ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 03 හා 04 යන මට්ටම් සම්පූර්ණ කිරීම අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස උසස් පෙළ සමත් වීම හා සමාන සුදුසුකමක් ලෙස සලකන ලෙස ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (7) පැවැසීය.
එ අනුව එන්.වී.කියු 3 මට්ටම සම්පූර්ණ කිරීම අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වූ බවටත් එන් වී ක්යු 4 මට්ටම සම්පූර්ණ කිරීම අ.පො.ස උසස් පෙළ සමත් වීම හා ඊට සමාන සුදුසුකමක් ලෙස සැලකෙන බවත් අමාත්‍යවරයා කීවේය.
රැකියා අවස්ථාව ලබාගැනීමේදී කාර්මික රැකියා ක්ෂේත්‍රයේ පැවැති ගැටළු සහගත තත්ත්වයට විකල්පයක් ලෙස තමා මෙම යෝජනාව ඉදිරිපත් කළ බවත්, ඒ අනුව ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් සමරසිංහ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. සිසුන් පාඨමාලා සඳහා බඳවාගන්නා විට මේ උපදෙස් අනුගමනය කිරීමට උපදෙස් දෙන්න (බ)
පාර්ලිමේන්තුවට තරඟ කරනකොටත් විභාගයක් තියලා සුදුස්සෝ තෝරාගත්තොත් වඩාත් හොඳයි (නි)
සාපෙළ උසස් පෙළ කොහොමද වෘත්තීය සුදුසුකම් වෙන්නේ? වෘත්තීය සුදුසුකම් කියන්නේ ප්‍රායෝගික සුදුසුකමක්. සාපෙළ උසස් පෙළ මොනවාද ප්‍රායෝගික? අධ්‍යාපන සුදුසුකමුයි වෘත්තීය සුදුසුකමුයි කියන්නේ එකක් නොවෙයි දෙකක්. ඕකේ ප්‍රතිඵල හම්බ වෙන්නේ තව අවුරුදු 5-10 විතර කිසිම ප්‍රායෝගික දැනුමක් නැති සෙට් එකක් බිහිවුණාම (නි)
සාපෙළ උසස් පෙළ කොහොමද වෘත්තීය සුදුසුකම් වෙන්නේ ? වෘත්තීය සුදුසුකම් කියන්නේ ප්‍රායෝගික සුදුසුකමක්. සාපෙළ උසස් පෙළ මොනවාද ප්‍රායෝගික? අධ්‍යාපන සුදුසුකමුයි වෘත්තීය සුදුසුකමුයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්. ඕකේ ප්‍රතිපලේ හම්බ වෙන්නේ තව අවුරුදු 5-10 විතර කිසිම ප්‍රයෝගික දැනුමක් නැති සෙට් එකක් බිහි වුනාම. (බ)
මට නම් හිතෙන්නේ මේක හොඳ යෝජනාවක්. (නි)
සිතිජ, මේකේ කියන්නේ නැහැ හැම රස්සාවටම මේක අදාළයි කියලා. කාර්මික ක්ෂේත්‍රයේ රැකියා වලට බඳවා ගැනීමේදී කියලා තියනවා දැක්කේ නැද්ද. (නි)
සිතිජ, මේකේ කියන්නේ නෑ හැම රස්සාවටම මේක අදාලයි කියල. කාර්මික අංශයේ රැකියාවලට බඳවා ගැනීමේදී කියල තියනව දැක්කේ නැද්ද. ටිකක් හිතන්න ළමයෙක් අපොස සාපෙළ හෝ උසස්පෙළ ෆේල් වුණොත් ඒළමයා සහජයෙන්ම වඩු වැඩට හරි මේසන් වැඩට හරි වයරින් වලට හරි දක්ෂනම් ඒ ළමයට අපොස සාපෙළ හෝ උසස්පෙළ නැති නිසා රස්සාවකට යන්න තියන ඉඩ අහුරන එක කොතරම් සාධාරණද. ඒ පැත්තෙන් බැලුවම මේක හොද යෝජනාවක්. (අ)
කාර්මික දක්ෂතා ඇති සිසුන්ට සාධාරණය ඉෂ්ට කිරීමක් (නි)
සිතිජ වලිගය පාගාගෙන. ඔයා වගේ අය පාර්ලිමේන්තුවේත් ඉන්නවා. (නි)