මැයි මාසයේදී පෙට්‍රල් සඳහා සියයට 15ක් සහ ඩීසල් සඳහා සියයට 13ක් වැඩිපුර ගෙවලා
පෙට්‍රල් ලීටරයකින් රුපියල් 40 ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 29 ක පාඩුවක් ඇති කරලා
පාරිභෝගිකයන්ට ඩීසල් සඳහා අඩු මිලක් ගෙවීමට සහ සංස්ථාවට පාඩු නොවීමට ඉඩ තිබූ බවත් පවසයි
මේ වසරේ ජූනි මාසයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාරිභෝගිකයන්ට වැඩි මුදලකට ඉන්ධන අලෙවිය සිදු කළත්, එම සංස්ථාව ප්‍රකාශ කරන ආකාරයට ඔවුන්ට පාඩුවක් සිදුව ඇත්තේ මැයි ඉන්ධන මිලදී ගැනීමේදී ලෝක වෙළෙඳ පොළේ ඩීසල් සහ පෙට්‍රල් සඳහා පවතින සාමාන්‍ය මිල ගණන්වලට වඩා වැඩියෙන් මුදල් ගෙවීම නිසා බව මෙරට ක්‍රියාත්මක ආර්ථික විශ්ලේෂණ ආයතනයක් වන publicfinance.lk පවසයි.
2026 මැයි මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් මිලදී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙවූ සාමාන්‍ය මිල ගණන් පිළිබඳව වාර්තාව උපුටා දක්වමින් එම ආයතනය මෙම කරුණු සඳහන් කර තිබේ.
ඒ අනුව එම කාලසීමාව තුළ ලෝක වෙළෙඳපොළේ සාමාන්‍ය මිල ගණන්වලට සාපේක්ෂව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල් සඳහා සියයට 15ක් සහ ඩීසල් සඳහා සියයට 13ක් වැඩි පුර ගෙවා ඇති බව මෙම දත්ත තුළ ඇතුළත් බව ඔවුන් පෙන්වා දෙයි.
“ලෝක වෙළෙඳපොළ මගින් ඩීසල් සහ පෙට්‍රල් සපයනු ලබන සාමාන්‍ය මිල ගණන්වලට පමණක් ශ්‍රී ලංකාව සිය ඉන්ධන සඳහා ගෙවීම් සිදුකළා නම්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ඩීසල් සඳහා මීට වඩා අඩු මිලක් ගෙවීමට අවස්ථාව තිබුණා වගේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩු ලැබීමක් නොවන්නට ඉඩ තිබුණා.”
එම ආයතනය පෙන්වා දෙන ආකාරයට දීර්ඝ කාලීනව භාවිත කරන ඉන්ධන මිල සූත්‍රය ගෝලීය වෙළෙඳපොළ මිල ගණන්වලට අදාළ කළේ නම්, 2026 මැයි මාසයේ දත්ත වලට අනුව 2026 ජූනි මාසයේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 381ක් බවට පත් විය යුතුය. එසේම පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 424ක් විය යුතුය.
“මෙම මිල ගණන්වලට රජය විසින් දැනට ලබා දෙන සහනාධාරය‘ ඇතුළත් වෙනවා. මෙය එකතු කරන ලද බදු ආපසු ගෙවිමක්. ඒ අනුව පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක් සහ ඩීසල් ලීටරයකට රුපියල් 100ක් බදුවලින් ආපසු ලබා දෙනවා. නමුත් එම කාලසීමාවේදී සාමාන්‍ය මිල ගණන් යටතේ ඉන්ධන මිලදී ගත්තා නම්, සංස්ථාවට තමන්ගේ පිරිවැය සම්පූර්ණයෙන්ම පියවා ගන්නට තිබුණා.“
එහෙත් ඊට පටහැනිව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයකට රුපියල් 407 ක මිලක් නියම කර තිබූ බවත්, එය මිල සූත්‍රය මත පදනම් වූ මිලට වඩා රුපියල් 26ක් වැඩි බවත් එම ආයතනය පෙන්වා දෙයි. එසේම පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 434ක් ලෙස මිල සූත්‍රයට වඩා රුපියල් 9 කින් වැඩි අගයක් වී තිබේ. එය දළ වශයෙන් සියයට 3ක විචල්‍යතා සීමාව තුළ පැවතීමක් ලෙස සටහන්ව අත.
“ඒ අනුව ගෝලිය වෙළෙඳපොළ මිල ගණන් මත පදනම් වූ මිල සූත්‍රයට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඩීසල් වැඩි මිලකටත්, පෙට්‍රල් එම මිල සූත්‍රය සමග බොහෝ දුරට ගැළපෙන මිලකටත් අලෙවි කර තිබෙනවා.“
එහෙත් සංස්ථාව පාඩු ලැබීමට මූලිකම හේතුව වන්නේ වෙළෙඳ පොළ මිලෙන් බැහැර වූ පිරිවැය (Off-market cost of purchasing) ) බව එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි. ඒ අනුව එම කාලසීමාව තුළ සංස්ථාව පෙට්‍රල් සඳහා සියයට 15ක්ද ඩීසල් සඳහා සියයට 13ක්ද වැඩිපුර ගෙවා ඇතැයි දත්තවල සටහන් වන බව ඔවුහු පවසති.
“සංස්ථාව ගෙවූ බව පවසන මෙම මිල ගණන්වලට එම මිල සූත්‍ර ක්‍රමයම අදාල කළ විට, පිරිවැය පියවා ගැනීමට (cost recovery price) අවශ්‍ය මිල පෙට්‍රල් සඳහා රුපියල් 474ක් සහ ඩීසල් සඳහා රුපියල් 436ක්. නමුත් ජූනි මාසයේ පැවැති සිල්ලර මිලට සාපේක්ෂව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 40 ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 29ක පාඩුවක් ඇති කර තිබෙනවා.”
ඒ අනුව ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ ඩීසල් වැඩි මිලකට (Overpriced) මිලකට විකුණන අතරම, ලෝක වෙළෙඳපොළෙන් තමන් මිලදී ගත් බව පවසන මිල ගණන්වලට සාපේක්ෂව පෙට්‍රල් සහ ඩීසල් යන දෙකම සංස්ථාව විසින් අඩු මිලකට (Underpriced) අලෙවි කරන බව publicfinance.lk වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd