(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ ගාලු මුවදොර ඉදි කරන ලද ‘ෂැංග්‍රි ලා’ හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) විවෘත කෙරුණි.
මෙරට ඉදි කරනු ලැබූ දෙවැනි ‘ෂැංග්‍රි ලා’ හෝටලය වන ‘ෂැංග්‍රි ලා කලම්බු’ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා පැවැති ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බෙර වාදන මධ්‍යයේ පීත්ත පටිය කැපූ අතර ජනාධිපතිවරයා චීන සංස්කෘතිකාංගයක් වන සිංහයාට ඇස තැබීමේ අවස්ථාවට ද සහභාගි විය.
ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහ ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් පොල්තෙල් පහන් දැල්විණි. ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝටලයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කරමින් එහි තිබූ සමරු පලකය නිරාවරණය කළේය.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ‘ෂැංග්‍රි ලා’ ජාත්‍යන්තර හෝටල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී බෙන් චී ලිම්, ‘ෂැංග්‍රි ලා කලම්බු’ හෝටලයේ සාමාන්‍යාධිකාරි තිමොති රයිට්, අලෙවි හා කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස් මැක්ෆෝල් යන මහත්වරු සහභාගි වූහ.
එයින් අනතුරුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන ආරාධිතයෝ සමරු සටහන් පොතේ සමරු සටහන් යෙදූහ.
බොලිවුඞ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්, ෆැන් යී රින්, ලූ ලූ යන මහත් මහත්මීන් ‘ෂැංග්‍රි ලා කලම්බු’ හෝටලයේ පළමු අමුත්තන් ලෙස පිළිගන්නා ලදි.
‘ෂැංග්‍රි ලා කලම්බු’ හෝටලය විවෘත කිරීමේ උත්සවයට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස,මහානගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, තානාපති නිලධාරීන්, ෂැංග්‍රිලා හෝටල් සමූහයේ අධ්‍යක්ෂකරුවන්, කළමනාකරුවන් ඇතුළු ආරාධිතයෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හැදුවා කියලා රටේ සාමාන්‍ය මනුස්සයට වැඩක් තියෙනවද? සල්ලිකරයින්ටම හොඳා .... හයිවේ එ් වගෙයි ද? හැමෝටම වැදගත් වුණා ...
හිටපු ජනපතිතුමාගේ විශිෂ්ඨ ආයෝජනයක්...
මෙම හෝටලය හදන්න ඉඩම සින්නක්කරව ලබාදුන්නා කියලා අගමැති ප්‍රමුඛ යහපාලන රජය පසුගිය රජය පතුරු ගැහුවා. යුද්ධය අවසාන වුණාට පසුව ලංකාවට ආව ප්‍රධානම ආයෝජනය මෙයයි. ලැජ්ජා නැතුව අගමැති මේක විවෘත්ත කරන්න.
දැන් ඉතින් බනින්න පටන් ගන්න.
හිටපු ජනාධිපති ඒකාධිපතියා චීනාට සින්නක්කරවම ලියාදුන්නා අපේ රටේ කොටසක්. ඊට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නොගෙන ලජ්ජානැතිව එය විවෘත කරන හැටි...ලැජ්ජයි...
විලි ලැජ්ජාව නැතිනම් කරන්න බැරි දෙයක් නැහැ නේද ? චීන්නු පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇති .
එක්තරා ප්‍රදේශයක ජීවත් වුණු රකුසෙකුට සිදු වුනාලු ගමරාල කෙනෙකුට තල කුරුණි අට බැගින් කප්පම් ගෙවන්න. පසු කලෙක අර රකුසාගේ සුවදුක් බැලීමට ආ බලවත් රකුසෙක් කප්පම් කතාව අහලා ගමරාලට පාඩමක් උගන්නනවා කියලා වහසිබස් දොඩවලා ගමරාල මුණ ගැහෙන්න ගිහිල්ලා. බලවත් රකුසා ගමරාලට හොඳටම බයවෙලා තල කුරුණි දාසයක් දෙන්න පොරොන්දුවෙලා ආවලු. ලංකාවේ අපිට වුනේ ඒ ටිකමයි.
ජනාධිපති, අගමැති මේවා විවෘත්ත කරන්නත් යනවද?
රෙජීමය මෙම හෝටලය හදන්න ඉඩම සින්නක්කරව ලියා දුන්නා, චීන සමාගමට. රටේ වාසනාවකට ඔවුන් බලයෙන් පහ කරන්න මහජනතාව ඡන්දය දුන්න නිසා බලයට පැමිණි යහපාලන රජය මේ "තෑගි ඔප්පුව" වෙනස් කරා. දැන් මේ සුපිරි හෝටලය ඉදිකර තිබෙන්නේ ශ්‍රී ලංකා රජයෙන් "දීර්ඝ කාලීන" බදු ගිවිසුමකට ගත් රටේ වටිනාම ඉඩමකය. බදු කාලය අවසන් වෙන විට මේ ලියන මමත්, මෙය කියවන ඔබත් ජීවතුන් අතර නැත. එමෙන්ම මේ ඉඩම් පිල්ලියට දායක වුන රාජපක්ෂ පවුලත් මේ මිහිතලය මත නැත. කෙසේ වුණත් මේ හෝටලය ඉදිකර තිබෙන ඉඩම් සම්පත රටේ අනාගත දරුවන් වෙනුවෙන් ඉතිරිවී තිබේ. එය චීනයේ කොටසක් නොවේ. එයට අත හිත දුන් අපේ රටේ නායකයන්ට අප කොහොම ගරු කරන්නද? පින් දෙන්නද?
අනුන් හදපුව විවෘත්ත කර කර ඉන්න තමයි තියෙන්නේ.
හරි දේ වැරදියට කිරීම සහ වැරැදි දේ හරියට කිරීම...
අවුරුදු 99ක් කියන්නේ පරම්පරා 2යි. විදේශිකයින්ට ඉඩම් දීම සීමාකළ යුතුයි.
චීනට දුන්නත් කමක් නැහැ කබල් ඉන්දියන් අයට නොදී. රට සංවර්ධනයට චීනා දෙන උදව්වලට ස්තූතිකල යුතුයි.
නන්දලාල් සිල්වා, අනේ ඔයා ප්‍රංශෙට වෙලා පාඩුවේ ඉන්නවාද? අපි මෙහේ ඉඳන් මේ ගොල්ලෝ කරපු ඒවාට පින් දෙනවා මදි නොකියන්නම. මොකද අපිට දැන් ඉන්නෙම ලැජ්ජ බය නැති නායකයෝ (හොරකමට හොදේ). තමුන් නොදන්නවා වුණාට මේ ගොල්ලෝ චීනෙට ලොකු ලයින් දාලා පොර්ට් සිටි එක නවත්තපු එකට වන්දියක් විදිහට චීන කොම්පැණියට වැඩි අයිතියකුත් දීලා තමයි ආයෙමත් ඒ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. ඒක හින්දා ඔය කාට කාටත් කඩේ යන්න කලින් තමන් බඩු ගේන්ඩ ගත්ත මල්ලේ හිල් ටික වහ ගත්තොත් හොඳයි.
නන්දලාල්, අහලා තියෙනවද මෝඩකමට බෙහෙත් නැහැ කියලා. අහලා නැත්නම් කරන්න දෙයක් නැහැ. සොරි තමයි.