වර්තමානයේ මෙරට ආර්ථිකයේ ඇතැම් අංශ සඳහා නිපුණතා සහිත, අර්ධ නිපුණතා සහිත සහ විශේෂඥ කුසලතා සහිත විදේශ ශ්‍රමිකයන් බඳවාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වේ. මේ වන විට මෙරට ආගාමික ශ්‍රමිකයන්ගේ සංක්‍රමණ නියාමනය කිරීම, ආයතන කිහිපයක් විසින් ක්‍රියාත්මක කරනු ලබන බහුවිධ පරිපාලන ක්‍රියා පටිපාටි අනුගමනය කරමින් සිදු කරනු ලබයි.
මෙරට ආගාමික ශ්‍රම සංක්‍රමණය පිළිබඳ තොරතුරු මධ්‍යගත තොරතුරු පද්ධතියකට ඇතුළත් කිරීමෙන් විධිමත් නියාමනයක් සිදු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. එකී කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සඳහා ආගාමික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තියක් සකස් කිරීමට යෝජනා වී තිබේ. එම ප්‍රතිපත්තියෙන් රැකියා අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ශ්‍රමිකයන් ඇතුළත් කර ගැනීම, ඔවුන් සේවයේ යෙදවීම, අධීක්ෂණය කිරීම, ආරක්ෂා කිරීම හා නියාමනය කිරීම සඳහා සම්බන්ධීකරණය වූ සහ විනිවිදභාවයකින් යුත් විධිමත් ජාතික රාමුවක් ස්ථාපිත කෙරෙනු ඇත. එමෙන්ම, එමගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අවස්ථා ආරක්ෂා කිරීම සහතික කෙරේ.
ඒ අනුව, ශ්‍රී ලංකාව සඳහා ආගාමික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමටත්, ඒ සඳහා වන ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කිරීම පිණිස කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd