IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


සංචාරක පැමිණීම 25% ඉහළට

ගිය වසරේ දොළොස් ලක්ෂ හැත්තෑ දහසක් පමණ සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණි බවත්, එය ඊට කළින් වසරට වඩා සියයට 26ක වැඩිවීමක් බවත් සංචාරක මණ්ඩලය කියයි.

මේ වසරේ දී ලක්ෂ 15ක් එතියි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

ඔවුන්ගෙන් රජය බලාපොරොත්තු වන ආදායම ඩොලර් කෝටි 180කි (රුපියල් කෝටි 23760 ) 2016 වන විට සංචාරකයන් විසි පන්ලක්ෂයක ඉලක්කයක් සපුරා ගැනීමට රජය සැරසේ.

 



අදහස් (0)

සංචාරක පැමිණීම 25% ඉහළට

තිලක් ඩුබායි Wednesday, 12 February 2014 11:09 PM

ඔය කියන තරම් සංචාරකයන් එනවනම් රට "සුකිත මුදිත" වෙන්න එපායැ .ඔය තරම් සංචාරක ව්‍යාපාරයෙන් මුදල් හම්බ වෙනවනම් රටේ බදු මිල එකසිය ගානට වැඩි වෙලා කන්න අදින්න නැතිව දරුවන්ට සිය දිවි නසා ගන්න සිද්ද වෙනවද? (දී)

:       0       0

සෑම් Wednesday, 12 February 2014 01:31 PM

පද්මපානි, ඔයාගේ ලැයිස්තුවට මේ කට්ටියත් එකතු කරන්න. විදේශ පුරවැසිකම ලැබූ ලාංකිකයෝ, රුසියානු/ තායි ගණිකාවෝ, බාල ටෙලිපොන් විකුණන චීන්නු, කල්ලි වශයෙන් උත්සව තියන තැන වලට එන ඉන්දියානු පික්පොකට් කාරයෝ,නැගෙනහිර කුඹුරු වැඩ කරලා අහුවෙච්ච පාකිස්තාන් කාරයෝ.(නදී)

:       0       0

භානු Tuesday, 11 February 2014 05:00 AM

මේ ප්‍රකාශ කරන්නේ වගකීමෙන් ද ? මේ අවුරුද්දේ පසුගිය මාසයේ විතරක් සංචාරක විදේශික කාන්තාවන් ට අතවර හතරක්. තවත් ලක්ෂ 15 ක් එවි කියල බලාපොරොත්තු වෙන්නේ හීනෙන් ද? (දී)

:       0       0

පද්මපානි Saturday, 15 February 2014 06:34 AM

හොඳ අදහස් වලින් මේ පිටුව සරසන්න ඉදිරි පත් උනාට සෑම් ට හා සමන්ති ට බොහොම ස්තුතියි. ඔබ දෙපළ කියන දේ මා සැළකිල්ල ට ගත්තා. (නදී)

:       0       0

සුසන්ත Sunday, 16 February 2014 09:25 AM

ඇත්තටම ඉහලටද පහලටද (දී)

:       0       0

රොහාන් Tuesday, 11 February 2014 09:09 AM

කිඹුලා බනිස් කන අයත් එනවා නේද? (නදී)

:       0       0

ඉන්දික Monday, 17 February 2014 10:06 AM

තිලක්-ඩුබායි, එක ලංකාවේ අය දන්නේ නැහැලු! ගෙදර අය දන්නවද දන්නේ නැහැ. ඇත්තටම එහෙම මරුනා නම් ඒකට ආණ්ඩුව පලිද? ලෝකේ ඕනෙම රටක දුප්පත් අය ඉන්නවා. එකට විසඳුම මැරෙන එක නෙවේ.(නදී)

:       0       0

සමන්ති Thursday, 13 February 2014 08:45 PM

මෙම ගණනට උම්බලකඩ විකුණන මාලේ ජාතිකයන් ,චීන සහ ඉන්දියන් කෝකිවරුන් සහ ගොයම් කපන්නන් , ආදීන් එකතුකළ යුතුයි .සංචාරකයන් මුදල් ප්‍රමාණවත් ගණනක් ගෙනෙනවාදයි සෙවිය යුතුයි (අ)

:       0       0

ඉනෝකා Tuesday, 11 February 2014 10:07 AM

මම නම් විශ්වාස කරන්නේ මිනිස්සු ලංකාවට එනවා අඩුයි (දී)

