ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) විසින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සමාගමේ ලියාපදිංචිය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි එම සමාගම පවසයි.
ඒ අනුව 2026 ජූලි 06 වැනිදා එම කොමිෂන් සභාව මගින් නිකුත් කළ ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබෙන බව සණස ලයිෆ් සමාගම ඊයේ (07) කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ.
සමාගම විසින් සැපිරිය යුතු බවට එම කොමිෂන් සභාව මගින් ලබා දී තිබූ කොන්දේසි කිහිපයක් සම්පූර්ණ කිරීමට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි කටයුතු කරන බවට සිදුකළ සඳහන් කිරිම මෙම තහනම ඉවත් කිරිමට හේතුව වී තිබේ.
2025 දෙසැම්බර් මාසයේ සිට පැනවූ එම තහනම අවස්ථා කිහිපයකදීම දීර්ඝ කිරීමට එම කොමිෂන් සභාව පියවර ගෙන තිබුණි. මෙහිදී සමාගමේ දීර්ඝ කාලීන රක්ෂණ හෙවත් ජීවිත රක්ෂණ ලියාපදිංචිය තහනම් කෙරී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd