අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 11.8 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එම මාසයේදී විදෙස් සංචාරකයින් 186,288 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ නවතම වාර්තාවේ සදහන් වන අතර මෙය ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණි 166,610 විදෙස් සංචාරකයින් ගණන හා සැසඳීමේ දී මෙලෙස සංචාරකයින් පැමිණීම වර්ධනය වී ඇතැයි එම අධිකාරිය සදහන් කරයි.
මෙම වසරේ පළමු මාස අටේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන දහතුන් ලක්ෂ පනස් නම දහස් නමසිය හයක් ලෙසින් වාර්තා වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එය පසුගිය වර්ෂයේ පළමු මාස 08 තුළදී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව වන 11,72,465 1 හා සැසදීමේදී මේවසරේ මුල් මාස අට තුළ සංචාරකයින් පැමිණීම සියයට 16 කින් වර්ධනය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පුවතක් (නි)
ගණන් හැදුවට කමක් නැහැ. අනේ! අල්ලපු රටේ සංචාරකයෝ නම් සංගණනයට ගන්න එප (නි)
හෝටල් හිස්. කුඩු අරන් එන අයත් සංචාරකයෝ ගොඩට දමලාද?
අගෝස්තු කියන්නේ දළදා පෙරහැර තියෙන මාසය. ඒ ආගමික සංස්කෘතික මංගල්‍ය නරඹන්න විදේශිකයෝ සෑහෙන එනවා. ඔය අලි ගැන විරුද්ධ වෙන අයත් පෙරහැර නිසා වක්‍රාකාරයෙන් මුදල් හම්බ කරනවා. ඉන්දියානුවන් ට්‍රාන්සිට් එන අය ඇර ඇත්තම සංචාරකයෝ කීයක් එනවද කියලා හරියට කියන එක වටිනවා, නිවැරදි තක්සේරුවක් ගන්න (නි)
ඇත්ත තත්වය දැනගන්න පුලුවන් හෝටල් වල වැඩකරන අයගෙන්