:       0       0

තරිඳු Wednesday, 12 February 2014 04:46 PM

ඕවා අපි පිලි ගන්නේ නැහැ (දී)

:       0       0

ඉන්දික Saturday, 15 February 2014 11:19 AM

තිලක් ඩුබායි, කොහෙද කන්න නැතුව දිවි නහගත්තේ? මට නම් හිතෙන්නේ තව ටිකදවසක් තිලක් ඩුබායි වල හිටියොත් නෝනා නම් දිවි නහගනිවී! (නදී)

:       0       0

පද්මපානි Wednesday, 12 February 2014 12:16 AM

මේ සංචාරකයින් ගොඩට පහත සඳහන් අයත් ඇතුල් වෙනවා: ලංකාවේ හෝටල්වල කාමරවල විදුලි ස්ත්රික්කයෙන් රොටි පුච්චන් කන ඉන්දීය බමුණන්, ගුද මාර්ගය ඔස්සේ මෙරටින් රත්තරන් කිලෝ ගණනින් පන්නන පකිස්තාන "අබූ බකර් " ලා, ලොව විරල සත්ව හා ශාක වර්ග ශ්‍රී ලංකාවෙන් හොරෙන් ගෙනගොස් කෝටි පතියන් වෙන මිස්ටර් යුනිවර්ස්ලා. අන්තිමට බැලුවහම කොරපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (නදී)

:       0       0

ඉන්දික Saturday, 15 February 2014 02:38 PM

සත්‍යා, ජන ජීවිතය නගා සිටුවනවා කියන්නේ අඩුවට කන්න දෙන එක විතරක් නෙවෙයි.(නදී)

:       0       0

ජනක උඩුවන Tuesday, 25 February 2014 04:54 PM

ජීවන ව්යදම 50% ඉහලට හි හි හි (දී)

:       0       0

සුදත් Monday, 10 February 2014 11:01 PM

වගකිමෙන්ද කියන්නේ මෙහෙම කියුව්වට මොකුත් හිතන්න එපා මටනම් විශ්වාස නැහැ (දී)

:       0       0

සේන Thursday, 13 February 2014 02:27 PM

අද කාලේ සංඛ්‍යා ලේඛන ගැන කිසිම විස්වාසයක් නැහැ. මොනම ක්‍රමයකට හරි රටට ලැබෙන ආදායමෙන් පොදු ජනයාට ලැබෙන සෙත මොකක්ද? (නදී)

:       0       0

ශිරෝමි- පිළියන්දල Thursday, 13 February 2014 02:32 PM

එනවා වගේ නෙමෙයි එයාලට හොඳ ආරක්ෂාවකුත් දෙන්න ඕනේ. පහු ගිය කාලේ වෙච්ච විලිලැජ්ජා නැති වැඩ නොවෙන්න.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 15 February 2014 06:16 PM

ඉන්දික.පාසල් යන තාත්තත් නැති අවරුදු 12 ක ගැහැණු දරුවෙක් රුපියල් 500 යක සපත්තු දෙකක් ගන්න නැතිව,පාසල් ගාස්තු ගෙවන්න රුපියල් 250 ක් නැතිව ලජ්ජාවටම සියදිවි හානි කර ගත්තා. ඒත් ලංකාවේ අය දන්නෙත් නැහැ. ඔබල වගේ අයට අනුකම්පා කරනවා හැරෙන්න කරන්න වෙන දෙයක් නැහැ. (නදී)

:       0       0

සත්‍යා Tuesday, 11 February 2014 02:15 AM

ජනතාවට ඔය සංඛ්‍යා ලේඛන දත්ත වලින් වැඩක් නැහැ. ඒ අයට ඕනේ සංචාරක ව්‍යාපාරය නිසා රටට ගලා එන මුදල් වලින් ජන ජීවිතය නගා සිටුවන්න ආණ්ඩුව මොනවාද කරන්නේ කියල දැන ගන්න. යුද්ධය නතර වූ පසු ඉතිරි වෙනවා කිව ධනය හෝ සංචාරකයින් අරන් ආවයි කියන මුදල් භාණ්ඩාගාරයටද නැත්නම් මකර කටට ද යන්නේ කියල දැන ගන්න ජනතාවටත් අයිතියක් තියෙනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 89 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 175 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 119 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 253 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 49 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 430 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 612 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2110 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1835 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site