මෙරට ප්‍රමුඛ පෙළේ රස කැවිලි සහ කෙටි ආහාර නිෂ්පාදන සමාගමක් වන සන්රස ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජූරියේ කුසලතා සම්මානය (විශේෂ සම්මාන - කුඩා පරිමාණ) දිනා ගත්තේය. කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආර්ග සිවකුමාර් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
1999දී ඇරැඹුණු සන්රස සමාගම උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් පුළුල් පරාසයක විහිදුණු රස කැවිලි සහ කෙටි ආහාර රැසක් නිපදවයි. දශක ගණනාවක පළපුරුද්ද සහිත කාර්ය මණ්ඩලයකින් සමන්විත එම සමාගම සෑම නිෂ්පාදනයක්ම ඉහළ ප්‍රමිතියෙන් සහ ප්‍රණීත රසයෙන් යුතු බව සහතික කරයි. සුදු ලූනු බයිට් සීනි යෙදූ තල ග්‍රීන් පීස් රට කජු බයිට් මුරුක්කු මඤ්ඤොක්කා චිප්ස් පැණි රස මුරුක්කු කඩල බොක්ස් බයිට් ඔවුන්ගේ නිෂ්පාදන අතර ප්‍රධාන වේ. ග්‍රෑම් 100ල කිලෝ ග්‍රෑම් 3 සහ කිලෝ ග්‍රෑම් 5 යන ප්‍රමාණවල ඇසුරුම්වලින් එන මෙම නිෂ්පාදනවලට සිල්ලර සහ තොග ගැනුම්කරුවන්ගෙන් විශාල ඉල්ලුමක් තිබේ. සන්රස නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළෙන් මිල දී ගත හැකිය. සන්රස සමාගම රැකියා සිය ගණනක් උත්පාදනය කර ඇත. අධි තාක්ෂණික යන්ත්‍රෝපකරණ සහ නවීන නිෂ්පාදන ක්‍රමවේද යොදා ගනිමින් නිෂ්පාදන කටයුතු සිදු කරන එම සමාගම දේශීය හා විදේශීය වෙළෙඳපොළේ විශ්වසනීය නමක් දිනා තිබේ. නිෂ්පාදන සහ ඇසුරුම් ක්‍රියාවලිය පුරා දැඩි තත්ව පාලන ක්‍රමවේද අනුගමනය කරන සන්රස සමාගම දේශීය සහ ජාත්‍යන්තර තත්ව සහතික සහ සම්මාන රැසක් දිනා ඇත.
2025 දෙසැම්බර් මස 18
554
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සන්රස ඉන්ටර්නැෂනල් සමාගමට ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන