
ශ්‍රීලංකන් ගුවන් සේවය UnionPay International සහ ලංකා බැංකුව සමග එක් වී UnionPay ගෙවීම් ක්‍රමය සිය නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පසුගියදා කටයුතු කළේය. මෙමගින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ මාර්ගගත (Online) ගෙවීම් පහසුකම් තවදුරටත් පුළුල් වන අතරම, මේ වන විට වැඩි වැඩියෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිත කරමින් සිටින චීන සංචාරකයන්ටද එමගින් වැඩි පහසුවක් අත්වනු ඇත.
මීට පෙර පාරිභෝගිකයන්ට Visa, MasterCard, Amex, Diners, Discover, UATP, Alipay සහ WeChat Pay යන ගෙවීම් ක්‍රම ඔස්සේ ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගෙවීම් කිරීමට හැකියාව ලබා දී තිබිණි. මෙම ගෙවීම් ක්‍රම අතරට UnionPay එක්වීම මගින් වේගයෙන් වර්ධනය වන ඩිජිටල් සංචාරක වෙළෙඳපොළේ ශ්‍රීලංකන් ගුවන් සේවය සතු පිළිගැනීම තවදුරටත් ඉහළ යනු නිසැකය.
“ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස, ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදීගැනීමේ සිට ගුවන් ගමනේ අවසානය දක්වාම මගීන්ට වඩාත් ප්‍රසන්න අත්දැකීමක් ලබාදීමට අප සෑම විටම උත්සාහ කරනවා. UnionPay කාඩ්පත් මගින් ගෙවීම් කිරීම සඳහා අවස්ථාව ලබාදීම යනු මෙහි තවත් එක් වැදගත් පියවරක්. මෙමගින් ජාත්‍යන්තර සංචාරකයන්ට වඩාත් පහසුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකි වේවි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1354
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1262
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
461
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්‍රීලංකන් මාර්ගගත ගෙවීම් පහසු කිරීමට UnionPay හඳුන්වා දෙයි