IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


සංචාරක පැමිණීම 16%කින් ඉහළට

අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 11.8 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම මාසයේදී විදෙස් සංචාරකයින් 186,288 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ නවතම වාර්තාවේ සදහන් වන අතර මෙය ඉකුත් වසරේ  අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණි 166,610 විදෙස් සංචාරකයින් ගණන හා සැසඳීමේ දී මෙලෙස සංචාරකයින් පැමිණීම වර්ධනය වී ඇතැයි එම අධිකාරිය සදහන් කරයි.

මෙම වසරේ පළමු මාස අටේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන දහතුන් ලක්ෂ පනස් නම දහස් නමසිය හයක් ලෙසින් වාර්තා වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එය පසුගිය වර්ෂයේ පළමු මාස 08 තුළදී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව වන  11,72,465 1 හා සැසදීමේදී මේවසරේ මුල් මාස අට තුළ සංචාරකයින් පැමිණීම සියයට 16 කින් වර්ධනය වී ඇත.



අදහස් (0)

සංචාරක පැමිණීම 16%කින් ඉහළට

නාලක Sunday, 11 September 2016 03:33 PM

අගෝස්තු කියන්නේ දළදා පෙරහැර තියෙන මාසය. ඒ ආගමික සංස්කෘතික මංගල්‍ය නරඹන්න විදේශිකයෝ සෑහෙන එනවා. ඔය අලි ගැන විරුද්ධ වෙන අයත් පෙරහැර නිසා වක්‍රාකාරයෙන් මුදල් හම්බ කරනවා. ඉන්දියානුවන් ට්‍රාන්සිට් එන අය ඇර ඇත්තම සංචාරකයෝ කීයක් එනවද කියලා හරියට කියන එක වටිනවා, නිවැරදි තක්සේරුවක් ගන්න (නි)

:       0       0

ධර්මසිරි Wednesday, 07 September 2016 03:15 PM

හොඳ පුවතක් (නි)

:       0       0

ශාන්ත Wednesday, 07 September 2016 04:30 PM

ගණන් හැදුවට කමක් නැහැ. අනේ! අල්ලපු රටේ සංචාරකයෝ නම් සංගණනයට ගන්න එප (නි)

:       0       0

අනුරාධ Monday, 12 September 2016 06:00 AM

ඇත්ත තත්වය දැනගන්න පුලුවන් හෝටල් වල වැඩකරන අයගෙන්

:       0       0

වික්ටර් Sunday, 11 September 2016 02:22 AM

හෝටල් හිස්. කුඩු අරන් එන අයත් සංචාරකයෝ ගොඩට දමලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 616 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17572 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site