ත්‍රිකුණාමලය - අමදෝරු අමරජීව


ශ්‍රී ලංකාව ලෝක සංචාරකයන්ගේ ගමනාගමන මධ්‍යස්ථානයක් බවට පසක් කරමින් ඉන්දියාවේ චෙන්නායි වරායේ සිට ලොව විවිධ රටවල සංචාරකයන් 1156 ක් රැගත් “Cordelia Cruises” නමැති මගී නෞකාව ඉකුත්දා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය වරායේ “අශ්රොප්”‍ ජැටියට සේන්දු විය.
මෙලෙස පැමිණි නෞකාවෙන් පැමිණි සංචාරකයෝ සීගිරිය, දඹුල්ල, නිලාවේලි උණුදිය ළිං නැරඹීම සඳහා පිටත්ව ගියහ.
ත්‍රිකුණාමල වරායේ නේවාසික කළමනාකරු එම්.ජී. සරත් කුමාර මහතා පැවසුවේ සංචාරකයන් 1156 ක් රැගත් මෙම මගී නෞකාවේ කාර්ය මණ්ඩලය පමණක් 530 කින් සමන්විත වූ බවය. මෙලෙස පැමිණි සංචාරකයන්ට සංචාරක ස්ථාන නැරැඹීම සඳහා වෙනදා පිට ප්‍රදේශවලින් කුලී පදනම මත වාහන ගෙන්වාගෙන තිබූ අතර මෙවර ප්‍රදේශයේ වාහන හිමිකරුවන්ට එම අවස්ථාව උදාකර දීමට කටයුතු කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ ලේකම් සරත් පුණ්‍යසිරි ගාල්ලගේ මහතා පැවසීය.