චීනය හා ශ්‍රී ලංකාව අතර සබදතා ක්‍රමයෙන් වර්ධනය වන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානපති වූ ජියැන්හෝ මහතා චීන ෂින්හුවා පුවත් ඒජන්සිය හා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දැක්වීය.
එහිදී ඔහු ශ්‍රී ලංකාවේ විසල් සංවර්ධන ව්‍යාපෘතීන් වලට චීනය දායකත්වය සපයා ඇති අයුරු පෙන්වාදුන්නේය.
2009 වසරේ යුද්ධයේ අවසානයත් සමග මේ දක්වා ගතවී ඇති කාලයේ ශී්‍රලංකාවට වඩාත්ම ආධාර ලබාදී ඇත්තේ චීනයයි.ණය ආධාර හා සංවර්ධන ව්‍යාපෘති ආදී ලෙස ලබාදී ඇති එම ආධාරයන්ගේ වටිනාකම ඩොලර් බිලියන 4 ඉක්මවන්නකි.
මහා මාර්ග,විදුලි බලාගාර, දුම්රිය මාර්ග හා ඉදිකිරීම් වැනි මහා පරිමාන ව්‍යාපෘතීන් හා මෙන්ම ශ්‍රී ලංකාවේ වෙනත් ක්ෂේත්‍රයන් වලද ආයෝජනය කිරීමට ඇති ඉඩකඩද චීනය හදුනාගෙන ඇතැයි ජියැන්හෝ මහතා පැවසීය.
2014 වසරේ දෙරට අතර අත්සන් කිරීමට නියමිතව ඇති නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළේය.
මේ දක්වා චීනය හා ශ්‍රී ලංකාව අතර සිදුවූ ගනුදෙනු වලින් වැඩි වාසි අත්වූයේ චීනයට බවත් නමුත් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එම තත්ත්වය වෙනස් වනු ඇති බවත් ඔහු කීය.
චීනයට අවශ්‍ය වන්නේ වැඩි වාසි සළසා ගැනීම නොව දෙරට අතර සබදතා වැඩි වර්ධනය කර ගැනීමත්, චීන වෙළදපොලෙහි ශ්‍රී ලංකාවට වැඩි ඉඩක් වෙන්කර දීමත් බව ඔහු පැවසීය.
මේ සදහා ශ්‍රී ලංකාවද සාධාරණ උත්සාහයක් දැරිය යුතුව ඇතැයි ඔහු කීය.ගිවිසුමෙන් වාසි සළසා ගැනීමටනම් ශ්‍රී ලංකාවේ සිට චීනයට සිදුකෙරෙන අපනයනයන් විවිධාංගීකරණය කිරීම,ඒවායේ ගුණාත්මක භාවය ආදී කරුණු ගැන ශ්‍රී ලංකාව සැළැකිලිමත් විය යුතුවනු ඇතැයි ඔහු සදහන් කළේය.
මේ සදහා ශ්‍රී ලංකාවටම තමන්ගේ ක්‍රමෝපායන් භාවිතා කිරීමට හෝ චීනයේම තාක්ෂණික සහය ලබා ගැනීමටද හෝ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
චීනය ඇති කිරීමට යන ‘අන්තර්ජාතික මුහුදු සේද මාර්ග‘සංකල්පයේ ශ්‍රී ලංකාවද ප්‍රධාන කොටස්කරුවකු වනු ඇති බව ජියැන්හෝ මහතා කීය.
චීනයේ අන්තර්ජාතික මුහුදු සේද මාර්ග සංකල්පයට කැමැත්ත පළ කළ පළමු රට වන්නේ ශ්‍රී ලංකාවයි.මුහුදු මාර්ගයෙන් ආසියාකරය හා බටහිර එකිනෙක යා කිරීම මෙම සංකල්පයේ තේමාව වේ.
එහිදී ශ්‍රී ලංකාව ආසියාකරය හා බටහිර යාකරන වෙළද මධ්‍යස්ථානයක් සේ සැළකෙනු ඇතැයිද එයින් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් වාසි සැළැසෙනු ඇතැයිද ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවට චීන සංචාරකයින්ගේ පැමිණීමද සැළැකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ඔහු වැඩිදුරටත් කීය.
