ගිය වසරේ දොළොස් ලක්ෂ හැත්තෑ දහසක් පමණ සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණි බවත්, එය ඊට කළින් වසරට වඩා සියයට 26ක වැඩිවීමක් බවත් සංචාරක මණ්ඩලය කියයි.
මේ වසරේ දී ලක්ෂ 15ක් එතියි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.
ඔවුන්ගෙන් රජය බලාපොරොත්තු වන ආදායම ඩොලර් කෝටි 180කි (රුපියල් කෝටි 23760 ) 2016 වන විට සංචාරකයන් විසි පන්ලක්ෂයක ඉලක්කයක් සපුරා ගැනීමට රජය සැරසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ සංඛ්‍යා ලේඛන ගැන කිසිම විස්වාසයක් නැහැ. මොනම ක්‍රමයකට හරි රටට ලැබෙන ආදායමෙන් පොදු ජනයාට ලැබෙන සෙත මොකක්ද? (නදී)
ජීවන ව්යදම 50% ඉහලට හි හි හි (දී)
තිලක්-ඩුබායි, එක ලංකාවේ අය දන්නේ නැහැලු! ගෙදර අය දන්නවද දන්නේ නැහැ. ඇත්තටම එහෙම මරුනා නම් ඒකට ආණ්ඩුව පලිද? ලෝකේ ඕනෙම රටක දුප්පත් අය ඉන්නවා. එකට විසඳුම මැරෙන එක නෙවේ.(නදී)
ඇත්තටම ඉහලටද පහලටද (දී)
ඉන්දික.පාසල් යන තාත්තත් නැති අවරුදු 12 ක ගැහැණු දරුවෙක් රුපියල් 500 යක සපත්තු දෙකක් ගන්න නැතිව,පාසල් ගාස්තු ගෙවන්න රුපියල් 250 ක් නැතිව ලජ්ජාවටම සියදිවි හානි කර ගත්තා. ඒත් ලංකාවේ අය දන්නෙත් නැහැ. ඔබල වගේ අයට අනුකම්පා කරනවා හැරෙන්න කරන්න වෙන දෙයක් නැහැ. (නදී)
සත්‍යා, ජන ජීවිතය නගා සිටුවනවා කියන්නේ අඩුවට කන්න දෙන එක විතරක් නෙවෙයි.(නදී)
තිලක් ඩුබායි, කොහෙද කන්න නැතුව දිවි නහගත්තේ? මට නම් හිතෙන්නේ තව ටිකදවසක් තිලක් ඩුබායි වල හිටියොත් නෝනා නම් දිවි නහගනිවී! (නදී)
හොඳ අදහස් වලින් මේ පිටුව සරසන්න ඉදිරි පත් උනාට සෑම් ට හා සමන්ති ට බොහොම ස්තුතියි. ඔබ දෙපළ කියන දේ මා සැළකිල්ල ට ගත්තා. (නදී)
මෙම ගණනට උම්බලකඩ විකුණන මාලේ ජාතිකයන් ,චීන සහ ඉන්දියන් කෝකිවරුන් සහ ගොයම් කපන්නන් , ආදීන් එකතුකළ යුතුයි .සංචාරකයන් මුදල් ප්‍රමාණවත් ගණනක් ගෙනෙනවාදයි සෙවිය යුතුයි (අ)
එනවා වගේ නෙමෙයි එයාලට හොඳ ආරක්ෂාවකුත් දෙන්න ඕනේ. පහු ගිය කාලේ වෙච්ච විලිලැජ්ජා නැති වැඩ නොවෙන්න.(නදී)
වගකිමෙන්ද කියන්නේ මෙහෙම කියුව්වට මොකුත් හිතන්න එපා මටනම් විශ්වාස නැහැ (දී)
ඔය කියන තරම් සංචාරකයන් එනවනම් රට "සුකිත මුදිත" වෙන්න එපායැ .ඔය තරම් සංචාරක ව්‍යාපාරයෙන් මුදල් හම්බ වෙනවනම් රටේ බදු මිල එකසිය ගානට වැඩි වෙලා කන්න අදින්න නැතිව දරුවන්ට සිය දිවි නසා ගන්න සිද්ද වෙනවද? (දී)
ඕවා අපි පිලි ගන්නේ නැහැ (දී)
පද්මපානි, ඔයාගේ ලැයිස්තුවට මේ කට්ටියත් එකතු කරන්න. විදේශ පුරවැසිකම ලැබූ ලාංකිකයෝ, රුසියානු/ තායි ගණිකාවෝ, බාල ටෙලිපොන් විකුණන චීන්නු, කල්ලි වශයෙන් උත්සව තියන තැන වලට එන ඉන්දියානු පික්පොකට් කාරයෝ,නැගෙනහිර කුඹුරු වැඩ කරලා අහුවෙච්ච පාකිස්තාන් කාරයෝ.(නදී)
මේ සංචාරකයින් ගොඩට පහත සඳහන් අයත් ඇතුල් වෙනවා: ලංකාවේ හෝටල්වල කාමරවල විදුලි ස්ත්රික්කයෙන් රොටි පුච්චන් කන ඉන්දීය බමුණන්, ගුද මාර්ගය ඔස්සේ මෙරටින් රත්තරන් කිලෝ ගණනින් පන්නන පකිස්තාන "අබූ බකර් " ලා, ලොව විරල සත්ව හා ශාක වර්ග ශ්‍රී ලංකාවෙන් හොරෙන් ගෙනගොස් කෝටි පතියන් වෙන මිස්ටර් යුනිවර්ස්ලා. අන්තිමට බැලුවහම කොරපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (නදී)
මම නම් විශ්වාස කරන්නේ මිනිස්සු ලංකාවට එනවා අඩුයි (දී)
කිඹුලා බනිස් කන අයත් එනවා නේද? (නදී)
මේ ප්‍රකාශ කරන්නේ වගකීමෙන් ද ? මේ අවුරුද්දේ පසුගිය මාසයේ විතරක් සංචාරක විදේශික කාන්තාවන් ට අතවර හතරක්. තවත් ලක්ෂ 15 ක් එවි කියල බලාපොරොත්තු වෙන්නේ හීනෙන් ද? (දී)
ජනතාවට ඔය සංඛ්‍යා ලේඛන දත්ත වලින් වැඩක් නැහැ. ඒ අයට ඕනේ සංචාරක ව්‍යාපාරය නිසා රටට ගලා එන මුදල් වලින් ජන ජීවිතය නගා සිටුවන්න ආණ්ඩුව මොනවාද කරන්නේ කියල දැන ගන්න. යුද්ධය නතර වූ පසු ඉතිරි වෙනවා කිව ධනය හෝ සංචාරකයින් අරන් ආවයි කියන මුදල් භාණ්ඩාගාරයටද නැත්නම් මකර කටට ද යන්නේ කියල දැන ගන්න ජනතාවටත් අයිතියක් තියෙනවා. (දී)