IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


සැප්තැම්බර් තේ ඵලදාව ඉහළට

හිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ තේ පලදාව සියයට 27.6කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි.

එපමණක් නොව පසුගිය වසරේ මුල් මාස නවය හා සැසඳීමේදී මේ  වසරේ මුල් මාස නවයේ තේ පලදාව ද සියයට 6.2ක් වර්ධනය වී ඇතැයි ද එම මණ්ඩලය සඳහන් කරයි. 

“පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී මේ වසරේ තේ නිෂ්පාදනය වැඩි වී තිබෙනවා. එහෙත් අහිතකර කාලගුණ තත්ත්වය නිසා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී තේ පලදාව පහත වැටුණා. හිතකර කාලගුණ තත්ත්ව නිසා මේ වසරේදී තේ නිෂ්පාදනය වැඩි වී තිබෙනවා. ඒ කියන්නේ අපට මේ වසර අවසානයේදී පසුගිය වසර හා සැසඳීමේදී හොඳ තේ පලදාවක් ලැබේවි” යැයි රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් එස්.ඒ. සිරිවර්ධන පවසා තිබිණි. 

මේ වසර අවසානයේදී තේ කිලෝග්‍රෑම් මිලියන 305ත් 310ත් අතර පලදාවක් බලාපොරොත්තු විය හැකි යැයි ද සිරිවර්ධන මහතා කීය. පොහොර භාවිතය අඩු වීම, වෙළෙඳපොළ මිල ගණන් දුර්වල වීම, අහිතකර කාලගුණ තත්ත්ව හා කෘමිනාශක මත රජය පැනවූ තහනම නිසා පසුගිය වසරේ තේ නිෂ්පාදනය පහත වැටුණි. පසුගිය වසරේදී මෙරට තේ නිෂ්පාදනය වසර 7කට පසු අඩුම අගය වාර්තා කළ අතර අඛණ්ඩව තෙවැනි වරටත් තේ නිෂ්පාදනය පහත වැටිණි. 

055

 



අදහස් (0)

සැප්තැම්බර් තේ ඵලදාව ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 420 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 449 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site