දිගින් දිගටම ශ්‍රී ලංකාව හා සබදතා පැවැත්වීම චීනයේ අපේක්ෂාව බව වූ ජියැන්හෝ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා (දී)
ඉන්දියාවට වඩා චීනය කොච්චර හොඳද? (නි)
චීනය පිලිපීනයට කරලා තිබෙන විනාස ගැන දන්නා කිසිම කෙනෙක් චීනය හොදයි කියල කියන්නේ නැහැ. ලංකාවත් දැන් චීනෙට විකුනලා කාලා ඉවරයි. රටේ අනාගත දරු පරම්පරාව සදාකාලිකවම නය ගරති කරලයි තියෙන්නේ. අනාගත දරු පරම්පරාවට දෙවියන්ගේම පිහිටයි. (නදී)
චීනයට පන්දන් අල්ලන හැමෝම දැන ගන්න ඕනේ , මේ එන්නේ ආදරයට නෙවෙයි . දකුණු ආසියාවේ රටවල ආර්ථිකය අල්ලගන්නයි . ශ්‍රී ලංකාව චීනය ළඟ තිබුනා නම් බලා ගන්න තිබුන මේ අයගේ වැඩ. එහෙනම් අපි අද චීනේ කැල්ලක් විතරයි. ඔහොම යං. (නදී)
චීනය අපේ අපනයන්ගේ ගුණාත්මක භාවය ගැන කතා කරනවා.ඊට කලින් චීනය, තමන්ගේ අපනයනයන් මුළු ලෝකයටම බෙදා හැරීමට පෙර එම ගුණාත්මක භාවය ගැන සිතිය යුතුයි. මොකද සමහර චීන බඩු ගැන නම් කියලා වැඩක් නැහැ. සමහර කම්පියුටර් හාඩ් ඩ්‍රයිව් එනවා චීනෙන්, ඇතුලේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික උපාංග නෙවෙයි,නට් සහ බෝල්ට්.(නදී)
හොදයි ඒ උනාට අපිට කිසිම සහනයක් නැහැනේ (දී)
කොචිචර ආදයමක් තිබුනත් වැඩක් නැහැ ලංකාව හැමදාම එකතැන. (දී)
චිනේ හින්දා අපි ගොඩ (දී)
තව තවත් වැඩි වෙන්න ඕනේ (දී)
දුන්න මුදල් වලින් ණය ප්‍රමාණය කොපමණද? ආධාර කොපමණද? අත්සන් කිරීමට නියමිතව ඇති නිදහස් වෙළද ගිවිසුම ගැන කවුද ලංකාවේ පර්යේෂණ කරලා තියෙන්නේ? අපි ඉන්දියාව එක්ක ගැහුව ගිවිසුමට වඩා අන්ත වෙනව මේක හරියට නොකලොත්. (නදී)
ලංකාවට චීනෙන් ආධාර ලැබෙනවා (දී)
ලෝකෙම චීනෙට බයයි ඒ නිසා අපි පරිස්සම් (දී)
වැඩක් නැහැ (දී)
දමිත් ඔබ නිවරදියි (දී)
මේවා පොළියත් එක්ක ආපහු අපිටම ගෙවන්න වෙයිද? (නි)
ඒගොල්ලෝ නම් උඩ පැන පැන කියයි. මේවා පොලියත් එක්ක ආපහු ගෙවන්න වෙන්නේ අපිටයි. අපේ ඉදිරි පරපුරේ අයටයි කියල කියන්න කවුරුත් නැහැනේ. (නදී)
චීනයෙන් කෝටි 528 ක ආධාර ලබා දීම සතුටට කරුණක්. ණය ආධාර කිව්වොත් පොලියට බව වැටහේ. නොරොච්චෝලෙන් සවුත්තු උනත්, යුද්ධය වෙලාවේ අඩුවට ණයට යුධ උපකරණ සැපවුයේ චීනය බව අපි අමතක නොකළ යුතුයි. ආධාර දුන්නත් කොන්ත්‍රාත් කරුවන්ද චීනය මයි. අඩුවට වැඩක් කරගත හැක්කේද චීනයෙන්මය. වෙළඳ ගිවිසුම් වලදී හොර සිගරැට් ,ප්‍රමිතියෙන් තොර අවුසද ,සරුංගල් ,පලතුරු හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ගැන ආවරණ නීති පැනවීම අපේ වගකිවයුත්තන් සැලකිල්ල යොමුකරනු මැනවි (නදී)
දුන්න මුදල් වලින් ණය ප්‍රමාණය කොපමණද? ආධාර කොපමණද? අත්සන් කිරීමට නියමිතව ඇති නිදහස් වෙළද ගිවිසුම ගැන කවුද ලංකාවේ පර්යේෂණ කරලා තියෙන්නේ? අපි ඉන්දියාව එක්ක ගැහුව ගිවිසුමට වඩා අන්ත වෙනව මේක හරියට නොකලොත්. (නදී)