නිමල කොඩිතුවක්කු 


2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ වන නියෝග/ නියමය ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ මත ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තන් විසින් ශ්‍රී ලංකාවෙන් පිටත කරන ප්‍රාග්ධන ගනුදෙනු සඳහා පොදු අවසරයක් සහ විගාමිකයන් විසින් විදේශයන්ට අරමුදල් මාරු කිරීම පිළිබඳ අවසරය ප්‍රදානය කරමින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ 2021 අංක 1 දරන විදේශ විනිමය (ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවෙන් පිටත සිදු කරනු ලබන ප්‍රාග්ධන ගනුදෙනු වර්ග) නියෝග සහ 2021 අංක 3 දරන විදේශ විනිමය (විශ්‍රාමිකයන් විසින් අරමුදල් ප්‍රේෂණය කිරීම) නියෝග නිකුත් කරනු ලැබ තිබේ.
එම නියෝග මගින් ලද අවසරය මත සිදු කරන ප්‍රතිමුඛ ප්‍රේෂණ අංක 2467/67 හා 2025-12-18 දිනැති අති විශේෂ ගැසට්‌ පත්‍රයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තියේ විධිවිධාන යටතේ වන නියමයක් අනුව විවිධ සීමා කිරීම්වලට ලක් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය පනත යටතේ දැනට පවතින එකී නියෝග අවලංගු කර නව නියෝග නිකුත් කිරීමටත්, මේ වන විට ක්‍රියාත්මක සීමා කිරීම් අඛණ්ඩව පවත්වා ගැනීමට නව නියමයක් නිකුත් කිරීමටත් නිර්දේශ කරනු ලැබ තිබේ.