මෙරට ගුවන් සේවා ඉතිහාසයේ නව යුගයක් සනිටුහන් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මැයි මස 01 දා සිට ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවා එකමුතුව වන ‘වන් වර්ල්ඩ්‘ හා එක්ව කටයුතු කිරීමේ මෙහෙයුම් අරඹනු ඇත.
ඉන්දියානු උප මහාද්වීපයේ ගුවන් සේවාවක් ලෝක ගුවන් සේවා සමූහයක සාමාජිකත්වය ලබාගත් පළමු අවස්ථාව මෙය වේ.
මැයි මස පළමුවැනිදා සිට ශ්‍රී ලංකන් ගුවන් සේවය ‘වන් වර්ල්ඩ්‘ පූර්ණ සාමාජිකත්වයට අවතීර්ණ වීම නිමිත්තෙන් පැවැත්වෙන සමාරම්භක උත්සවය දෙස් විදෙස් ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් අප්‍රීයෙල් 30 දා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පැවැත්වීමට නියමිතය.
එදින සිට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට වන්වර්ල්ඩ් වෙළෙඳ නාමය එක්වීමත් සමග ලෝක ගුවන්සේවා ජාලයෙහි ප්‍රථීලාභ ලැබීම ආරම්භ වන අතර ඉන් අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක්ද ලැබෙන බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැදෙනවානම් හැදෙන්න මේ අදහස් ටික කියෙව්වනම් ඇති.විශේෂයෙන් ගුවන් යානා කාර්ය මණ්ඩලය.මම දකින තව දෙයක් තමයි අපිට යම් කිසි අකටයුත්තක් ගුවන් යානාව තුල සිදු වුනොත් ඒ පිලිබදව ඔවුන්ගෙන් ප්‍රශ්න කල යුතුයි ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන්.මම නම් අනිවාර්යෙන්ම ඒ දෙය කරනවා.අපේ බොහෝ දෙනෙකු අතින් සිදු නොවෙන්නෙත් එයමයි.(ස)
මමනම් පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඕකේ නොයා ඉන්න. බැරිම උනොත් කොළඹට එන අන්තිම ටික විතරක් ඔහේ එනවා. (ස)
රොෂාන් ද සිල්වා බලපිටිය මහත්මයා,ඒ වගේම පිටරට ගමන් බල පත්‍රයක් තියෙන ශ්‍රී ලාංකිකයෙක් දැක්කොත්, ඒ ගොල්ලන්ට අති විශේෂ සැලකිලි ලැබෙනවා.කොන්දේ පුරුක් පනින ගානටම නැමෙනවා. (ස)
අපෙන් සුභ පැතුම්! (නි)
රොෂාන් ද සිල්වා බලපිටිය,ඔබ කිවුව කතාව සම්පුර්ණ ඇත්ත.ඔය ගුවන් සේවයේ අය, මඟීන් යන එන රට අනුව සැළකීම වෙනස් වෙනවා කියලා මමත් අහලා තියෙනවා.යම්කිසි ගුවන් යානයක් යම් රටක සිට මව් රටට එන විට එහි කාර්ය මණ්ඩලය මඟීන්ට සළකන්නේ පවුලේ උදවිය කාලෙකට පස්සේ ගෙදර එනවා හා සමානවයි.විවිධ ගුවන් සේවා,විවිධ යානා වල ගමන් කර ඇති අය මේ බව දන්නවා ඇති. ඒ තරම් විශේෂ ලොකු මිත්‍රත්වයක් මඟීන්ට දක්වනවා.සමහර ගුවන් සේවිකාවෝ දරුවන් සමඟ ආ ගිය විස්තර කතා කරන්නේ,විහිලු තහළු කරන්නේ ගුවන් යානයේ බිම දණගහගෙන.මම මේ දේවල් දෑසින්ම දැකලා තියෙනවා බ්‍රිටිෂ්,කොන්ටාස්,කැනේඩියන් කියන ගුවන් සේවා වල.අපේ ගුවන් සේවයෙන් අපි එවැනි දේවල් බලාපොරොත්තු වන්නේ නැහැ.නමුත් ඔය යානා වල ගමන් ගන්නා ශ්‍රී ලාංකික මඟීන්ට, සාමාන්‍ය විදියට සැළකීමවත් බලාපොරොත්තු වෙනවා.අවසාන වශයෙන් මම ලංකාදීපයට නැවතත් ස්තුතිවන්ත වෙනවා අපිට අපේ මේ අදහස් අපේ ගුවන් සේවයේ වගකිවයුත්තන්ට කීමට අවස්ථාවක් උදාකර දීම පිළිබඳව. (නි)
මේකේ කොපමණ ලිවුවත් වැඩක් නැහැ ශ්‍රී ලන්කන් එකේ කළු සුද්දන්ට දැන් සිංහලත් අමතක වෙලා.ඒක නිසා මේවා කියන එක හරියට බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ. දැන් කරන්න තිබෙන්නේ වෙනත් සමාගමකට ශ්‍රී ලන්කන් භාර දෙන්න. එතකොට කලු සුද්දන්ට වැඩ කරන්න වෙනවා. ප්‍රධාන කාරනය, අපේ බදු සල්ලි වලින් ඔවුන්ගේ විගඩම් නඩත්තු කරන එක නවත්වන්න ඕනෑ (නි)
