ශ්‍රි ලංකාවේ යළි මහා පරිමාණ ආයෝජන ආරම්භ කිරිමට මහා බ්‍රිතාන්‍යයේ කොටස් වෙළඳ පොළ අද (30) තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය කියයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ලන්ඩන් කොටස් වෙළඳ පොළේ ආයෝජකයන් සමඟ පැවැත්වු සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙස මේ අවස්ථාව හිමිවී ඇත.
කොළඹ කොටස් වෙළඳ පොළ විසින් ලන්ඩන් නුවර සැවෝයිහි පැවැත්වු කොටස් වෙළෙඳ පොළ ආයෝජකයන්ගේ සමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වු කරුණානායක මහතා ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරිමේ ප්‍රතිළුලයක් ලෙස ඉහත එම අවස්ථාව හිමිවු බව මුදල් අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දෙයක්.(හේ)
කවුරු හරි දන්න කෙනෙක් කියනවාද බ්‍රිතාන්‍ය කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්නේ කොහොමද කියල. ලංකාවේනම් නියෝජිත කොමපැනි එකක ලියාපදිංචි වුනාම ඉන්ටර්නෙට් එකෙන් ගණු දෙණු කල හැකියි (රේ)
සුබදායක ආරංචියක් (නි)
රට දියුණුවෙනවා නම් අපිත් කැමතියි (නි)
ගොඩක් හොඳ ප්‍රවෘත්තියක් (නි)
වැඩි පඩි ඉල්ලලා අපේ කට්ටිය ස්ට්‍ර්යික් කරනකොට ආයෝජකයින් ව්‍යාපාර වහලා දාලා රට දාලා ආපහු යාවි. ඕකනේ මීට කලිනුත් වුණේ ඉතින් (නි)
සැවොම එක් වී අපේ රට දියුණු කරමු. (ර)
හොද වැඩක්. (ර)
අපේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලැබෙයි. (ර)
හරිම සතුටුයි. (ර)
බොහොම හොඳයි (නි)
කොටස් වෙළඳපොල ආයෝජනයෙන් රැකියා අවස්ථා ලැබෙනවාය කියා මට නම් විශ්වාස කරන්න අමාරුයි. සුද්දෝ මෙහි ආයෝජනය කරලා ආර්ථිකය නැවතත් ටිකක් අවුල් වෙනකොට ගත් කොටස් ටික අපිටම විකුණලා දාලා මාරුවෙයි. (නි)
කොටස් වෙළඳපොල ආයෝජනයෙන් රැකියා අවස්ථා ලැබෙනවාය කියා විශ්වාස කරන්න අමාරුයි. එකම දේ අපේ කොටස් වෙලඳපොලේ රේටින්ග් වැඩි වෙන එක. සුද්දෝ මෙහේ ආයෝජනය කරලා ආර්ථිකය ආයෙ ටිකක් අවුල් වෙනකොට ගත්ත කොටස් ටික අපිටම විකුණලා දාලා මාරුවෙයි. (ර)
වත්මන් තත්වය නම් ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ආසන්න බවයි. (ස)
බොහොම හොඳයි (නි)
පැලැස්තර විසදුම් වැඩක් නැත (ම)