IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සැප්තැම්බරයේ අලු‍තින් වාහන 48,708ක් ලියාපදිංචි කරලා

 

  • අගෝස්තුවේ ලියාපදිංචියට සාපේක්ෂව සියයට 27ක ඉහළ යාමක්

භානුක අමරසිංහ


පසුගිය සැප්තැම්බර් මාසයේදී අලු‍තින් වාහන 48,708 ක් ලියාපදිංචි කෙරී ඇතැයි අලු‍ත්ම දත්ත වාර්තා පවසයි. ඒ අනුව මෙය අගෝස්තු මාසයේදී ලියාපදිංචි කෙරුණු වාහන 38,240 කට සාපේක්ෂව සියයට 27ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව CAL ආයතනය සකස් කළ වාර්තාවක මේ බව සටහන්ව තිබේ. 

මෙහිදී සැප්තැම්බර් මාසයේදී වැඩිම ලියාපදිංචිය යතුරු පැදි වන අතර, එය 32,626 කි. මෙය අගෝස්තුවේදී ලියාපදිංචි කෙරුණු යතුරු පැදි 27,585 හා සැසඳීමේදී සියයට 18ක ඉහළ යාමකි. එසේම කාර් රථ 10,146ක් ලියාපදිංචි කෙරී ඇති අතර, එය අගෝස්තුවේ සිදුකළ කාර් රථ 6,475 ට සාපේක්ෂව සියයට 57ක ඉහළ යාමකි. මීට අමතරව ත්‍රීරෝද රථ 3015ක් ලියාපදිංචි කෙරී ඇති අතර, එය අගෝස්තුවේදී ලියාපදිංචි කෙරුණු ත්‍රිරෝද රථ 2,497 ට සාපේක්ෂව සියයට 21ක වර්ධනයකි.

මේ අතර අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙරට තුළ අලු‍තින් වාහන 182,717ක් ලියාපදිංචි කෙරී තිබේ. ඒ අනුව අප්‍රේල් 17,424ක්, මැයි 18,462ක්, ජූනි 22,340ක්, ජූලි 37,543ක්, අගෝස්තු 38,240ක් සහ සැප්තැම්බර් 47,708ක් ලෙස මෙම ලියාපදිංචිය සටහන්ව ඇත.



අදහස් (0)

සැප්තැම්බරයේ අලු‍තින් වාහන 48,708ක් ලියාපදිංචි කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site