
- ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට කලාව සහ විද්‍යාව ඒකාබද්ධිත නිර්මාණාත්මක සංයෝජනයක් තිබේ
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පරිසර පද්ධතියක් (SME Ecosystem) නිර්මාණය කිරීම, විද්‍යාත්මක යථාර්ථය මත පදනම් වූ කලාවකි. (SME ECOSYSTEM CREATION IS AN ART WITH SCIENTIC REALITIES)
ශ්‍රී ලංකාව තුළ සාර්ථක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක (SME) පරිසර පද්ධතියක් බිහි කිරීමට අවශ්‍ය වන්නාවූ සවිබලගන්වන බැංකු හා මූල්‍ය පද්ධතියක් ගොඩනැගීම සඳහා පසුගිය වසර 70ක කාලය තුළ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහුපාර්ශ්වික මූල්‍ය ආයතන රැසක සහයෝගය හා පහසුකම් ලබාගෙන ඇත. යථාර්ථය නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ ශක්තිමත් නියාමන යාන්ත්‍රණයට ස්තූතිවන්ත වන්නට, ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සහ සජීවී බැංකු සහ මූල්‍ය භූ දර්ශනයක් අපට තිබිමයි. කෙසේ වුවද, රට පුරා ආර්ථික මුලපිරීම්හි විවිධත්වය පෝෂණය කරන ශක්තිමත් සහ තිරසාර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පරිසර පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ඇති බව අපට පැවසිය නොහැක. උරුම වී ඇත්තේ අරගලකාරී, දුර්වල සහ ආන්තිකකරණයට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවකි.
ඕනෑම ව්‍යවසායකයකුගේ සහ ව්‍යාපාර ආයතනයක ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය පරිමාණ හෝ වාණිජ වර්ධන ගමන්මග (Entrepreneurial Journey Mapping) සිතියම්ගත කිරීමේදී, එම ව්‍යාපාර ආයතනයේ මූලික ව්‍යවසායක අනන්‍යතාව (Enterprise DNA) පැහැදිලිව නිරූපණය විය යුතුය. එම ව්‍යවසායක අනන්‍යතාව (DNA) තුළ අත්‍යවශ්‍ය හා ප්‍රධාන මූලිකාංග තුනක් අනිවාර්යයෙන්ම පිළිබිඹු විය යුතුය. පළමුව, ව්‍යාපාර ආයතනයේ වාණිජමය ශක්‍යතාව (Commercial Viability) කෙටි, මධ්‍ය හා දිගු කාලීන දෘෂ්ටිකෝණ තුළ තහවුරු කළ හැකි විය යුතුය. දෙවනුව, ව්‍යාපාර ආයතනයේ පරිමාණගත වර්ධන හැකියාව (Scalability) කෙටි, මධ්‍ය හා දිගු කාලීන වශයෙන් පුළුල් කිරීමට ඇති ධාරිතාව සහ විභවය පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතුය. තෙවනුව සහ අවසාන වශයෙන්, ව්‍යාපාර ආයතනයේ තිරසාරභාවය (Sustainability) සහ අනුප්‍රාප්තික සැලසුම්කරණය (Succession Planning) කෙටි, මධ්‍ය හා දිගු කාලීන කාලරාමු තුළ ක්‍රමානුකූලව සැලසුම් කර ඇති බවත්, නිරූපණය කළ යුතුය. ව්‍යවසායකයකුගේ ගමන් සිතියම්කරණයේ ගෝලීය මිනුම ගත්තද කෙටි කාලීන කාල පරාසය අවුරුදු එක සිට පහ දක්වාද, මධ්‍යකාලීන කාල පරාසය අවුරුදු පහේ සිට විසි පහ දක්වාද සහ දිගුකාලීන කාල පරාසය අවුරුදු විසිපහක් සහ ඉන් ඔබ්බටද විය හැකිය.
පසුගිය වසර 70 තුළ රටේ වාණිජ බැංකු ජාලය මගින් බැංකුකරණය සහ මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) මග පෙන්වීම යටතේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර පහසුකම් සපයන්නන් වැනි බහුපාර්ශ්වික ආයතන විසින් සපයන ලද විශාල සහයෝගය මධ්‍යයේ වුවද, පසුගිය වසර 70 තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පරිසර පද්ධතිය පිළිබඳ ඉතා සූක්ෂ්ම පසු විපරමක් කළහොත් වුවද, ආර්ථික වර්ධනයේ යාන්ත්‍රණය සහ විශාලතම සේවා යෝජකයා ලෙස අපි ඉතා ආඩම්බරයෙන් පුරසාරම් දොඩන නමුදු, සමෘද්ධිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක කර්මාන්ත පද්ධතියක් හරහා, රටේ ආර්ථික පරිවර්තනය මෙහෙයවනු ලබන බවට අපට කිසිදු ආකාරයකින් පැවසිය නොහැක.
වාණිජමය ශක්‍යතා ඉදිරි ගමන, ව්‍යාපාර ආයතනයේ පරිමාණගත වර්ධන හැකියාව, ව්‍යාපාර තිරසාරභාවය සහ අනුප්‍රාප්තික සැලසුම්කරණය සඳහා විද්‍යාත්මක සාක්ෂි අවශ්‍ය වේ. (THE JOURNEY OF COMMERCIAL VIABILTY, ENTERPRISE SCALABITY AND BUSINESS SUSTAINABILITY AND SUCCESSION PLANING NEEDS SCIENTIC PROOFS)
කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි විවිධ ප්‍රධාන දෙපාර්තමේන්තු සම්බන්ධ කරන රජයේ යාන්ත්‍රණ හරහා වරින් වර බොහෝ සම්බන්ධිකරණ කටයුතු සිදුවිය. එහෙත් පසුගිය දශක කිහිපය තුළ අපට දැකගත හැකි වූයේ විසිරුණු හා අසම්පූර්ණ ක්‍රියාකාරකම් මෙන්ම, විටින් විට අරමුණුවලට කේන්ද්‍රගත නොවුණු අසාර්ථක ස්වභාවයකින් යුක්ත නිරතවීම් පමණි. අවාසනාවකට මෙන්, සමෘද්ධිමත් ව්‍යවසායක පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේදී, සමස්ත චිත්‍රයම පුළුල් නිරීක්ෂණයකට ලක්කර, අනවබෝධයෙන් තොර, සිතුවිලි සහ අරමුණු අතර සර්ව සම්මුතියකින් යුතුව, පොදු සම්මුතියකට එළැඹ, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක පරිසර පද්ධතිය සැබවින්ම බලගැන්වීම සඳහා ජීවය, ආලෝකය සහ ශක්තිය ගෙන ඒමට තීරණාත්මක ගමන් සන්ධිස්ථාන කරා ළඟා වීමට වගකීමකින් යුතුව එම කර්තව්‍යය, භාර ගැනීමට කිසිම යාන්ත්‍රණයක් සමත් වී නැත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ පහසුකම් යටතේ බැංකු හා මූල්‍ය අංශ වෙත, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශය සඳහා ප්‍රවේශය නිර්මාණය කිරීමේදී, සිදු කරන සියලු යහපත් කාර්යයන් අගය කරන අතරම, ගෝලීය හා අග්නිදිග ආසියානු ප්‍රමිති සමග සැසඳීමේදි එතුළින් දේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය කර්මාන්ත අත්කරගත් ප්‍රබෝධයෙහි ප්‍රතිඵල, බෙහෙවින් අප්‍රමාණවත්ය. පසුගිය වසර 50 තුළ බොහෝ කතා සංදර්ශන, සමුළු, සංසද සහ සම්මන්ත්‍රණ පැවැත්වුවද, පෞද්ගලික, රාජ්‍ය, බැංකු සහ මූල්‍ය යන අංශ, පොදු අරමුණක් යටතේ පහසුකම් සැලසීම සඳහා ශක්තිමත් පදනමක් මත ගොඩනගා, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශයේ පරිවර්තනය සහ උන්නතිය සඳහා සියලුම පාර්ශවකරුවන් විසින් සාමුහික උත්සාහයක් ගෙන නොමැත. තවද, බැංකු හා මූල්‍ය අංශයේ ප්‍රවේශ්‍යතාව සහ විශේෂයෙන් සියයට 14 සිට සියයට 24 දක්වා වැනි කලාපයේ ඉතා ඉහළ පොලී අනුපාත පරාස නිසා, ඔවුන්ගේ මූල්‍ය සේවා දැරිය හැකි මිලකට ලබා ගැනීමට නොහැකි වීම ප්‍රධාන පසුබෑමකි.
වාණිජ ශක්‍යතාවක්, ව්‍යාපාර ආයතනයේ පරිමාණගත වර්ධනය කිරීමක් සහ තිරසාරභාවයක් ඇති කිරීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය විශ්ලේෂණය කිරීමේදී බෙහෙවින් අවශ්‍යවන වෙළෙඳපොළ සංවර්ධනය සහ කුසලතා ශ්‍රම බළකායේ රැකියා නියුක්තිය වැඩි කිරීම අවශ්‍ය සන්දර්භය තුළ, ප්‍රධාන වශයෙන් අදූරදර්ශි දැක්මක් සහිතව, ඔවුන් තම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සංවර්ධනය හා වර්ධනය කරා එක් පටු රාමුවකට කොටුවී මෙහෙයවීමට උත්සාහ කිරීමෙන්, ප්‍රධාන අභියෝග නිර්මාණය වීම නිසා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අසාර්ථකත්වයේ ප්‍රධාන වගකීම ඔවුන් විසින්ම භාර ගත යුතුව ඇත. මධ්‍ය හා දිගු කාලීනව වාණිජ ශක්‍යතාවට ප්‍රවේශ වීම, ඇගයීම, කාලානුරූපව නිර්මාණකරණය, මධ්‍ය හා දිගු කාලීනව ව්‍යාපාර ආයතනයේ පරිමාණගත වර්ධන හැකියාව, මධ්‍ය හා දිගු කාලීනව තිරසාරභාවය සහ අනුප්‍රාප්තික සැලසුම්කරණය යනාදි අංග, සැමදා එකම ව්‍යාපාර ක්ෂේත්‍රයකට කොටු නොවී විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රවල ගවේෂණාත්මකව නියැලෙන ව්‍යවසායකයකුගේ ගමන්මග සිතියම තුළ, අනිවාර්යයෙන් අන්තර්ගත විය යුතු වීම අත්‍යවශ්‍ය කරුණකි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, කුඩා සිට මධ්‍යම මට්ටම දක්වාද පසුව වාණිජ මට්ටම දක්වා එහි වාණිජ ශක්‍යතාව, ව්‍යාපාර ආයතනයේ පරිමාණගත වර්ධන හැකියාව සහ තිරසාරභාවය යන අංග සංවර්ධනය කිරීම සඳහා පර්‌යේෂණ, සංවර්ධන සහ නවෝත්පාදන යන කරුණු සඳහා කරන ආයෝජනය මත රඳා පවතී. පර්‌යේෂණ, සංවර්ධනය සහ නවෝත්පාදන සඳහා වන ආයෝජන, බැංකු ණය හෝ මූල්‍ය හෝ ස්වයං මූල්‍යකරණය හරහා මෙහෙයවිය නොහැකි නමුත් ඒ සඳහා ඉවසීම සහිතව, වගකීමෙන් යුතු ප්‍රාග්ධනයේ මැදිහත්වීම ගලා ඒමට වසර දහයක් වැනි කාල සීමාවක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තම ව්‍යාපාර ආයතනයට ගලා එන කොටස් ආයෝජක ප්‍රාග්ධනයේ වටිනාකම සහ වැදගත්කම තේරුම් ගත යුතුය. පළමුව පුද්ගලික කොටස් වෙත අවධානය යොමු කර පසුව පරිණත අවධියේදී පොදු ලැයිස්තුගත කිරීම කරා අවධානය යොමු කළ යුතුය. පසුගිය වසර පනහ තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පහකටත් අඩු සංඛ්‍යාවක් වැනි අතලොස්සක්, මූලික මහජන ලැයිස්තුගත කිරීම සඳහා යොමු වීම, කණගාටුදායක ලෙස බලාපොරොත්තු සුන්කරන කරුණකි.
‘‘අපගේ ආර්ථිකයට සැබෑ ශක්තිය සපයන ව්‍යවසායකයන්, ප්‍රසිද්ධ සංවාද වේදිකාවල දක්නට නොලැබේ.” (THOSE WHO PUT FOOD ON THE TABLE ARE NOT ON THE TALK SHOWS)
මට ඉතා සමීපව සේවය කිරීමට ලැබුණු බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයන් අතරින් එක් අයකු වන්නේ රියෙන්සි විජේතිලක මහතා ය. ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ ඔහු, පළමුව හැටන් නැෂනල් බැංකුවේ (HNB) කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසත්, පසුව සභාපතිවරයා ලෙසත් කටයුතු කළේය. එම කාලය තුළ HNB හරහා ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) අංශයේ සංවර්ධනය උදෙසා ජාතික වශයෙන් වැදගත් වූ නව්‍ය වැඩසටහන් හා ආරම්භන රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු නායකත්වය ලබා දුන්නේය. මම 1990 වර්ෂයේදී HNB බැංකුවට එක් වූ අවස්ථාවේ, බැංකුව සතුව ශාඛා 22ක් පමණක් තිබුණි. එවකට බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ රියන්සි විජේතිලක මහතාට බැංකුව සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව වසර දහයක දූරදර්ශී දැක්මක් තිබුණි. මම 2013 වර්ෂයේ විශ්‍රාම ලබන විට, HNB බැංකුවේ ශාඛා ජාලය, ශාඛා 250ක් දක්වා වර්ධනය කර තිබුණි. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස මා කටයුතු කළ සමයේ, ශාඛා ජාල කළමනාකරණය (Branch network management), සිල්ලර බැංකුකරණය (Retail Banking) සහ සංවර්ධන බැංකුකරණය (Development Banking) යන ක්ෂේත්‍රවල වගකීම මා වෙත පැවරී තිබුණි.
