SLT-MOBITEL කාර්ය මණ්ඩලයේ AI කුසලතා කරළියට ගෙන ආ


‘AI- Assisted Coding Challenge 2026’


ප්‍රායෝගික ව්‍යාපාරික අභියෝග ජයගැනීම සඳහා සාර්ථක තාක්‍ෂණික විසඳුම් හඳුන්වා දීමේ උත්සාහයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වනSLT-MOBITEL, සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කළ AI-Assisted Coding Challenge 2026 තරගාවලියේ සමාප්තිය පසුගියදා අතිසාර්ථක ලෙස සනිටුහන් විය. SLT කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණු එම තරගය, නිර්මාණශීලීත්වය, ඉංජිනේරු විශිෂ්ටත්වය සහ AI තාක්ෂණික දියුණුවෙන් ලංකාවේ ඩිජිටල් අනාගතය මෙහෙයවීම සඳහා සමාගම දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කළ අවස්ථාවක් විය. 
මෙය සංවිධානය කරන ලද්දේ SLT-MOBITEL හි AI & Data Business ඒකකය මගිනි. AI තාක්ෂණය ඔස්සේ සැබෑ ලෝකයේ පවතින ව්‍යාපාරික ගැටලු‍ විසඳීම අරමුණු කරගත් මෙම තරගාවලිය සමාගමේ සේවක සේවිකාවන්ට පමණක් විවෘත විය. AI තාක්ෂණය උපයෝගී කරගනිමින් මෘදුකාංග සැලසුම් කිරීම, නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදුවන ආකාරය වෙනස් කිරීම මගින් කාර්ය මණ්ඩලයට වඩාත් දක්ෂ ලෙස සිතීමට, වේගයෙන් කේතනය කිරීමට සහ විශ්වාසයෙන් යුතුව ඉංජිනේරුමය නිර්මාණ කිරීමට හැකි බව මෙමගින් පැහැදිලිව පෙන්වා දෙන ලදී.
AI-Assisted Coding Challenge  2026 අවසානයේදී ජයග්‍රාහකයන් වෙනුවෙන් සම්මාන ප්‍රදානෝත්සවයක්ද පැවැත්විණි. තරගාවලිය සාර්ථක කරගැනීම සඳහා සංවිධායකයන් මෙන්ම උපදේශකයන් සහ තරගකරුවන් ඇතුළු සියලු‍ම දෙනා නොමඳ සහයෝගයක් ලබාදුන්හ. අවසන් වටයට තේරුණු LEXI, NEXGEN CREATORS, NextGen Analytics  ජි සහ ThunderDC යන කණ්ඩායම් අවසන් අදියරේදී සජීවී ඉදිරිපත් කිරීම් සහ වීඩියෝ හරහා පෙරළිකාරී හා පුරෝගාමී නීතිමය පදනම් විසඳුම් තරගයට ඉදිරිපත් කළහ. 
තියුණු තරගයකින් අනතුරුව තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගැනීමට NEXGEN CREATORS කණ්ඩායම සමත් වූ අතර ඔවුන්ට තරගයේ ශූරතා කුසලානය සමග මුදල් ත්‍යාගයක් සහ සහතිකපත් හිමි විය. දෙවැනි ස්ථානය Team LEXI වෙත සහ තුන්වන ස්ථානය Team ThunderDC වෙත හිමි වූ අතර, ඔවුන්ටද මුදල් ත්‍යාග සහ සහතිකපත් පිරිනමන ලදී.