මොහොමඩ් ෆාරුක් හරි අවංක මනුස්සයෙක්. ඔබගෙන් මම සමාව ඉල්ලනවා. දැන්වත් ඔබේ හිත හැදෙයිනේ. මම හැමකෙනාම ලියපු දේවල් බැලුවා. සියයට අනුවක් විතරම ඇත්ත තමයි තියෙන්නේ. ගොඩක්ම වෙලාවට ශ්‍රී ලන්කන් එකේ කට්ටිය ලංකාවේ ගුවන් මගීන්ට සළකන්නේ නැහැ. කොහොමහරි එංගලන්තයෙන් එන කට්ටියට හොඳට සළකනවා කියල ආරංචියි. මොකද ඒ ඔක්කොම කතා කරන්නේ ඉංග්‍රීසි නිසා. මැදපෙරදිග සිට එන කට්ටිය කිසි කෙනෙක් ගණන් ගන්නේ නැහැ. හේතුව එයාලා මැදපෙරදිග නිසා. ශ්‍රී ලන්කන් එකේ සේවකයන් ගණන් ගන්නේ නැහැ. ඉංග්‍රීසි දන්නා ටික දෙනෙක් තමයි හැම සුව පහසුවක්ම ලබන්නේ. මේකට මොකක් හරි හේතුවක් තියෙන්න ඕනෑ නේද? ශ්‍රී ලන්කන් කියන්නේ අපේ රටේ ගුවන් සේවය. ඉතින් ඒ කට්ටිය අපිට සලකන්න ඕනෑ නේද? මම ශ්‍රී ලන්කන් එකට ආදරෙයි. හේතුව ඒ අපේ එක. ඉතින් අපේ වැරදි අපි හදාගනිමු. ශ්‍රී ලන්කන් එකට දීර්ඝ දියුණුවක් ලැබේවා. (නි)
මම ඉතාලියේ සිට සෑම අවුරුද්දෙම ලංකාවට යන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන්. හේතුව එකවර නොනවත්වා ඉතාලියේ සිට ලංකාවට යන එකම ගුවන් සේවය නිසා. මිල අධිකයි වෙනත් සමාගම් වලට වඩා. සේවය ගැන මම එතරම් නොසළකමි. ඒ ලංකාවෙන් බසින තුරු හොඳ නින්දක් ගසන නිසා. කිහිප වරක් පැය ගණන් රස්තියාදු වුණෙමි. පසුගිය අගෝස්තු මාසයේ ආපසු එනවිට පැය 5 ප්‍රමාද වී පැමිණ , මාගේ ගමන් බෑගය මට ලැබුනේ දින දෙකකට පසුවය. එය අතපසුවීමකින් මා පැමිණි ගුවන් යානයට දමා නැත. කිසිම මුදලක් හෝ සමාව ඉල්ලීමක්වත් ඔවුන් කළේ නැත. එහෙත් ලබන වරත් එම ගුවන් සේවයම ( ශ්‍රී ලන්කන් ) පාවිච්චි කරමි (නි)
මම නම් දැක ඇති අන්දමට සහ කෙරෙනා දේවල් අනුව , මට පෙනෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය තවත් ගමනක් නොව ගමනක අවසානය කරා යන වගය (නි)
කාට කියන්නද සදුන් මේවා.මම ඔය දඩුමොනරේ ගමන් වලට තිත තිබ්බේ ඔය නිසාමයි.නිකන් අපේ ලේ ටික කෝප වෙන එක විතරයි වෙන්නේ ඕකට නැග්ගට පස්සේ. (ස)
මම එකම වරක් යුරෝපයේ රටක සිට ශ්‍රී ලන්කන් ගුවන්සේවයෙන් ලංකාවට යාමට ගුවන් යානයට ගොඩ උනා . ගුවන් මගින් එකිනෙකා ගොඩ වෙන අතරේ මට පසු පස සිටි යුරෝපිය මහතෙක් සිගරෙට්ටුවක් දල්වා දුම පිට කළා . මට ඉංගිරිසි බසා කතා කිරීමට නොහෙකි උවත් දන්නා හෙටියට ඔහුට මම කිව්වා නිවාදමන්නට . මෙය දුටු ශ්‍රී ලන්කන් ගුවන් සේවකයකු මා වෙත පැමිණ මට ඉංගිරිසි බසින් පැවසුවා . මට අයිතියක් නොමැතිබව එසේ අනික් මගියාට කීමට ( දුම් පානය කරන්න එපා ) මගේ ඉංගිරිසි දෙනුම ඔහු සමග කතා කිරීමට තරම් ප්‍රමාණ වත් නොවූ නිසා මම නිහඩව වරද මගේ විදියට නිහඩ උනා . සිගරෙට්ටුව බීපු සුදු මහතා මට සිනහවක් දැම්මා . මම අනුවණයෙක් විදියට . එදාට පසු අද වනතුරු මම සෑම නිවාඩුවකටම ලංකාවට යන්නේ වෙනත් ගුවන් සමාගම් මගිනි . මම ඉංගිරිසි බාසාව කතා නොකලත් යුරෝපයේ වෙනත් බශාවක් හොඳින් කතා කිරීමට ලිවීමට හැකි කෙනෙක් . මට එදා ඇතිවූ චිත්ත පීඩනය අද වනතුරැ පවතිනවා (දී)
රණතුංග, මම ඔය වගේ ප්‍රශ්න කරලා තියෙනවා. කිසිම ප්‍රතිපලයක් නෑ. මම එක වතාවක් එම ඊ මේල් එකක් යැව්වා. ඒකටත් උත්තර නෑ. ඊට පස්සේ දවසක ඒකම වෙන සුදු මනුස්සයෙකුගේ ඊ මේල් එකකින් යැව්වා. මෙන්න කණගාටුව ප්‍රකාශ කරලා එවනවා. දැන් හිතා ගන්න පුළුවන්නේ. (ස)
කවුරු හරි මේ ගුවන් සේවයේ වගකිවයුත්තෙක් මේ පළකර ඇති අදහස් වලට, ප්‍රති අදහසක් [වැරදි දේවල් ලියවී ඇත්නම්, නිවැරදි කිරීමක් හෝ] දැම්මා නම් වඩාත්ම හොදයි.මොකද හැම දෙයකම දෙපැත්තක් තියෙනවා.එක පැත්තකින් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා.අනිත් පැත්තට අවස්ථාවක් තියෙනවා ඔවුන්ගේ අදහසුත් ප්‍රකාශ කිරීමට. (නි)
වැඩේ නම් හොදයි (දී)
මෙතන අදහස් ලියපු අයගෙන් 90% පමණ ප්‍රමාණයක් ශ්‍රී ලන්කන් පරිපාලනය පිළිබඳව අප්‍රසාදය පල කර තිබෙන බව පෙනී තිබෙනවා , නමුත් ඔවුන් ශ්‍රී ලන්කන් සේවයේ , මගීන්ට සපයන සේවා හොද තත්වයට ගෙන අවොත් ශ්‍රී ලන්කන් සේවයේ නැවත ගමන්කරන බව මගේ හැගීම වේ ,බලධාරයිනි දැන් කලයුතේ අනවශ්‍ය උත්සව සහ සවාරි වලට කරන වියදම් කපාහැර කාර්යක්‍ෂ සේවයක් සැපීමට වහාම කටයුතු කිරීමය , (දී)
මම හැමදාමත් යන්නේ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ.... එහෙත් දැන් අවුරුදු දෙකක තුනක කාලයක සිට ශ්‍රී ලන්කන් ගුවන් යානය නිකන් මට්ටක්කුලිය සිට අඟුලානට යන බස් එකක් වගේ වෙලා. යානය තුළ වැඩ කරන සේවකයෝ කිසිම කමකට නැහැ. හදිසියකට වතුර එකක් ඉල්ලුවට ලැබෙන්නේ නැහැ. බැරිම තැන සේවක කුටියට ගිහින් ඉල්ලාගෙන බොන්න ඕනෑ. ඒකත් හරියට ඕනෑ නම් "කුස්සියට ගිහින් කළෙන් වක්කරන් බීපන් " කියන්න වගේ. ඒ වගේම තමා ගුවන් යානා ආසනයක් වෙන් කරගන්න ගියාමත් කිසිම සැළකිල්ලකට ගන්නේ නැහැ . බල්ලෝ බලල්ලුන්ට වගේ කතා කරන්නේ. මෙවැනි සේවකයන් මෙම ස්ථානවල ප්‍රශ්න තියෙනවා නම් අස්වෙලා යන එක හොඳයි. (නි)
ඉස්සර ජන නායිකාවක් එයා කොපමණ ප්‍රමාද වී පැමිණියත්, එයා එනතුරු පැය ගණන් ගුවන් යානය ප්‍රමාද කිරීම සිරිතක්ව තිබුනා. මම එම කාලයේ දෙවරක් මෙම සිද්ධියට මුහුණ දුන්නා. එදා මගින් කොපමණ අපහසුතාවයකට පත් වුණාද කියා මම දනිමි. අදත් එවැනිම සිද්ධීන් වාර්තා වනවා මම පුවත්පත් මඟින් දැක්කා. ඉතින් කොහොමද ශ්‍රී ලංකා ගුවන් සේවය දිගු ගමන් යන්නේ? බලධාරින්ගේ ඇස මේ ප්‍රතිචාර වලට යොමු වුණොත් ඉතා අගනේය. (නි)
ශ්රී ලංකන් ගුවන් සේවයට උණුසුම් සුබ පැතුම්!! (ස)
මම යෝජනා කරනවා මේ ගුවන් සමාගමේ ගුවන් සේවිකාවන්ට සහ කවුන්ටර් වල ඉන්න නිලධාරීන්ට පාරිභෝගික සේවය යනු කුමක්ද යන වග නිරන්තර පුහුණු කිරීම් සහ වැඩමුළු මගින් මතකය අවදි කළ යුතු බව. එසේ නොමැති වුවහොත් මේ ඇතිවී ඇති අභාග්‍ය සම්පන්න තත්වය මහා වියසනයක් දක්වා ශ්‍රී ලංකන් ගුවන් සමගම නොවරදවාම ගෙන යාවී. අතීතයේ ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන්ගේ සුහද බව, ආචාරශීලී බව, ආගන්තුක සත්කරවල අගය බොහෝ දෙනෙක් ඉතා අභිමානයෙන් කතා කළා. අපි විදේශිකයන් සමග බොහොම ආඩම්බරයෙන් අපේ ගුවන් සේවය ගැන කතා කළේ. ඒත් දැන් ? (ස)
අලුත් ඒ 330-300 ටික ශ්‍රී ලංකන් එකට ලැබුණාම අලුතෙන් ඒ ගුවන් යානා යුරෝපයට එයි. (ස)
ට්‍රයිකෝ රන්ජිත් , මාපලගම පත්මසිරි,සුසන්ත, නිලුපුලි,චන්ද්‍ර, ඔබලාගේ අදහස් වලට මමත් එකඟ වෙමි.මේ වගේ සේවයට ගන්නේ කොළඹ ලොකු ලොකු පාසල් වලට ගිය හෝ දේශපාලන සම්බන්ධකම් ඇති තරුණියන්. ඔවුන් මැදපෙරදිග ගෘහ සේවයට සහ වෙනත් සේවා වලට යන අපේ ගම්වලින් එන අයත් එක්ක හිතාමතාම මුලින්ම කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. අපේ අය ඉංග්‍රීසි බැරි නිසා බිම බලා ගන්නවා. එතකොට අන්තිමට වෙන්නේ මේ අය දෙන දෙයක් කාලා බීලා බිම බලාගෙන ඉන්න. සුදන්න්ට සුද්දියන්ට නම් මේ අය කැමතියි. මේවයේ සේවයට ගැමිකම හඳුනන බොරු සෝබන නැති පිට පළාත්වල උගත් සිංහල , දෙමල , මුස්ලිම් තරුණියන් පත්කරගත යුතුය (නි)
අද බොහෝ යුරෝපයේ සිටිනා ශ්‍රී ලාංකිකයන් නිවාඩුවට ලංකාවට යන්නේ , මැද පෙරදිග රටවල ගුවන් යානා සමාගම් වලින් . හේතුව මිල අඩු කම . සේවය අපේ එකට වඩා හොඳ වීම . රස්තියාදු නොවීම . සේවක සේවිකාවන්ගේ ලොකු කම නෙතිව එකසේ සේවය ලබා ගෙනීම . පැය 8 කට වඩා ප්‍රමාද වුවහොත් තව ටිකට් එකක් නොමිලේ ලැබිම ලබන වසර සඳහා . මේවා අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සලකා බෙලුවොත් ලාබ ලබන ගුවන් සේවයක් මෙන් ඉදිරියට යා හෙක . නෙතිනම් වලපල්ලටම තමා . බිලියන ගණන් පාඩු ලබමින් (ස)
මම කිහිප වරක්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් පැරිසියේ සිට ලංකාවට ගියා. මම දැකපු දෙය තමා ගුවන් සේවක සේවිකාවන් බොහෝ ඇලුම් කළේ, සැළකුවේ ඉංග්‍රීසියෙන් කතා කරන අයට බව. සිංහලෙන් කතා කරපු ඉල්ලපු අයට කුඩම්මාගේ සැළකිළි තමා ලැබුනේ. මම දැන් සෑමවිටම ගමන් කරන්නේ වෙනත් ගුවන් සමාගමක් මඟිනි. ඔවුන් භාෂාවට මුල් තැන නොදී සැමට එකසේ එකම සේවය ලබා දෙනවා. මේවා අපේ ගුවන් සමාගමෙන් තුරන් කළ යුතුය (නි)
සුසන්ත, මම පින් කරලා ඇති සමහරවිට. මට කිසිම අවස්ථාවක ප්‍රශ්න ඇතිවෙලා නැහැ.රැකියාව කරන තැන වුණත් සේවක සේවිකාවන් මා සමඟ ඉතා කුලුපඟව සිටින්නේ. ගුවන් ගමනකදී, බස් එකග ගියත් එසේමය. කෙනෙකුගේ ප්‍රසන්න බවත් , හැසිරීමත් එයට බලපාන බව මගේ හැඟීමයි. මම ලියූ දෙයට ඔබට ඔපමණ සිත් පිඩාවක් වුණේ මොකද කියා සිතා ගන්නට මට පුළුවන්. ඔබට තෙරුවන් සරණයි සුසන්ත මහතාණනි (නි)
ශ්රී ලංකන් ගුවන් සේවය දෙන ගියොත් කතරගම , නොදෙන ගියොත් අතරමග . මෙය මනාව වටහාගෙන පාලනය කළහොත් ලාබ ලබන සහ උසස් සේවාවක් කරන සේවයක් කර ගත හැකිය (අ)
මේ ශ්‍රී ලන්කන් යානා ඉතාමත්ම අබලන්. ලංකාවේ තමා තිබුනේ ආසියාවේ හොඳම ගුවන්යානා නඩත්තු වාර්තා. ශ්‍රී ලන්කන් එකක් 1987 දී හැරෙන්න මේ වෙනකම් අනතුරු වලට ලක්වෙලා නැහැ. (නි)
අජිත් කරුණාරත්න මහත්මයනි ඔබගේ අදහසට ස්තුති , මෙතන අදහස් ලියන වැඩිදෙනෙකුගේ උත්සාහය ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිසිමගට ගැනීමට බව පෙනී යනවා. නමුත් වගකිවයුත්තන්ට මේ ගැන කිසිම උනන්දුවක් නැති බව ශ්‍රී ලන්කන් ගුවන්සේවය අවරුදු ගණනාවක සිට අවරුද්දකට රුපියල් කොටි 1000 සිට 2000 දක්වා පාඩු ලැබීමෙන් පෙනී යනවා. මෙම පාඩුව පියවනු ලබන්නේ සෑම වසරකම මහා භාණ්ඩාගාරය මගින්. මම වගකීමකින් යුතුව ප්‍රකාශ කරනවා මට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට වඩා ශ්‍රී ලංකාව සහ එහි පුරවැසියන්(බදු ගෙවන ජනතාව ) වැදගත් එම නිසා කරුණාකර මෙම සමාගමේ කළමනාකරණය එමෙරටෙස් වැනි සමාගමකට පැවරුවා නම් හරි නේද? (නදී)
ද සිල්වා මහතාණෙනි, ඔබ ලියන දෙය සත්‍ය ලෙස ඔප්පු කිරීමට හැකි සාධක සහිතව ලියන කෙනෙක්. ඉතාම අගය කරනවා. ඒත් මෙතන තිබෙන ප්‍රශ්නය, එකම අන්තයකට වී, හැමදේම හොඳයි කියමින් අනුමත කරන, මේවා නොදන්නවා වගේ ඉවත බලාගෙන පිළිතුරු ලියන කිහිප දෙනෙක්ද ඉන්න එකයි. අපි ඔවුන්ට අනුකම්පා කරමු. (නි)
මෙම ගුවන් සේවය රටේ දියුණුවට කෙසේ වෙතත් එක්තරා කොටසකගේ දියුණුවට තමා තියෙන්නේ'. (ස)
රටේ දියුණුවට හොඳයි (ස)
මෙහි ප්‍රතිචාර දමන සියලු දෙනාටම ලියමි. අප මොනවා ලිවුවත් කිවුවත් , ඔවුන්ට එය බිහිරි අලින්ට වීණා වාදනය කරනවා මෙනි. බොහෝ දෙනෙක් වැදගත් යෝජනා සහ විවේචන දැම්මත් ඔවුන් මෙය දැක්කාද කියා සැකයක් තිබේ (නි)
අවසර හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අදහසට ( අපගේ රටේ ගුවන් සේවය ආරක්ෂා කරගන්න ඕනෑ කියන එකට ) මම ගරු කරනවා. නමුත් ඊට වඩා හොඳ නැද්ද ඔය ගුවන් සේවිකාවන්ට සහ පාලකයන්ට ගුවන් යානයේ යන අපේ රටේ ඉංග්‍රීසි බැරි , දුප්පත් , අසරණ මිනිස්සුන්ට සිංහලෙන් කතා කර කරුණාවෙන් සළකන්න කියලා කිවුවා නම්. සල්ලි තිබෙන යුරෝපයේ සහ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට තීරණය කරන්න පුළුවන් මොන සේවාවේද ගමන් කරන්නේ කියලා.නමුත් මැදපෙරදිග සේවය කරන අයට සිදු වෙනවා හාම්පුතා හෝ ඒජන්සිය තීරණය කරන සේවාවේ ගමන් කරන්න. කරුණජිව මහතාණෙනි, ඔබගේ පැනයට පිළිතුරු මම දෙන්නම්. ඔය ගුවන් සේවාවේ වගකිවයුතු කිසිම කෙනෙක් තමන්ගේ මතය මෙහි පළකරන්නේ නැත්තේ ඔවුන් දන්නවා මෙහි අදහස් පළකරන අය කියන්නේ ඇත්ත කියලා. ඔවුන්ට කට උත්තර නැති නිසා කට වහගෙන ඉන්නවා. මෙවැනි අපේ රටේ ආර්ථිකයට බලපාන වැදගත් ප්‍රශ්න සාකච්ඡා කරන්න වේදිකාව සාදන ලංකාදීපයට සහ එහි කතෘ මණ්ඩලයට මම ස්තුතිය පළකරනවා (නි)
මා ඉන්න රට ඉතාම පුංචි රටක්. මම නම් අවුරුදු 12 ක කාලයක් පමණ ඉන්නේ. ඔයා ඉන්න තැන කිව්වොත් මම ඇවිත් හමුවන්නම්. එවිට මම කවුද කියලා ඔයා හඳුනා ගනීවි,ඔබත් ඉන්නේ සිංගප්පුරුවෙ නම් (නි)
සැම්සන් පිලපිටිය මහතාණෙනි ,ඔබතුමා ඉන්න රටේම තමයි මමත් අවුරුදු විසි පහක් තිස්සේ ජීවත් වෙන්නේ.අපිටත් ඕනෑ නම් කැපී පෙන්න නානාප්‍රකාර දේවල් කියන්න පුළුවන්.වෙලා තියෙන්නේ අපිට එහෙම අවශ්‍යතාවයක් නොමැතිවීමයි. (නි)
චන්ද්‍රා කිව්වා වගේ මම, මේ කියන ගුවන් සේවයේ, යානයක ගිය පළමු සහ අවසාන ගමන ගිය 1992 වර්ෂයේ.ඒ ගොල්ලන්ගේ හැසිරීම එදත් එහෙමයි,අදත් එහෙමයි. (දී)
මගේ අම්මෝ සැම්සන් පිලපිටිය, ඔයා ලංකාවට එන කම්ම ගුවන් සේවිකාවෝ ඔයා වටේ කැරකි කැරකි හිටියද ?ඒ ගොල්ලන්ට වෙන වැඩක් තිබුණේ නැද්ද ? ඔයා හරිම පින්වන්තයෙක්නේ .ඔච්චර වහෙන් හොරෝ කියන්න දෙයක් නැහැනේ. ඔයා ඉංග්‍රීසි දන්නවයි කිව්වනම් ඉවරයිනේ. (ස)
සුභ පැතුම් (දී)
සමහරු නයි අරිනවා.සමහරුන්ගේ සොබනේ දොරේ ගලනවා.මොන නමකින් ලිව්වත්, ලියන විලාසයෙන් අපි දන්නවා කවුද ලියන්නේ කියලා.(ස)
අද ලංකාවේ ඉංග්‍රීසි බස දන්නේ නැත්නම් වලිගය නැති ගොනා වගේ. අපිව සුද්දෝ යටත් කරගෙන ඉඳලා දාලා යද්දී දීලා ගිය උරුම තමයි ඔය භාෂාව;ක්‍රිකට්, ටයි එක... එනිසා කවුරුත් ඔය ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තට වරදක් නැහැ (නි)
මම සේවය කරන යුරෝපා රටේ 90% පමණ මිනිස්සු තමන්ගේ භාෂාවට අමතරව හොදින් ඉංග්‍රීසි කතා කරනවා. නමුත් ඉංග්‍රීසි දැනගෙන මෙහෙ රැකියාවක් හොයාගන්න බැහැ. රැකියාවක් ලබාගැනීමට අනිවාර්යයෙන්ම ඔවුන්ගේ භාෂාව හොදින් කතා කිරීමට හා ලිවීමට හැකිවිය යුතුයි. නමුත් ලංකාවේ මිනිස්සුන්ට හැදිලා තියෙන ඉංග්‍රීසි උණ මොකක්ද ? තමන්ගේ භාෂාව කතා කරන්න බැරි ඇයි ? ඉංග්‍රීසි කියන්නේ සිංහල වගේම තවත් එක භාෂාවක් විතරයි. (ස)
මොන මොන අඩුපාඩු කම් තිබ්බත් ලාංකිකයන් හැටියට ලාංකික ගුවාන් සේවයේම ගමන් කරන්න. වැඩි ම උනොත් ගමන් කාලය පැය 12 ක් යුරෝපයේ සිට ලංකාවට . ඔය කාලයේදී ගුවන් සේවක සේවිකාවන් ගෙන් වන අඩුපාඩු අමතක කරන්න . අපේම ගුවන් සේවයක් නැති කරගන්න එපා . තෙරුවන් සරණයි , සැමටම (ස)
සමහර වෙලාවට සෑම් වෙනවා, සමහර වෙලාවට තව නමක් වෙනවා.අනේ මන්දා! (නි)
මම ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් 3 වතාවක්ම ගුවන් ගමන් ගොස් තිබෙනවා. ගුවන් සේවිකාවන් ඉංගිරිසියෙන් කතා කරපු ගමන් මම කිව්වා , සිංහල දන්නා කෙනෙක් එවන්න . මට ඉංගිරිස් නොදන්නා බව . එසැණින් එයා සිනාවක් දමා , මා සමග කුළුපගව සිංහලෙන් හොඳට කතාකලා . ගමනාන්තය දක්වාම එයා මට හොඳට සෙලකුවා . අනික් වත්වල් වලත් මම ඉංගිරිසි බස කතා නොකරන බව කිව්වම , කිසි ප්‍රස්නයක් ඇති වුනේ නැහැ . මට නම් ගමනාන්තය දක්වා සියලුම සේවක සේවිකාවන් නිතරම කුළුපගව සෙලකුවා . ගම්නාන්තයේදී පමණක් මම ඉංග්‍රීසි බස හොඳින් උච්චාරණය කරමින් ඔවුන්ට ස්තුති කරන විට ඔවුන් සිනා මුසුව මට විහුලුත් කරා . ඔවුන්ට තේරුණා සමහර සිංහලයන් ඉංග්‍රීසි දැන ගත්තත් සිංහල භාෂාවෙන් කතා කිරීමට ආශා කරන බව (ස)
මම මැද පෙරදිග ඉඳල මුල්ම වතාවේ ආවේ කබායක් ඇඳලා. (සම්මුක පරීක්ෂණයේ ඇඳුමින් ) එවෙලේ ලැබුන සැලකීම ඉන් පසු ගමන් වාර 07 දීම ලැබුනේ නැත. හේතුව නොදනිමි. (ස)
මේක ඉතාම හොඳ දෙයක්. අපි මෙය අගය කළ යුතුයි. (නි)
මාධවී ගේ කතාව ඇත්ත එමිරේට් මැලේෂියා .,සිංගප්පුරු වැඩිපුර ගුවන් ගමන් පහසුකම් සපයන්න (දී)
අපේ ගුවන් සේවයේ ගුණාත්මක බව ලෝකයේ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වෙන ජනප්‍රිය සේවයක්. එකමුතුවට එක්වීම මගින් ශ්‍රී ලංකාවේ නම සහ තත්වය තවත් ඉහල පිළි ගැනීමකට ලක්වෙනවා නම් අපි ලාංකිකයින් හැටියට හුඟක් සතුටු විය යුතුයි. මගේ සුබ පැතුම් !!!!. (ස)
ඉස්සර නම් ශ්‍රීලන්කන් ගුවන් සේවිකාවෝ ලස්සනයි (දී)
කලකට පෙර ශ්‍රී ලංකන් ගුවන් යානා ස්වීඩන් වලට ආවා.එක්වරම එය නැවතුණා.නැවතත් මෙම සේවය ලබල දෙන්න. (ස)
වැඩේ නම් හොදයි (දී)
ඔව්..යුරෝපයට එන ශ්‍රී ලන්කන් ගුවන් යානා වල පහසුකම් වැඩි කලොත් ගුවන් මගීන් අතර තවත් ජනප්‍රිය වේවි.. (දී)
ඔව්. යුරෝපයට එන ශ්‍රී ලන්කන් ගුවන් යානා ගොඩක් පරණයි, අපිරිසිදුයි.අාසන එක ළඟ එක.කකුල් දිග අරින්නත් බැහැ. හරිම අපහසුයි.අනික තරුණ අයත් නැහැ. (නි)
යුරෝපෙට එන ශ්‍රී ලන්කන් ගුවන් යානා අවුරුදු 24 කටත් වැඩිය පරණයි. මේ හේතුව නිසා මම දැන් නිකන් ටිකට් දුන්නත් මේවායේ නම් ලංකාවට යන්නේ නැහැ. (දී)
මාධවී, ඉස්සර එයාර් ලංකා එක කටුනායක /සිඩ්නි / මෙල්බෝන් /කටුනායක ට්‍රිප් එකක් සිකුරාදාට තිබුනා. ඒකට ඉල්ලුම වැඩි කමට අගහරුවාදාටත් ෆ්ලයිට් එකක් දැම්මා. (දී)
මම හැම වෙලාවේම ටිකට් පතක් වෙන් කරන කොට බලන්නේ විශ්වාවන්ත ගුවන් සේවයක්ද,ටිකට් පත් වල මිල සහ මිත්‍රශීලි කාර්ය මණ්ඩලයක් යන කරුණුයි.ගුවන් සේවයේ නමක් කියපු ගමන් මම නම් දන්නවා කාර්ය මණ්ඩලයේ ඉන්නේ කොහොම අයද කියා.ඕනවට වැඩිය හිතට අරන් ඉන්න කාර්ය මණ්ඩලයක් ඉන්න ගුවන් සේවයක ,යානයක එක පාරයි ගියේ.එදායින් පස්සේ එම ගුවන් සේවයේ යෑම නැවැත්තුවා. (දී)
විකිපීඩියා වලට අනුව ලෝකයේ 3න් වැනියට ලොකුම ගුවන් සේවා එකමුතුව මෙයයි. ලෝකයේ ලොකුම ගුවන් සේවා එකමුතුව වන "ස්ටාර් අ ලයන්ස්" වලට ඉන්දියානු ගුවන් සමගම ජුනි වලදී එකතු වෙනවා. කෙසේ නමුත් අපගේ දියුණුව ආඩම්බරයි. (දී)
ශ්රී ලන්කන් ගුවන් සේවය මාලදිවයිනට $270ක් අයකරනවා. එමිරේට්ස් එක ගන්නේ $195යි. හැබැයි ඉන්දියාවට, බන්ගලිදේශයට, ඉන්දුනීසියාවට $140-160 අයකරන්නේ, පාඩුව ගෙවන්නේ ලංකාවේ බදුගෙවන්නෝ. මේකයි යථාර්තය. දුකයි. රටේ ජාතික ගුවන් සේවයට අත්වෙලා තියන තත්ත්වය ගැන (නි)
ශ්රී ලාංකිකයන් වැඩිපුර සිටින කැන්ගරු රටට වසර අවසනයෙවත් වැඩිපුර ගුවන් ගමන් පහසුකම් සපයන්න.මලේශීය .,සිංගප්පුරු ඒවා තරඟයට වැඩ.නමුත් කොපමණ තිබුනත් ප්‍රමාණවත් නැහැ.වසර මුල ඇහුවත් ඉඩ නැහැ , ඉඩ නැහැ පුදුම කරදරයක්. (දී)
පාඩු වෙන්නේ නැතුව වැඩ කරන්න (දී)
මගෙන් සුබ පැතුම් පළමුවෙන්ම! දැනට අවුරුදු විසි පහකට පමණ පෙර මා සිටිනා රටේ සිට ලංකාවට යාමට සහ ඒමට [දෙසැම්බර් මාසයේ ]සාමාන්‍ය ගුවන් ටිකට් පතක මිල ඩොලර් 2500/= ක් පමණ වුනා.නමුත් දැන් ,ඩොලර් 1200/= කටත් ගන්න පුළුවන්.දැන් ගුවන් සේවා වලින් තරගකාරී මිලකට ටිකට් පත් ගන්න පුළුවන්.ප්‍රසිද්ධ හැම ගුවන් සේවයකම ටිකට් පත් මිල අඩු වෙලා.ඉතින් අපේ ගුවන් සේවයේ ටිකට් පත් වල මිල වැඩි වුනා කියලා,ගුවන් සේවයට වැඩක් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ.සමහර විට විකිනෙන ටිකට් පත් ටිකත් අඩු වේවි. (දී)
