සියයට 47ක වැඩිම භාවිතය නොමිලේ දෙන ChatGPT 3.5
කෘත්‍රිම බුද්ධිය වැඩියෙන්ම භාවිත කරන්නේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන්
ලංකාව තුළ අන්තර්ජාලය භාවිත කරන ජනගහනයෙන් සියයට 81ක් අද වනවිට සිය තොරතුරු සොයා ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරන බව අලුත්ම සමීක්ෂණයකින් අනාවරණය කර තිබේ.
ඒෂියා පැසිපික් ඉන්ස්ටිටියුට් ඔෆ් ඩිජිටල් මාර්කටින් (APIDM) සහ කැලණිය විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ කළමනාකරණ අධ්‍යයන අංශය එක්ව සකස් කළ Digital Outlook Sri Lanka 2026 වාර්තාව තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.
ඒ අනුව 2026 වසරේදී මෙම අන්තර්ජාල පරිශීලකයන්ගෙන් සියයට 81ක් සිය සෙවුම් අවශ්‍යතාව වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය යොදා ගන්නා බවත්, එය පසුගිය වසරේ පැවැති සියයට 76ක ප්‍රතිශතයට සාපේක්ෂව සියයට 5ක ඉහළ යෑමක් ලෙසත් සටහන්ව තිබේ.
සියයට 55ක පිරිසක් මෙම කෘත්‍රිම බුද්ධිය සහ සාම්ප්‍රදායික සෙවුම් එන්ජින් මේ සඳහා යොදා ගන්නා බව පවසා ඇත. එසේම සියයට 26ක් සර්ච් එන්ජින් වෙනුවට සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධිය යොදා ගන්නා බව පවසා තිබේ. මේ අතර සියයට 19ක් තවදුරටත් සෙවුම් එන්ජින් හා බැඳී සිටින බවත් සඳහන් කර ඇත.
මෙහිදී ලංකාව තුළ වැඩිම භාවිතයක් ඇති කෘත්‍රිම බුද්ධි පාදක වේදිකාව වන්නේ ChatGPT 3.5 (නොමිලේ දෙන) සංස්කරණයයි. එය සියයට 47 කි. එසේම ගූගල් ජෙමිනි (නොමිලේ දෙන) සංස්කරණය සියයට 32ක් භාවිත කරයි. මීට අමතරව ChatGPT (ගාස්තු ගෙවා) සියයට 5ක්ද, Clude AI සියයට 5ක්ද භාවිත කරයි.
මේ අතර කෘත්‍රිම බුද්ධි වේදිකා භාවිතයේ ප්‍රධානතම අරමුණ වන්නේ අධ්‍යාපනය වන අතර එය සියයට 31 කි. එසේම පෞද්ගලික අවශ්‍යතාව වෙනුවෙන් සියයට 29ක්ද, කාර්යාලයීය භාවිතය වෙනුවෙන් සියයට 15ක්ද කෘත්‍රිම බුද්ධිය භාවිත කරන බව පවසා ඇත. එසේම සියයට 7ක් කෘත්‍රිම බුද්ධිය භාවිත නොකරන බව පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd