IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශ්‍රී ලංකා TechFront දෙසතිය 17 සිට 30 දක්වා


භානුක අමරසිංහ


 නියෝජ්‍ය අමාත්‍ය 
එරංග වීරරත්න

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරන ඩිජිටල් තාක්ෂණික ඉසව් රැගත් ශ්‍රී ලංකා TechFront දෙසතිය (TechFront Fortnight) 17 (හෙට) සිට 30 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. ජාතික මට්ටමේ ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන මෙම TechFront දෙසතිය ශ්‍රී ලංකාවේ ඩිජිටල් බලගැන්වුම සහ දැනුම පාදක කරගත් ආර්ථිකයක් කරා යන ගමන වඩාත් වේගවත් කිරීම මෙන්ම ශ්‍රී ලංකාව තාක්ෂණික, නවෝත්පාදන සහ කෘත්‍රිම බුද්ධිය මූලික කරගත් අනුවර්තනයක් සඳහා වන කලාපීය මධ්‍යස්ථානයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් නිර්මාණය කර තිබෙන බවත් එම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සැප්තැම්බර් 17 වැනිදා සිට 20 වැනිදා දක්වා සිනමන් ලයිෆ්හිදී පැවැත්වෙන  Disrupt Asia ඉසව්වත් සමගින් මෙම TechFront දෙසතිය ආරම්භ වෙයි. එසේම Sri Lanka FinTech Summit 2025 ඉසව්ව 24 සහ 25 දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි. මීට අමතරව ජාතික කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය (National AI Expo and Conference) 29 සහ 30 දෙදින තුළ කොළඹ මොනාක් ඉම්පීරියල්හිදී පැවැත්වෙයි.

විශේෂයෙන්ම රජය සැප්තැම්බර් මාසය ඩිජිටල් ආර්ථික මාසය ලෙසින් නම් කර ඇති අතර, එහිදී ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් උපාංග සහ සේවා භාවිතය ඉහළ දැමීම, ඩිජිටල් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම අපේක්ෂාවයි. එසේම 2030 වන විට මෙරට ඩිජිටල් ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 15ක් බවට පත් කිරීමේ බලාපොරොත්තුව ද මෙම වැඩසටහනේ අරමුණකි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඩිජිටල් ආර්ථිකය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා, “ශ්‍රී ලංකා TechFront දෙසතිය කියන්නේ ඉසව් මාලාවකට එහා ගිය දෙයක්. මෙය නවෝත්පාදනය, අපගේ තරුණයන් බලගැන්වීම සහ ඩිජිටල් යුගයේ නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාවේ සූදානම පෙන්නුම් කරන අවස්ථාවක්. සහයෝගීතාවන්, ආයෝජන සහ නිර්මාණශීලීත්වය සමගින් අපි කිසිවකුත් අත්නොහැර අපගේ අනාගතය ගොඩනගනවා,” යනුවෙන් පවසා සිටියි.

 



අදහස් (0)

ශ්‍රී ලංකා TechFront දෙසතිය 17 සිට 30 දක්වා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site