සුභපැතුම් (දී)
ඔන්න මටත් ලියන්න හිතුනා. ඔව් මෙය ඉතාම හොද වැඩක්. හේතුව එක වෙබ් සයිට් එකකින් ගොඩක් කට්ටියට ටිකට් පත් මිලදී ගන්න පුළුවන්. එතකොට ශ්‍රීලන්කන් ගුවන් සේවය ගැන ගොඩක් දෙනෙකුට ඇහැ වැටෙනවා. එතකොට එ්ක අපේ ගුවන් සේවයට ලොකු රුකුලක් වෙනවා. මහේෂ් කිව්වා වගේ ටිකක් මිල වැඩිවෙන්න පුළුවන් ගුවන් ටිකට් පතේ. හේතුව අපි වන් වර්ල්ඩ් එකට ගෙවීම් කරන්න ඕනනිසා.නමුත් මේක ඉතාම හොද දෙයක්. අපි අගය කල යුතුයි. මේක මත්තලින් ආරම්භ කරන එක හොදයි. එතකොට අපේ මත්තලත් ප්‍රොමෝට් වෙන නිසා. අනේ මොනවා හරි වෙලා කමක් න හොද විදියට අපේ ආදරණීය ශ්‍රීලංකාව ගොඩක්ම දියුණු වෙනවනම්. (ස)
ශ්රී ලන්කන් එක පාඩු ලබන විදියට මට නම් හිතාගන්න බැහැ මොනවා වෙයිද කියලා (නි)
මොනවා වුණත් අපේ සුභ පැතුම්! (නි)
අනේ කොච්චර තිබ්බත් මොකටද අපි ඉන්න රටේ ඉදන් ලංකාවට එන්න තියන අමාරුව (ත)
අපේ රටේ නම ගෙනියන්නේ ශ්‍රී ලන්කන් එයාර් ලයින් තමයි. මේ නම හොඳයි (නි)
ගුවන් ටිකට්පත් ගාස්තු වැඩි වෙනවා කියලා කතාවක් තියෙනවා නේද? (නි)
කෝලිත, මෙම ගුවන් සමාගම් දෙක නඩත්තු කරන්න වසරකට වියදම් කරන රුපියල් කෝටි 2000 කට අධික මුදල් ලබාදෙන්නේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින්. රටේ ජනගහණයෙන් වැඩි දෙනෙක් ශ්‍රී ලන්කන් යානයකට පයවත් තබා නැතුව ඇති. පුද්ගලික බස් රථවල දාඩිය දාගෙන කොන්දොස්තරලාගෙන් බැනුම් අහ අහා දුක් විඳගෙන ගමන් කරන අපේ පැට්‍රල් ටිකෙන්, පරිප්පු ටිකෙන් බදු අරගෙන මෙවැනි දේවල් නඩතු කරනකොට අපිට සාධාරණ කේන්තියක් ඇති වන බව ඔබතුමාට නොතේරෙන්නේ ඇයි? (නි)
ඕස්ට්‍රේලියාවට අත්හැරලා නෙමෙයි, හොයන්නේ බලන්නේ නැතුව මඟීන් ගෙනිහින් එරට විසින් ප්‍රතික්ෂේප කරලා. (නි)
වෙන මොනවත් ඕනෑ නැහැ. විදේශීය රටවල ඉන්න ලාංකිකයෝ ටික විතරක් එහාට මෙහාට ඇද්දත් ලාබයි.කොහෙද මේ කාන්තා පාර්ශවයේ තිබෙන ලොකුකම නිසා ලාංකිකයෝවත් යන්නේ නැහැනේ. ගණන වැඩි වුණත් රට ගැන හිතලාවත් අපි යනවා, සුහදශීලී කාර්ය මණ්ඩලයක් හිටියා නම්. ඔය පාඩු නොව, කිර්ති නාමය පහළ වැටුණ ප්‍රමාණයයි. මෙන්න මේ අදහස් ගොන්න ඔය වගකිවයුත්තන්ට ලැබෙන්න සළස්වන්න බැරිද? (නි)
අනේ මම නම් ගියේ එක්වරයි.මගේ රටේ සිටින එක ලාංකිකයෙක්වත් යන්නේ නැහැ.සල්ලිත් දීලා ලොකුකම් බලන්න.තව තව පාඩු ලබන විට ලොකුම ලොකු ගමන යාවි.ඒ ගැනවත් හිතන්න බැරිද?වෙන රටක නම් මේ දාලා තිබෙන අදහස් ටිකම ඇති වැරදි නිවැරදි කරගන්න. කිව්වා නාහන වාහේ උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි. (නි)
එතකොට හිමින් ලංකා එකට තැනක් නැද්ද? (නි)
චන්දිම ගිය වසරේ පාඩු ලබන රජයේ ආයතන වල ලැයිස්තුවක් මහා භාණ්ඩාගාරය මගින් ප්‍රසිද්ධ කර තිබුනා. එහි තිබුන ශ්‍රී ලන්කන් පාඩුව රුපියල් කොටි 2050 යි. මිහින්ලංකා පාඩුව කොටි 100 කියලා. ලංකාවේ ජිවත්වන සියලු දෙනාම ඍජුව හෝ වක්‍රාකාරයෙන් ආණ්ඩුවට බදු ගෙවන බව ඔබ දන්නේ නැද්ද අඩුම තරමෙන් රිලෝඩ් කාර්ඩ් එකෙනුත් ආණ්ඩුවට බදු ගෙවනවා , මම ලියපු අදහස් තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ඔබට නැතිවීම ගැන කණගාටු වන අතර ලබන ආත්මයේ වත් ඔබගේ මනස දියුණු වේවා කියා මම ප්‍රර්ථනා කරමි.(නදී)
ද සිල්වා, මට මොනවා කියන්නද කියල හිතාගන්න බෑ. ගුවන් සමාගම් නඩත්තු වෙන්නේ එව්වයේ අදායමින්. ඔයාගේ බදු මොකටද එව්වට. ඇරත් ඒගොල්ලොත් බදු ගෙවනවා. ලිදේ ඉන්න ගෙම්බෝ වගේ ලංකාවටම කොටු වෙලා ඉන්න අයගේ මෝඩකම තමයි ඉතින්. (ස).
ලංකාවට නිවාඩුවට යන්නේ අපේ ගුවන් සේවය පැත්තකටම දාලා. ගුවන් ටිකට් වල මිළයි, ගුවන් සේවිකාවන්ගේ උද්දච්චකමයි දෙකම ඉහළයි. (නි)
සංචාරක ව්‍යාපාරයට හොද දවසක් (දී)
මේ ගොල්ලෝ ලාබ ලබන මාර්ග වල යන්නේ නැහැ , දකුණු අප්‍රිකාව , ඔස්ට්‍රේලියාව , අදික ලාබ ලබනවා , මේ ගොල්ලෝ ඒවා අත් ඇර දාලා.(නදී)
කෝලිත ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් වැඩි පිරිසක් අයත්වන්නේ දාඩිය දහගෙන කොන්දොස්තරලාගෙන් බැනුම් අහගෙන හතරට නැමිලා ලංකාවේ බස් වල දිනපතා ගමන් කරන පිරිසටය , වලාකුළු උඩින් සින්දු අහමින් මදුවිත තොලගාමින් ගමන්කරන ඡන්ද දායකයන් අයත් වන්නේ අඩු පිරිසකටය , වලාකුළු උඩින් ගමන් කරන අය බිමට බස්සවන්න අපේ කතිරයට පුළුවන් බව අපි 77, 94 සහ 2001 දී සහ 2004 දී පෙන්වා ඇත .(නදී)
'ශ්රී ලන්කන්' කියනවාට වඩා පරණ නම වන 'එයාර් ලංකා' කිවුවම මට නම් පොඩි 'ගතියක්' දැනෙනවා. (නි)
ද සිල්වාට හිතෙන්නේ නැද්ද ....බස් කාර් වල යන එක නවත්වල ඉස්සර වගේ ගොන් කරත්ත වල ගියොත් හොද නැද්ද කියල (දී)
සුභ පැතුම් (දී)
ගුවන් සේවා නඩතු කරන්න වසරකට රුපියල් කෝටි 2000 කට ආසන්න මුදලක් වියදම් වෙනවා. කරුණාකර මෙම මුදල් අපේ රටේ පොදු ප්‍රවාහන සේවය වන ලංගමට හෝ දුම්රිය දෙපාර්තුමේන්තුවට යොදවා මගී ජනතාවට සේවයක් සලසන්න බලන්න . බොරු සෝබන වැඩවලින් අපට වැඩක් නැත , ශ්‍රීමත් බණ්ඩාරනායක , ශ්‍රීමත් ඩී. ඒ. රාජපක්ෂ මහත්වරුන්ගේ දර්ශනයට අනුව කටයුතු කිරීමට කාලය පැමිණ ඇත . (ස)
මම නම් ගුවන් සේවිකාවන්ගේ කැත ලස්සන බලන්නේ නැහැ.නමුත් මිත්‍රශීලි කම අනිවාර්යෙන්ම බලනවා.ඔලුව ඉදිමිච්ච කාර්ය මණ්ඩල ඉන්න ගුවන් සේවා වල යන්නෙම නැහැ.ඒ නිසා මම ලංකාවට එන හැම වෙලාවකම එන්න වෙලා තියෙන්නේ විදේශීය ගුවන් සේවයක. (ස)
මමත් ශ්‍රී ලන්කන්ම තමයි දැන් අවුරුදු 20ක් තිස්සෙම යන්නේ එන්නේ,අවුරුදු 24ක් පරණ යානා අපිට නැහැ.අපිට තියෙන යානා A 320/340 අලුත්ම ඒවා ... ඒවා කිලිටු කරලා ජරා කරලා තියෙන්නෙත් අපේම අය තමයි .... එ්ක නොදැන සමහර අය අපේ ගුවන් සේවයට ගරහනවා බනිනවා .... ගුවන් සේවිකාවන්ගේ කැත ලස්සන බලන්න එපා එයාලා අපි වෙනුවෙන් කරන සේවය ගැන විතරක් හිතන්න.එමිරේට්ස් යටතේ තිබුන කාලේ ලාබය කොහොම වෙතත් අපිට තිබුන යානා 22 ක යානා 8ක් වෙනකන් විකුණගෙන උන්ගේ මඩි තර කර ගත්ත හැටි නොදන්නා කෙනෙක් ඉන්නවනම් එමිරේට්ස් යටතේ හිටපු ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු කෙනෙක් ගෙන් අහගන්න. (ස)
කොන්ටාස් ගුවන් සේවයේ ටිකට්පත් අනෙක් ගුවන් සේවා වල ටිකට්පත් හා සැසඳීමේදී ඉතාමත් මිල අධිකය. ඔවුන්ටත් දැන් යන එනමං නැති ගානය. සේවකයන් 5000 කගේ පමණ රැකියා ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත අහෝසි වේ.මිළ අධික ගුවන් ටිකට්පත් විකුණන සෑම ගුවන් සේවයකට සිදුවන්නේ පාඩු ලබමින් ඉදිරියට යාමය.නැතහොත් වසා දැමීමය. (නි)
ශ්‍රීලන්කන් එමිරේට්ස් මගින් පාලනය කල කාලයේ ලාභ ලැබිය , නමුත් නැවත රජයේ පාලනයට ගත් දින සිට පාඩු ලැබිය , මිහින් ලංකා පිහිටවූ දින සිට පාඩු විදිනවා නේද ? (ස)
ජය ශ්‍රී ලංකා. (ස)
අපි සුභ පතමු හොඳ ගමනකට.(ස)
මම මෙයට ලියූ සත්‍ය ප්‍රතිචාරය මගේම අත්දැකීමෙන් මම ලියූ එකක් (නි)