මෙරට ක්‍රියාත්මක ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා බැංකුවේ ධන සම්පත් කළමනාකරණ සහ පුද්ගල/පාරිභෝගික මෙහෙයුම් කටයුතු DFCC බැංකුව වෙත පැවරීමේ කටයුතු 2026 ජුලි 31 වැනිදා අවසන් කිරිමට නියමිතව ඇතැයි එම බැංකුව පවසයි.
ඒ අනුව මෙම පවරාදීමේ ක්‍රියාවලියේ පියවරක් ලෙස එම මෙහෙයුම් කටයුතු හරහා ගනුදෙනුකරුවන්ට ලබා දෙන සේවාවන් අවසන් කෙරෙන දින ප්‍රසිද්ධ කරමින් එම බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිංගුමාල් තෙවරාතන්ත්‍රී මහතාගේ අත්සනින් යුත් නිවේදනයක් පසුගියදා නිකුත් කර තිබේ. මෙහිදී ජූලි 17 වැනිදා සිට ජූලි 31 වැනිදා දක්වා ක්‍රමයෙන් මෙම සේවාවන් අවසන් කෙරෙන බව එහි සඳහන් වෙයි.
මෙම පවරාදීමේ කාලසීමාව තුළ DFCC බැංකුවේ සේවාවන් ආරම්භ වන තෙක් ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා බැංකුවේ සියලුම සේවාවන් තාවකාලිකව අත්හිටුවනු ඇති බවත්, එම පැවරීමේ දිනය ආසන්න වන විට, DFCC බැංකුවේ සේවාවන් ලබාගත හැකි වන කාලයන් පිළිබඳව විස්තර එම බැංකුව විසින් ලබා දෙනු ඇතැයිද සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd