ඩොලර් ලක්ෂ 1000 ක ( රුපියල් කෝටි 1320)වියදමකින් ඉදිකෙරෙන සුපිරි සාප්පු සංකීර්ණයක් සදහා වන ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුණි.
ගිවිසුම ඇතිවූයේ ශී‍්‍රලංකාවේ අබාන්ස් සමාගම හා ප‍්‍රකට සිංගප්පූරු හෝටල් සමාගමක් වන සිල්වර් නීඞ්ල් හොස්පිටැලිටි සමාගම අතරයගබේරේ වැවට මුහුණලා මේ වෙළද සංකීර්ණය ඉදිකිරීමට සැළැසුම් කර ඇත.ඉදිකිරීම් කටයුතු ලබන වසරේ මුල් භාගයේදී ආරම්භ කර 2016 වසර වන විටදී නිම කිරීමට නියමිතය.
ඩුබායි හා සිංගප්පූරුව වැනි රටවල ඇති සුපිරි වෙළද සංකීර්ණ හා සමානවම මේ වෙළද සංකීර්ණය ඉදිකරන බව අබාන්ස් සමාගම කියයි.
වෙළද සංකීර්ණයට විවිධ අකාරයේ වෙළද සල්,දේශිය විදේශීය ආහාර පාන ලබාගැනීමේ පහසුකම්ලකුඩා ළමුන් සදහා ක‍්‍රීඩාගාරලති‍්‍රමාණ චිත‍්‍රපට නැරැඹිය හැකි සිනමා ශාලාවක් ආදී අංගයන් ඇතුළත් කෙරෙනු ඇති බව සදහන්ය.මේවාට අමතරව කාමර 200 කින් යුතු තරු පහේ හෝටලයක්ද මෙම වෙළද මධ්‍යස්ථානයේම ඉදිකිරීමටත් නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වටිනා වැඩක්. (නි)
මේක අපේ රටේ සංවර්ධනයේ මිනුම් දණ්ඩක් කරගන්න එපා. පාසල් වහද්දි, සරසවි අඩපන වෙද්දී, සෞඛ්‍ය අඩාල වෙද්දී අපේ අනාගත පරම්පරාව නුගත් ලෙඩ්ඩු බවට පත්වීම වලක්වන්න බැහැ. (ස)
සුභපැතුම්
කව්ද මේ රංජනී? (නදී)
පාසල්, ඉස්පිරිතාල, විශ්ව විද්‍යාල... කෝ ඒවාට ආශ්චර්යක්? (නි)
මේක විවෘත කරන උත්සවයට නටන්න රංජනීවත් ගන්න (නි)
රන්ජනී, ආශ්චර්යය කියන්නේ මේකටද? ඔයාගේ හැදිමිටේ මොළේ තරම ලගදීම බලාගන්න පුළුවන් ලයිට් බිලෙන්. ඔයාල වගේ අය ඉන්නකොට මේ රට මෙහෙමවත් තියෙන එක තමයි පුදුමේ (නි)
හොඳ වෙලාවට හදන්නේ... මම මේ ඒත් හිත හිතා හිටියේ ඇමරිකාවටවත් යනවද කියලා. මොකද අපේ රටේ මිනිස්සුන්ට සල්ලි තියෙන හැටියට ෂොපින් කරන්න තරම් හරි හමන් කඩයක් හොයා ගන්න බැහැනේ.ඇති යන්තම් මේක ඉක්මනට හදනවා නම්. කඩේ ගිහිල්ලා හොඳ හෝටලේකින් කාලම එන්න පුළුවන් වගෙයි. එනගමන් බැරියැ බෙරේ වැවෙන් නාගෙනම එන්න... (නි)
ගිය වසරේ ආයතන 5 පාඩුව කෝටි 18500. තෙල් සංස්ථාව හතර අතේ ණය. නොරොච්චෝලේ කැඩෙනවා. මත්තලට ප්ලේන් නැහැ. හම්බන්තොටට නැවු නැහැ. ක්‍රිකට් ලෝක කුසලාන තරග වලින් පාඩු ලබපු එකම රට අපි. රොකට් එකෙන් කියක් වැදිලද තාම දන්නේ නැහැ. (නි)
මේක විවුර්ත කරද්දී තියන සන්දර්ශනයට යන මුදලත් ඇස්තමේන්තු කලාද නැති නම් එකත් අපිටමද ? (ස)
හරිම ආඩම්බරයි. සුභ අනාගතයක් වේවා, අපේ දරුවන්ට හොඳ රටක් බිහිවෙයි.(නදී)
නියමයි නේ....
මේවා කාගෙද ? (ස)
ලංකාවාසී සියලුම දෙනා කඩේ යවන්න වගේ. (නි)
ගණන් හිලවු එහෙම කොහොමද? (නි)
නියමයි. රට දියුණුයි. අනේ කියන්නකෝ කවදද මේක විවෘත කරන්නේ? මේ ළමයාගෙන් බේරුමක් නැහැ (නි)
මම සුබ පතනවා, මේ වෙළඳ සංකීර්ණය නියම විදියට නිමාවට පත් වේවා කියලා! මේවත් අපට අවශ්‍ය දේවල්. මම හිතන්නේ නැහැ ආයෝජකයන් වැඩක් නැතිනම් මෙහෙම දෙයක් පටන් ගනී කියලා (නි)
. ඕක හදල ඉවර කරන්න වෙන්නේ නැහැ රට යන විදියට. (අ)
කෝ මේ ආස්චාර්ය කියලා අහන්නේ ? මේවා තමයි.(නදී)