රියන්සි විජේතිලක මහතාගේ දූරදර්ශී දැක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා, බැංකුවේ ආයතනික කළමනාකරණ කණ්ඩායමේ මගේ සෙසු සගයන් සමග එක්ව, වසර 25කට ආසන්න කාලයක් කැපවීමෙන් දායක වීමට මට භාග්‍යය ලැබුණි. මෙය මගේ ආයතනික වෘත්තීය ජීවිතයේ වඩාත්ම අර්ථවත් හා සාරවත් කාල පරිච්ඡේදය විය. එම කාලය තුළ දිවයින පුරා සංචාරය කරමින්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ (MSME) ව්‍යවසායක අංශයේ ව්‍යවසායකයන් 200,000කට අධික පිරිසක් සවිබල ගැන්වීම, මග පෙන්වීම සහ ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනය සඳහා පහසුකම් සැලසීමේ ගෞරවය මට හිමි විය. මෙම කාල පරිච්ඡේදය තුළ, ශ්‍රී ලාංකික ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ((MSME) ව්‍යවසායක අංශය මුහුණ දුන් අරගල සහ දුෂ්කරතා මම සියැසින් දුටුවෙමි.
මගේ ආයතනික වෘත්තීය ජීවිතයේ ඊළඟ අදියර ලෙස මම කිරීමට බලාපොරොත්තු වූ ප්‍රමුඛ නවෝත්පාදන අභිප්‍රායන්ගෙන් එකක් වූයේ, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ((MSME) ) අංශය සඳහා ‘පෞද්ගලික කොටස් ආයෝජන (Private Equity) වෙත ප්‍රවේශය ලබා දෙන වේදිකාවක් නිර්මාණය කිරීම’ සඳහා කටයුතු ආරම්භ කිරීමය. එම පසුබිම තුළ, මම මගේ මිතුරකු සමග එක්ව රූපවාහිනී රියැලිටි වැඩසටහනක් (TV Reality Show) ආරම්භ කර සමනිර්මාතෘ ලෙස ක්‍රියා කළෙමි. එය දියත් කිරීම සඳහා, සමාජ ව්‍යවසායකයන් (Social Entrepreneurs) සහ බලපෑම් ආයෝජකයන් (Impact Investors) සඳහා පළමු වරට නිර්මාණය කරන ලද එම රූපවාහිනී රියැලිටි වැඩසටහන වෙනුවෙන්, රටේ ඉහළ ආදායම් ඇති ආයතනික නියමුවන් විස්සකට ආසන්න පිරිසක් මා සමග හවුල් වීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට එකතු කර ගත්තෙමි. මෙම වැඩසටහන ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ATH PAUVRA (WALL OF TUSKERS) සන්නාම නාමය යටතේ වාර දෙකක් පුරා විකාශය විය.
මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ රූපවාහිනී ජාලයක් තුළ පවත්වන ලද ව්‍යාපාරික වැඩසටහන් අතරින් හොඳම වැඩසටහන බවට පත්වූ අතර, රටේ ඉතිහාසයේ ප්‍රථම වරට ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා පෞද්ගලික කොටස් ආයෝජන (Private Equity) ප්‍රවේශය ලබා දීමේ පුරෝගාමී උත්සාහයක් ලෙස නවෝත්පාදනය කර, නිර්මාණය කර, ඉතා සාර්ථක ලෙස දියත් කරන ලදී. රට පුරා විසිරි සිටින ව්‍යවසායකයන් 200කට ආසන්න පිරිසක් කොටස් ආයෝජන (Equity Investment) සඳහා සූදානම් කරනු ලැබූ අතර, ඒ අතරින් ව්‍යවසායකයන් 50කට ආසන්න පිරිසකට කොටස් ආයෝජන ලෙස ආයෝජන ලබා ගත්හ. මෙම වැඩසටහන ඉතා ඉහළ අගය කිරීමකට ලක් වූ අතර, දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් බොහෝ පිළිගැනීම්ද හිමි වූ අතර වසර දෙකක් තිස්සේ පැතිරුණු කෝවිඞ්-19 වසංගතය හේතුවෙන් සහ ඉන් පසුව රට මුහුණ දුන් ආර්ථික පසුබෑම හේතුවෙන්, වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට අපට සිදු වූ බව ඉතා කණගාටුවෙන් සඳහන් කරමි.
ශ්‍රී ලංකාවට සුදුසු, බලපෑම් ආයෝජන (Impact Investing) පරිසරයක් ගොඩනැගීම සහ ගතික SME පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා, සමස්ත චිත්‍රයම පුළුල් නිරීක්ෂණයකට ලක්කර, අනවබෝධයෙන් තොර, සිතුවිලි සහ අරමුණු අතර සර්ව සම්මුතියකින් යුතු වූ, පොදු එකඟතාවකට පැමිණ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක පරිසර පද්ධතියක් සැබවින්ම බලගැන්වීමට කටයුතු කිරීම. (SEEING THE BIG PICTURE AND EYE TO EYE FOR THE CREATION OF A DYNAMIC SME ECOSYSTEM AND BUILDING AN IMPACT INVESTING LANDSCPE SUITABLE FOR SRI LANKA)
ශ්‍රී ලංකාවේ සාර්ථක හා සවිබලගැන්වුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) අංශයක් ගොඩනැගීම සඳහා අතිශයින්ම අවශ්‍ය වන්නේ, ශක්තිමත් සමාජීය හා වාණිජ ව්‍යවසායක පරිසර පද්ධතියක් (Social and Commercial Entrepreneur Ecosystem) නිර්මාණය කිරීමට පහසුකම් සැලසීමත්, බලපෑම් ආයෝජන (Impact Investing) සඳහා සුදුසු පරිසරයක් විද්‍යාත්මක පදනමක් මත ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමත්ය. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය SMEs සඳහා සහය වීම සඳහා තම භූමිකාව ඉටු කරමින් සිටියද, ඔවුන්ගේ අරමුදල්වලින් සියයට 98ක්ම තැන්පත්කරුවන්ගේ මුදල් වන බැවින්, ඔවුන්ගේ අවදානම් මූලික ඇගයීම් පද්ධතිය Risk Matrix) මගින් ඔවුන්ට කොටස් ආයෝජන (Equity Investment) ක්ෂේත්‍රයට පිවිසීම අනුමත නොකරයි. එබැවින්, අති විශාල හා අසාමාන්‍ය ලෙස දැවැන්ත හිඩසක් පවතින අතර, එය පුරවාගත යුතු වන්නේ, තම විශ්වාසයන් සහ ආකල්ප මත ධෛර්යයෙන් යුතුව ක්‍රියා කරන, ඉවසීම සහිතව, වගකීමෙන් යුතුව, ප්‍රාග්ධනයක් ආයෝජනය කරන්නන් විසින් පුද්ගලික කොටස් ආයෝජන (Private Equity) සඳහා ප්‍රවේශය පහසු කිරීමෙන් වන අතර, එය වසර 5 සිට 10 දක්වා ආයෝජන කාල පරාසයකට කැපවීමක් ඇතිව සිදු කළ යුතුය.
මම දශකයකට පෙර ආරම්භ කළ Lanka Impact Investing Network (LIIN) ආයතනය, ව්‍යවසායකයන් සහ ආයෝජකයන් අතර සම්බන්ධතාව ගොඩනැගූ රටේ පළමු රූපවාහිනී රියැලිටි වැඩසටහන දියත් කිරීම පමණක් නොව, පසුගිය වසර දහය තුළ විවිධ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව බොහෝ මුලපිරීම්, සම්බන්ධතා සහ පරිසර පද්ධති ගොඩනැගීමේ කටයුතුද සිදු කර ඇත. දැනට LIIN, රට පුරා SME ව්‍යවසායකයන් සඳහා කොටස් ආයෝජන (equity investment) පහසුකම් සැලසීමේ අරමුණින් පළමු වරට “Impact Investing Fund” එකක් ස්ථාපිත කිරීමේ ප්‍රමුඛ පුරෝගාමී භූමිකාව දරමින් සිටී. LIIN ආයතනය, ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාව තුළ මෙතෙක් සිදුකළ විශාලතම මුලපිරීම් වලින් එකක් වන “ON EAGLE’S WING” නමින් හඳුන්වන රූපවාහිනී රියැලිටි වැඩසටහන ආරම්භ කිරීමට සූදානම් වේ. මෙය භාෂා තුනම ආවරණය වන රූපවාහිනී රියැලිටි වැඩසටහනක් වන අතර, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ MSME ව්‍යවසායකයන් සඳහා පුද්ගලික කොටස් ආයෝජන ප්‍රවේශය ලබාදීම සඳහා ප්‍රධාන වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇත. LIIN දැන් ලෝකයේ විශාලතම බලපෑම් ආයෝජක ජාලය වන Global Steering Group for Impact Investing (GSG Impact Global) සමග සම්බන්ධ වී ඇති අතර, ඒ හරහා ගෝලීය බලපෑම් ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ තම ආයෝජන පදනම් ස්ථාපිත කර ගැනීමට පහසුකම් සැලසීම සඳහා විධිමත්ව සූදානම්ව සිටී. වෙනත් බොහෝ දෙනා මෙන් “ඉදිරියේදී හොඳ කල දසාවක් උදාවේ” යනුවෙන් බලාපොරොත්තුවක් නිර්මාණය කිරීම වෙනුවට, LIIN සැබෑවටම සිය ප්‍රතිඵල නොඅනුමානවම මල්ඵල ගන්වන්නට කැපවී සිටියි.
ශ්‍රී ලංකාවේ පරිසර SME පද්ධතිය දැවැන්ත ලෙස ශක්තිමත් කිරීමට ඇති දැක්ම දැන් බොහෝ දුරට රඳා පවතින්නේ, ව්‍යවසායකයන්ගේ ගමන් මග සිතියම්ගත කරමින් SME ක්ෂේත්‍රය විද්‍යාත්මක පරිවර්තනයකට ලක් කිරීම මතය. එහිදී පළමුව, කෙටි, මධ්‍ය සහ දිගු කාලීන පදනම මත ව්‍යවසායයේ වාණිජ ජීවශක්‍යතාව (Commercial Viability) සහතික කිරීම අවශ්‍ය වේ. දෙවනුව, කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් ව්‍යාපාර ආයතනයේ පරිමාණගත වර්ධන හැකියාව (Enterprise Scalability) වර්ධනය කළ යුතුය. අවසාන වශයෙන්, කෙටි, මධ්‍ය සහ දිගු කාලීනව ව්‍යවසායයේ තිරසාරභාවය සහ අනුප්‍රාප්තික සැලසුම්කරණය (Succession Planning) සුරක්ෂිත කළ යුතුය. මේ සඳහා, බලපෑම් ප්‍රාග්ධනය (Impact Capital) සහ විවිධ ආකාර හා පරිමාණයෙන් යුතු ආයෝජන ප්‍රවාහය සඳහා යාන්ත්‍රණයක්, ව්‍යුහයක් සහ සුදුසු පරිසරයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වන අතර, එය සත්‍ය වශයෙන්ම ගමන් කළ යුතු මාර්ගය වන අතර, හුදෙක් SME පිළිබඳ කථා-සංවාද (Talk Shows)වලට සීමා විය යුතු දෙයක් නොවේ.
(චන්දුල අබේවික්‍රම සිල්ලර බැංකුකරණය (Retail Banking), සංවර්ධන බැංකුකරණය (Development Banking), මූල්‍ය ඇතුළත්කරණය (Financial Inclusion), සමාජ ව්‍යවසායකත්වය (Social Entrepreneurship) සහ බලපෑම් ආයෝජනය (Impact Investing) යන ක්ෂේත්‍රවල ගෝලීය ප්‍රවීණත්වයක් හිමි, ඉතා ගෞරවාදරයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ වාණිජ බැංකුකරුවෙකි.
ඔහු ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටි නෙට්වර්ක් (Lanka Impact Investing Network – LIIN) හි නිර්මාතෘ සහ සභාපතිවරයා වන අතර, ඇත්පවුර (ATHPAVURA) රියැලිටි රූපවාහිනී වැඩසටහනේ සම-නිර්මාතෘවරයාද, “On Eagle’s Wing” රියැලිටි රූපවාහිනී වැඩසටහනේ නිර්මාතෘවරයාද වෙයි.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd