(රංජන් කස්තුරි)
ලබන සතියේ සිට සහන මිලට සතොස මගින් පොල් අලෙවි කෙරෙන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය පවසයි.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අයත් හලාවත වැවිලි සමාගම සහ කුරුණෑගල වැවිලි සමාගමට අයත් වතුවලින් පොල් ගෙඩි 550 000ක් ලබන සතියේ සතොස ගබඩා වෙත බෙදා හැරෙන බවද ඇමති කබීර් හෂීම් මහතා කියයි.
ජීවන වියදම් කමිටුවේදී ගත් තීන්දුවකට අනුව සහනමිලට සතොස හරහා පොල් බෙදාහරින බවද ඇමතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් ප්‍රශ්නය හැමදාම තියෙනවනේ පොල්මිල වැඩිවුණාම මිනිස්සු බනින්නේ ආණ්ඩුවට නරකද පොල් වැවෙන ප්‍රදේශවල තිබෙන රජයේ ඉඩම්වල පොල් වගා ව්‍යාපෘති හෝ ඉඩම් නොමැති අයට ඉඩම් ලබාදීලා පොල් වගාව දියුණු කලොත්
දැන් ඔය ගොල්ලෝ ආවේ හැම දෙයක්ම පුද්ගලික අංශයෙන් කරනවා කියාගෙන නේද? දැන් මොකද රාජ්‍ය අංශයෙන් පිහිට පතන්නේ?
'යහපාලානේ' ගෙදර යන්න කියල දේවාලෙකට ගිහින් ගහන්න සතොසෙන් ලාබෙට පොල්ගෙඩියක් ගන්න පුළුවන්
ඕකත් රවී විකුණලා නේද තිබ්බේ ? තෙල් ඉන්දියාවට විකුනනකොට විරුද්ද උනේ ජවිපෙ විතරයි . දැන් එකෙන් මිනිස්සු බට කනවා . ටැංකි ටික බේරගන්න වර්ජන කරනකොට මිනිස්සුම කීව මේවා විකුනන්න ඕනේ කියල . එහෙම කියපු අය පෝලිමේ . උමා ඔය හදනකොට ජවිපෙ කීව ඔකේ විපාක . එතකොට මිනිස්සු ජවිපෙ අයට මූනට කෙල ගැහුවා . අද ඒ ය දුක් විනිදිනවා . දැන් වත් තේරෙනවද මේ ය කියන දේ . තේරෙන්නත්තම් තව ඔහොම යන් . කවද හරි තේරේවි . හැබයි එතකොට පමා වැඩියි . ඔහොම ඔහොම යන් .
අර එම්. එස් ප්‍රනාන්දු ගයපු "පොල් පොල් පොපොල් පොල් පොල් පොල් පොල් " කියන බයිලාව මතක් වෙනවා. බලන් ගියහම එම් එස් ප්‍රනාන්දු කවුද මේගොල්ලනේ නියම බයිලා චක්‍රවර්තිලා.
පොල් කෙසේ වෙතත් පහුගිය දවස් වල කුඩු නම් ගේනවා. ඒවා සහන මිලට බෙදල ඉවරයිද ඇමතිතුමෝ?
එක ගෙදරකට එක පොල් ගෙඩියක් අරන් ගියොත් ලංකාවේ මිනිස්සුන්ට දවසක තුන් වේලවත් කන්න පුළුවන් ද .. ඔය කියන මහා පොල් තොගයෙන් ..?