IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සංචාරක ඉපැයීම් පහතට

‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් පසුගිය වසර හා සැසඳීමේදී මේ වසරේ මුල් මාස නවයේදී සංචාරක ඉපැයීම් 63.1% කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට සංචාරක කර්මාන්තය උපයාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 205ක් වන අතර එම වසරේ මුල් මාස නවයේදී උපයාගෙන ඇති සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2,594කි.

කෙසේ නමුත් පසුගිය සැප්තැම්බර් මාසයේදී කිසිදු සංචාරක ආදායම් නොලැබී ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ලැබී ඇති සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 956කි.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ගෝලීය වසංගතය හේතුවෙන් මෙරට ගුවන් තොටුපොළ සහ වරාය සියල්ල අඛණ්ඩව හයවැනි මාසයටත් වසා දැමීම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් එලෙස පහළ ගියේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසය දක්වා මුල් මාස නවයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ ගණන 1,376,312ක් වන අතර මේ වසරේ මේ දක්වා කාලයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ ගණන 507,311කි. එය ද වසරේ මුල් මාස තුනේ පැවැති සංචාරකයන් ය.

දැනට ලැබී ඇති දත්ත මත මෙම ගණනය කළ බව ද පසුව සංශෝධනය විය හැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.



අදහස් (0)

සංචාරක ඉපැයීම් පහතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site