IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සංචාරකයින්ගේ පැමිණීම ඉහළට

( තිළිණි ද සිල්වා )
මේ වසරේ ජනාවාරි සිට මාර්තු දක්වා  ගතවූ මුල් මාස 03 තුනේදී විදෙස් සංචාරකයින් හත් ලක්ෂ හතළිස් දහසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී.
 
ඒ අනුව ඉකුත් වසරේ මුල් මාස තුනේදී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී එය සියයට 4.6ක වර්ධනයක් යැයි එම අධිකාරිය කියා සිටී.පසුගිය වසරේ මුල් මාස 3 දී විදෙස් සංචාරකයින්  707,924 කු පැමිණ ඇත.
 
පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයින් 244,239 ක්ද , පෙබරවාරි මාසයේදී සංචාරකයින් 252,033 ක් හා  මාර්තු මාසයේ දී සංචාරකයින් 244,328දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටී. 
 
ඉකුත් මාර්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.එරට වැසියන් 34,812 ක් ද , බි‍්‍රතාන්‍යයෙන් සංචාරකයින් 29,682 ක්ද , චීනයෙන් සංචාරයකයින්  23,759 ක්ද මේ වසරේ මුල් මාස තුනේදි දිවයිනට පැමිණ ඇත.
 
තවද ජනවාරි මාසයේ දී සංචාරකයින් 9,581 ක්ද ,පෙබරවාරි මාසයේ දී 12,307 ක්ද මාර්තු මාසයේ දී සංචාරකයින් 16,642 ක්ද වශයෙන් විදෙස් සංචාරකයින් වසරේ මුල් මාස තුනේදී මගී නෞකාවලින් මෙරටට පැමිණ ඇත.



අදහස් (1)

සංචාරකයින්ගේ පැමිණීම ඉහළට

chandima Saturday, 13 April 2019 12:33 PM

ඒ වැඩි වෙලා තියෙන්නේ ගොයම් කපන කාලෙට කුඹුරු වැඩ කරන්න එන සංචාරකයෝ නේද?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site