ලංකාව තුළ අද වනවිට පෙට්‍රල් මගින් ක්‍රියාත්මක ත්‍රිරෝද රථ ලක්ෂ 12කට වඩා වැඩි ප්‍රමාණයක් පවතින බවත්, එම ත්‍රිරෝද රථ සියල්ල විදුලියෙන් ක්‍රියාත්මක වන ඒවා බවට හැරවුවහොත් රටෙහි වාර්ෂික ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 500 කින් පමණ අඩු කළ හැකි වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පවසයි.
Accelerating the transition to electric three-wheelers in Sri Lanka ලෙස එම වැඩසටහන මගින් සකස් කළ වාර්තාවක මෙම කරුණු ඇතුළත්ව තිබේ. ඒ අනුව ඉන්ධන ආනයන පිරිවැය අඩුකිරීමට අමතරව රියදුරු මෙහෙයුම් පිරිවැය අඩු කිරීමට, රටෙහි නාගරික වායු ගුණාත්මක බව ඉහළ නැංවීම සහ වඩාත් පරිසර හිතකාමී රැකියා නිර්මාණය සඳහා මෙය වැදගත් බවත් එම වැඩසටහන සඳහන් කරයි.
දැනටමත් ප්‍රවාහන අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව පෙට්‍රල් ත්‍රිරෝද රථ විදුලියෙන් ක්‍රියාත්මක රථ බවට පරිවර්තනය කිරීමේ නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, එහි ප්‍රතිඵලද වාර්තා කර තිබේ.
ඒ අනුව ටැක්සි මෙහෙයුම්කරුවකුට මාසිකව ඉන්ධන සඳහා වැයවන රුපියල් 30,000ත් - 80,000ත් අතර සාමාන්‍ය මුදලක් ඉතිරි කරගත හැකි වනු ඇති බවත්, වාර්ෂික අලුත්වැඩියා වියදමින් රුපියල් 50,000ක සාමාන්‍ය අගයක් ඉතිරි කරගත හැකි බවත් පවසයි. එසේම බැටරි ආරෝපණ ප්‍රභවය අනුව සෑම ඉ-ත්‍රිරෝද රථයකින්ම වසරකට කාබන් ඩයොක්සයිඩ් පිටවීම ටොන් 1.68ත් 2.8ත් අතර අගයකින් අඩුවනු ඇතැයිද පවසයි.
කෙසේ වෙතත් මෙම තත්වයට ළගාවීමට නම් වඩාත් පැහැදිලි ආරක්ෂක සහ පරිවර්තන ප්‍රමිති අවශ්‍ය බවත්, වඩාත් සරල මූල්‍ය පහසුකම්, ආරෝපන යටිතල පහුකම්, රක්ෂණය, අලෙවියෙන් පසු සේවා, දක්ෂතා වර්ධනය කිරීම්, පාරිභෝගික ආරක්ෂාව සහ බැටරි ප්‍රතිචක්‍රියකරණය යනාදිය අවශ්‍ය බවත් UNDP වැඩි දුරටත් පෙන්වා දෙයි.
“රජය, මූල්‍ය පහසුකම් සපයන්නන්, නිෂ්පාදකයන්, බැටරි සැපයුම්කරුවන්, රක්ෂණකරුවන්, බැංකු, ආරෝපණ මෙහෙයුම්කරුවන් සහ සංවර්ධන හවුල්කරුවන් යන සියලු දෙනාම එකට එක් වූ නියාමන, මූල්‍යමය සහ අවදානම් බෙදාගැනීමේ ක්‍රියාරාමුවක් මේ සඳහා අවශ්‍යයි.“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd