ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරන Sri Lanka Expo 2027 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශකයන් ලෙස ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූලි 31 දක්වා විවෘත කර ඇතැයි එම මණ්ඩලය පවසයි. මෙම ප්‍රමුඛතම වෙළඳ ප්‍රදර්ශනය, 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ BMICH හිදී පැවැත්වීමට නියමිතය.
මෙම ප්‍රදර්ශනයට සහභාගී වන දේශීය අපනයනකරුවන්ට ගෝලීය ගැනුම්කරුවන් සහ ආයෝජකයින් 1,500 කට අධික සංඛ්‍යාවක් හමුවීමට අවස්ථාව සැලසේ. මීට අමතරව, විභව ගැනුම්කරුවන් සමඟ පෙර සැලසුම් කළ ව්‍යාපාරික හමුවීම් සඳහා ද ප්‍රදර්ශකයන්ට අවස්ථාව හිමිවේ. ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ විවිධත්වය විදහා දක්වන පරිදි ක්ෂේත්‍ර 25ක් ඔස්සේ ශ්‍රී ලාංකික අපනයනකරුවන් සහ අපනයන විභවයක් ඇති සමාගම් සඳහා ප්‍රදර්ශන කුටි 650ක් වෙන් කර ඇතැයි පවසයි.
වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා පහත නිලධාරීන් සම්බන්ධ කර ගත හැක. කාර්මික නිෂ්පාදන සඳහා ඉන්දික සුගතදාස (0718246762 | [email protected]), කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ජයනී ගලගෙදර (0710391184 | [email protected]), සහ සේවා අංශය සඳහා ඩිෂාන්ට් යාපා (0772953717 | [email protected]) ඇමතිය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd