IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වෙළෙඳ හිඟයේ අඩුවීමක්

(හර්ෂණ තුෂාර සිල්වා)

අපනයනවලින් ලද ඉහළ ආදායම සහ ආනයන වියදම අඩුවීම හේතුවෙන් ජනවාරි මාසයේදී වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ අනුව මේ වසරේ පළමු මාසයේදී වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 617ක් දක්වා අඩු වී තිබේ. එම අඩුවීම පසුගිය වසරේ ජනවාරි සහ දෙසැම්බර් මාස හා සැලකීමේදී ද සැලකිය යුතු අඩු වීමකි.

ඉකුත් වසරේ ජනවාරි මාසයේදී වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් 701ක් ලෙස සටහන් වී තිබෙන අතර පසුගිය දෙසැම්බර් මාසයේදී වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,049ක් ලෙස සටහන් වූ බව මහ බැංකුව කියයි.

ජනවාරි මාසයේ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව පවසයි.

පසුගිය වසර සැලකීමේදී මේ වසරේ ජනවාරි මාසයේදී අපනයන ආදයම සියයට 7.5කින් වර්ධනය වී තිබෙන අතර ආනයන වියදම සියයට 17.8කින් අඩු වී ඇත. 

2018 වසරේ ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 965ක් වූ අපනයන ආදායම මේ වසරේ ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 1,038ක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 2,014ක් වූ ආනයන වියදම 2019 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 1,655ක් දක්වා අඩු වී ඇත. 

 



අදහස් (2)

වෙළෙඳ හිඟයේ අඩුවීමක්

sachith Thursday, 18 April 2019 07:55 AM

මේ අඩු වීමට හේතුව මොකද? වාහන ගෙන්වීම අඩු එකද? කිරිපිටි ආනයනය ඒ කලේ අඩු වීමද?

:       0       2

menna Saturday, 20 April 2019 11:56 AM

ලංකාව හරියට අපනයනය කරන්නේ මොනවද? කසල තේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site