සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රමුඛතම වාර්ෂික සම්මාන උළෙල වනSUN Awards 2026 අනාගතය නව මානයකින් දකිමු’ යන තේමාව යටතේ මෑතකදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම සම්මාන උළෙලේදී 2025/26 මුල්‍ය වර්ෂයේදී සමූහයේ ව්‍යාපාරික වර්ධනය, සාමූහිකත්වය, නායකත්වය සහ ආයතනික සාධනීය වෙනස්කම් වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කෙරිණි.
සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන සමූහයේ ප්‍රධාන ව්‍යාපාරික අංශවල සාමාජික සාමාජිකාවන් සහභාගී වූ මෙම උළෙලේදී, 2025/26 මුල්‍ය වර්ෂය තුළ ඉහළ දක්ෂතා, සාමූහිකත්වය, කැපවීම සහ පැහැදිලි අරමුණක් සහිතව කටයුතු කළ සාමාජික සාමාජිකාවන් මෙන්ම කණ්ඩායම්ද ඇගයීමට ලක් කෙරිණි. මෙවර තේමාවෙන් සන්ෂයින් සමාගම නව්‍යකරණය ඉස්මතු කරමින්, නායකත්ව හැකියාව වර්ධනය කරමින් සහ ඕනෑම වෙනසකට ඉක්මනින් හැඩගැසිය හැකි පරිදි අනාගතයට ගැළපෙන ආයතනයක් ලෙස ගොඩනැගීමට දක්වන අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු වේ. සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා ඇතුළු විධායක කමිටු සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙහිදී පුද්ගල දක්ෂතා මෙන්ම කණ්ඩායම් සාර්ථකත්වයද ඇගයීමට ලක් කරමින් කුසලතා, විශිෂ්ටතා සහ සභාපති සම්මාන ඇතුළුව සම්මාන 169 ක් ප්‍රදානය කරන ලදී. සන්ෂයින් සමාගමේ අඛණ්ඩ වර්ධනයට හා ප්‍රගතියට දායක වූ විවිධ අංශවල සාමාජික සාමාජිකාවන් සතු සුවිශේෂී දක්ෂතා සහ කුසලතා මෙලෙස සම්මානයට පාත්‍ර විය.
තවද සමූහය විසින් වසර 10 සිට 25 ක් දක්වා දීර්ඝ කාලයක් සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ සාමාජික සාමාජිකාවන් අගයමින් දිගුකාලීන සේවා සම්මාන 119ක්ද පිරිනමන ලදී.