
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අලෙවිසල් ජාලයක් වන ‘ශ්‍රියානි ෙඩ්‍රස් පොයින්ට්’ හි 2026 වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙල පසුගියදා Monarch Imperial හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. රට පුරා විසිරුණු ශ්‍රියානි ෙඩ්‍රස් පොයින්ට් අලෙවිසල් ජාලයෙහි සේවය කරන සේවක සේවිකාවන් 1,000 කට අධික පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.
උත්සවයේ එක් සුවිශේෂී අංගයක් වූයේ සමාගමේ දීර්ඝ කාලයක් සේවය කළ සේවක සේවිකාවන්ට උපහාර පිදීමය. ඇතැම් සේවක සේවිකාවන් වසර 10, 15 සහ 20 ඉක්මවූ සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම, සමාගම තුළ වෘත්තීය දියුණුව සඳහා ඇති අවස්ථා මෙන්ම සමාගම කෙරෙහි ඔවුන් තුළ ඇති ළැදියාවට මනා සාක්ෂියකි. මීට අමතරව 2025 මැයි මාසයේ සිට 2026 අප්‍රේල් මාසය දක්වා සමාගමේ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සේවක සේවිකාවන් වෙත කාණ්ඩ රැසක් යටතේ සම්මාන පිරිනමන ලදි. පාරිභෝගික සේවාව, ඉලක්ක ළඟා කරගැනීම, මානව සම්පත් සහ තත්ව සහතිකකරණය ඇතුළු ප්‍රධාන මෙහෙයුම් සහ කාර්යසාධන දර්ශක යටතේ මෙලෙස ඔවුන්ට සම්මාන හා ඇගයුම් හිමි විය.
1993 වසරේදී එක් වෙළෙඳසලකින් ආරම්භ වූ ශ්‍රියානි ෙඩ්‍රස් පොයින්ට් මේ වනවිට ලංකාවේ ජනප්‍රියම ඇඟලුම් හා විලාසිතා ජාලයක් දක්වා වර්ධනය වී ඇති අතර, පාරිභෝගිකයන්ට ඉන් ඇඳුම් පැළඳුම්, ආභරණ, රූපලාවණ්‍ය නිෂ්පාදන සහ නිවසට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු බොහෝ දේ මිලදීගත හැකි වේ. වර්තමානයේදී ශ්‍රියානි ෙඩ්‍රස් පොයින්ට් සමාගම කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මීගමුව සහ රත්නපුර යන නගරවල ප්‍රදර්ශනාගාර විවෘත කර ඇති අතර, මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ ප්‍රදර්ශනාගාර දෙකක් පවත්වාගෙන යයි. රටේ වැඩි පිරිසකට සාධාරණ මිලකට උසස් ප්‍රමිතියෙන් යුත් ඇඟලුම් මිලදී ගැනීමට අවස්ථාව උදාකර දීම සඳහා තවත් ප්‍රදේශ කිහිපයකම ශාඛා විවෘත කිරීමටද සමාගම සැලසුම් කර ඇත. මෙම වසරේ අගභාගයේදී කොළඹ ප්‍රදේශයේ තවත් නවතම ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමටද සමාගම බලාපොරොත්තු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd