(ජයන්ත සමරකෝන්)
ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථ මාදිලිය වන වැගන් ආර් ඉදිරියේදී මෙරටට ආනයනය නොකිරීමට තීරණය කළ බව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිඤ්ඤගේ මහතා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති සාකච්ඡාවකදී පැවැසීය.
රේගුවේ වර්ගීකරණ කමිටුවේ අත්තනෝමතික තීරණයන් මත වැගන් ආර් හයිබ්‍රිඩ් රථ ලෙස නොව පෙට්‍රල් වාහන ලෙස නිෂ්කාෂණය කිරීම මීට හේතු වී ඇතැයිද ඒ මහතා කීය.
රුපියල් ලක්ෂ 33කට අලෙවි වන මෙම රථයක් රේගුවේ තීරණයෙන් ලක්ෂ 35කට අලෙවි කිරීමට සිදුවන බවද මෙම තත්ත්වය යටතේ ජනතාවට මෙම වාහනය මිලදී ගැනීමට නොහැකි වන නිසා එම වාහනය ගෙන්වීම නතර කරන බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසන්න... තවත් ඉවසන්න... මොකද වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව... කමින්ග් සුන්...
සත්‍ය වශයෙන්ම මේ රටේ වැඩිපුර අලෙවි වූ මෙම රථ වලට තවත් බද්දක් ඇතිකිරීමට තමයි රේගුව මේ පියවර ගත්තේ. ජනතාවගේ රුධිරය අනියම් ආකාරයකට බීමක් තමයි මේ රේගුව බොහෝවිට කරන්නේ. මේ බදු කුමන රජයෙන් කලත් මේ රුධිරය බොන්නන්ට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතුයි.
මොස්තර නිර්මාණ කරුවෝ අය - වැය හදන්න දමල -හරියට සපතෙරුවට කියල ඇඳුම් මස්සවන්න ගියා වගේ . ඒ උනාට මේ රටේ ඉන්න බත් කන හරක් ලබන සැරෙත් මුන් ටිකම දියවන්නාවට යවයි !
ශ්රී ලංකාවේ දැනට තිබෙන වාහන ප්‍රමාණයත් හොදටම වැඩි. තව වාහන මොකටද ගෙන්වන්නේ. කාර් සෙල් වල තියෙන වාහන ගොඩත් පාරට ආවම මිනිස්සුන්ට පොළව යටින් හරි පොලව යටට හරි තමයි යන්න වෙන්නේ. සේරමට කලින් ත්‍රීවීල් ටික වෙන රටකට පටවන්න සැලසුමක් හදන්න. රට ගැන හිතනවානම්.
පාරෙ යන්න බැහැ ඉවක් බවක් නැතුව එහාට මෙහාට කඩාගෙන දුවන වාහන…. හරිම කරදරයක් . අනතුරුත් වැඩියි… වායු දූෂණ ශබ්ද දූෂණ මම නම් කැමතියි, සියලුම වර්ගයේ වාහන ගෙන්වීම අවුරුදු කීපයකට නතර කරනවානම්. සත්තෙන්ම...
මුදලි ඉස්සරලම ඔබ වාහනයක් පාවිච්චි කරනවාද නැද්ද කියන්න. ඔබ වාහනයක් පාවිච්චි කරනවානම් මේ වගේ මෝඩ කමෙන්ට් දාන්න කලින් ලංකාවේ පොදු ප්‍රවාහන සේවය පාව්ච්චි කර බලන්න. එතකොට තේරෙයි ඇයි මින්ස්සු තමන්ගේම කියල වාහනයක් ගන්න මේ තරම් පොර කන්නේ කියල. හදිසියකට වෙලාවට ගමනක් බිමනක් යන්න කවදාවත් ලැබෙන්නෙ නෑ. අනික මේ බස්වල කොන්දොස්තර හා රියදුරු මිනිස්සුන්ගේ කාලය හිතාමතා විනාස කරන හැටි දැක්කාම තවත් ලේ පයින්ට් ටිකක් පිච්චෙනවා. අන්තිමට බස්එකෙන් බහින්නේ පෙෂර් හදාගෙන. ඔබලා මෙතන කමෙන්ට් කොටනවා මාර්ග තදබදය ගැන කියවමින්. ඇයි මිනිසුන්ගේ පැත්ත ගැන හිනත්ත බැරි. මේකට විසදුම මේ රටේ යටිතල පහසුකම් හා රියදුරන්ගේ විනය හැදිම හා හයිබ්‍රිඩ් වැනි පරිසර දූෂණය අඩු වාහන දිරිගැන්වීම මිසක් ඒවාට බදුගසා මිනිසුන්ගේ ලේ උරා බීම නෙමෙයි.
හොඳ වැඩක්... වාහන හොඳටම වැඩියි දැනටමත්...
මේවා රත්තරන් වලින් හදලා ගේනවද? මේ තරම් විශාල මුදල් ගෙවන්නේ වෙන රටවල හැටියට අහස උසට හැමදේටම මේ රටේ ඉපදුන වරදටද මොවුන් මෙහෙම කරන්නේ..?