IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වෙළෙඳාමේ අඩුවක් කියන්න බෑ

මාලබේ රූපාලි බෑග් වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික ශාන්ති ගමගේ

මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට මාලබේ වෙළෙඳ නගරයට පිවිසුණු අවස්ථාවේ අප ගොඩවැදුනේ බෑග් වෙළෙඳසලක් වන රූපාලි බෑග් වෙළෙඳ ආයතනය වෙතටයි. එහිදී එහි ව්‍යාපාරික ශාන්ති ගමගේ මහත්මිය මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

මේ දිනවල බිස්නස් කොහොමද?
මේ වෙළෙඳසල ආරම්භ කරලා දැනට වසර 6 ක් වෙනවා. මේ දිනවල බිස්නස් පිළිබඳව කතා කරනවා නම් වෙළෙඳාමේ අඩුවක් කියන්න බෑ. වෙළෙඳාම සාමන්‍ය පරිදි කෙරීගෙන යනවා. 


බිස්නස් අඩුවීමට හෝ වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
බෑග් තමයි මෙතන අලෙවි කරන්නේ. පාසල් බෑග්, හෑන්ඩ් බෑග්, ට්‍රැවලින් බෑග් වගේ ඕනම වර්ගයක බෑග් වර්ගයක් මගේ වෙළෙඳසලෙන් මිලදී ගන්න පුළුවන්. නව බෑග් අලෙවි කරනවාට අමතරව කැඩුණු බෑග් සාදා දීමත් සිදු කරනවා. යම් කෙනකුට ඔහුටම අනන්‍ය වූ බෑග් නිර්මාණයක් කර ගැනීමට අවශ්‍ය නම් මහලා නිම කරලා දෙනවා. විකුණන අනෙක් බෑග් මම මිලදී ගන්නේ පිළියන්දල, රැක්මලේ, කඩවත බෑග් මහන ආයතනවලින්. මේ විදියට තමයි මගේ බිස්නස් එක කෙරීගෙන යන්නේ. 
ඔක්කොම දේශීය නිෂ්පාදන තමයි තියෙන්නේ. සාධාරණ මිල ගණන්වලට බෑග් අලෙවි කරන නිසා බිස්නස් අඩුවක් නෑ. සාමන්‍ය විදියට තියනවා. මොකද සේවකයන්ටත් පඩි ගෙවලා ලාබයක් ගන්න බෑ. මොකද බෑග් එකක් විකිණීමෙන් මහා ලොකු ලාබ ලබන්න බෑ. අනික මේ දිනවල තියන ආර්ථිකයත් එක්ක මිනිස්සු හරි පරිස්සමට වියදම් කරන්නේ. භාණ්ඩ මිලදී ගන්න ආවත් හැම වෙළෙඳ ආයතනයකටම ගිහින් මිල ගණන් බලලා තමයි මිලදී ගන්නේ. පවතින ආර්ථිකය හැමෝටම අමාරුයි. 


ශෂිකා අබේරත්න
ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (0)

වෙළෙඳාමේ අඩුවක් කියන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site