
(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාව තමන්ටම ආවේණික සංවර්ධන මොඩලයක් නිර්මාණය කරගැනීමේ මාර්ගයට පිවිස ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව එම ක්‍රියාවලියේ සංවර්ධන ඒජන්ත වෙමින් එම කාර්යභාරය ඉටු කිරීමට අපේක්ෂාවෙන් සිටින්නේ යැයි ද එහි අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (28) පැවැසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වැනි සංවත්සරවය වෙනුවෙන් , මහ බැංකු පරිශ්‍රයේදී සංවත්සර දේශනය කරමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ඉතා විශාල වෙනසකට පරිවර්තනය වීමේ කේන්ද්‍රස්ථානයකට පැමිණ ඇතැයි ද රාජ්‍ය කේන්ද්‍රීය සහ රජයේ මඟ පෙන්වීම යටතේ කෙරෙන ප්‍රතිපත්ති රෙජීමයක් තුළින් බෙදාහදාගත් සහ සියලු පාර්ශවවල සහභාගීත්වය ඇති සමාජ-ආර්ථික සංවර්ධනයක් ජනතාව තෝරාගෙන ඇතැයි මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා කීය.
ශ්‍රී ලංකාව වසර ගණනාවක් මුළුල්ලේ විවිධ සංවර්ධන මොඩල සහ ප්‍රතිපත්ති රාමු අත්හදා බලා ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා මෙහිදි සිහිපත් කළේය.
ප්‍රතිපත්ති ගැනීමේ පද්ධති සහ ප්‍රවේශ සහ පරිපාලන සහ සහ අනෙකුත් යාන්ත්‍රණ ඉහත කී ආකාරයේ සංවර්ධනයක් අත්පත් කරගැනීම සඳහා සකස් කෙරෙන බව ද මහාචාර්ය ලක්ෂ්මන් මහතා කීවේය.
ශ්‍රී ලංකාව මේ වනවිට තමන්ටම ආවේණික වූ රාජ්‍ය සංවර්ධන මොඩලයක් නිර්මාණය කිරීමේ මාර්ගයට පිවිස ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව එහිදි සංවර්ධන නියෝජිතවරයා ලෙස භූමිකාවක් රඟ දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද කීවේය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, නියෝජ්‍ය අධිපතිවරුන් එච්.ඒ. කරුණාරත්න සහ කේ.එම්.එම්. සිරිවර්ධන, බැංකු ප්‍රධාන හා පෙළේ සමාගමවල ප්‍රධානීන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මොඩලය යටතේ ඉක්මනින්ම රටේ සියළු සම්පත් හා ධනය මැති ඇමැතිවරුන් සහ ඉහළ තලයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු යටතට පත්කරනු ඇත. ඉන්පසු ජනතාවට තියෙන්නේ තමන්ට අවශ්‍ය අඩුම කුඩුම එයාලගෙන් ඉල්ලාගෙන සීඝ්‍ර සංවර්ධනයක් ලබා ගැනීමයි.
මේ මොඩලයට නමක් යෝජනා කරන්න කැමැතියි. ඕකේ නියම අදහස එළියට එන්නත් එක්ක ‘‘රාජපක්ෂ මොඩලය‘‘ කියලා දාමු..
ඔබතුමාලාගේ මොඩල් කාලාම අපේ මොලේ කචල්...