලීන ධනය නිර්මාණය කිරීම සඳහා තහවුරු කළ හැකි ආයෝජන මාර්ගයකි.ලොව කීර්තිමත් ආයෝජකයකු වන වොරන් බෆට් පවසන පරිදි ,අපට කැපී පෙනෙන ව්‍යාපාරවලින් කොටස් හිමිවන විට අපගේ ප්‍රියතම රඳවා ගැනීමේ කාලය සදහටම පවතී, ආයෝජකයකු පමණක් නොව කොටස් හිමිකරුවකු ලෙස ඔබම දැක සැලකිල්ලෙන් සෑම තීරණයකටම පිවිසෙන්න. ඒ සඳහා ඇති පළමු පියවර වන්නේ කුඩාවට ආරම්භ කිරීමත් ඉවසිලිවන්තව සිටීමත් සහ විශිෂ්ට ව්‍යාපාරවල කොටස් මිලදී ගෙන ශක්තිමත් මූල්‍ය අනාගතයකට මග පාදාගැනීමත්ය.
මෙම ලිපිය ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ (CFA) සංගමය කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) විසින් පළකරනු ලබන සහයෝගීතා ලිපි මාලාවක කොටසකි මෙම ලිපිය මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට සහ දිගුකාලීන මූල්‍ය ආරක්ෂාව ගොඩනැගීමට අවශ්‍ය දැනුම සහ ක්‍රමවේද සමග පුද්ගලයන් සවිබල ගැන්වීම අරමුණු කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සමාගමක කොටස් මිලදී ගන්නේ කොහොමද?
K.W.Dinusha gayan karunarathna Tuesday, 16 September 2025 03:28 PM
නියමයි