ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් ලක්ෂ 2000 ක (රුපියල් ලක්ෂ 264000) ආධාරත් ලෝක බැංකුවෙන් ඩොලර් ලක්ෂ 1100 ක (රුපියල් ලක්ෂ 135200) ආධාරත් ලෙස අධ්‍යාපනය සංවර්ධනය හා කාලගුණ විපර්යාස වලට සූදානම් වීමේ කටයුතු සළසා ගැනීමට ඩොලර් ලක්ෂ 3100 ක (රුපියල් ලක්ෂ 409200) ආධාර ලබා ගැනීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි විය.
ආසියා සංවර්ධන බැංකුවෙන් ලබාගැනෙන ආධාර මුදල ශී්‍රලංකා ශ්‍රමිකයින්ගේ හැකියාවන් හා දක්ෂතාවන් වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීම සදහා යෙදවීමට නියමිතය.තත්කාලීන ලෝකයට ගැලපෙන දක්ෂ ශ්‍රමිකයින් සපයන්නෙක් ලෙස ශ්‍රී ලංකාවට 2020 වසර වන විට ලෝක වෙළදපොලේ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට මෙමගින් රජය බලාපොරොත්තු වේ.
ලෝක බැංකුවෙන් ලබා ගැනෙන ආධාර මුදල යෙදවෙනු ඇත්තේ ලෝක කාලගුණ විපර්යාස වලට ශ්‍රී ලංකාවට සාර්ථකව මුහුණ දීමට හැකි වන සේ කටයුතු සම්පාදනය කිරීමට බව සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කවුද ඉතින් මේවා ගෙවන්නේ? (නි)
මෙවන් ආකාරයෙන් නය අරගෙන ජනතාව මත බදු බර පැටවීම රජයේ වගකීමක්. නය ගෙවීම අපගේ වගකීමක්. ඕකට තමයි කියන්නේ ඉල්ලන් කෑම කියලා.(නදී)
මෙහෙම බලනකොට දැන් අපේ ආණ්ඩුවත් ප්‍රයිවෙට් බස් එකක් වගේනේ. මොකද,කොච්චර සෙනග පැටෙව්වත් කොන්දොස්තරගේ හිතට මදි . ආණ්ඩුවටත් කොච්චර නය ගත්තත් හිතට මදි වගේ. අනේ අප්පේ මේවා ගෙවන්න වෙන්නේ අපිට පමණක් නොවෙයි. ඉදිරි පරම්පරා තුන හතරටත් නය ගෙවන්න වේවි. (නදී)
මොන පම්පෝරි කතා කිව්වත් හිඟා කන බව තමයි පෙනෙන්නේ. (අ)
ලංකාවේ නිදහසේ ජිවත් උන අපිට යන එන මන් නැති කරන්නයි හදන්නේ. (නදී)
පුරෝහිත ප්‍රීතියි, ප්‍රීතියි. (නදී)
මට ලැජ්ජාත් හිතෙනවා. මොකද අධ්‍යාපන සංවර්ධනයට මුදල් ගන්නවා කියපුවාම. මොකද මාවනැල්ලේ තිබෙන ප්‍රධානතම ජාතික පාසැල වන මයුරපාද ජාතික පාසැලට විදුහල් පතිවරයෙකු වසර තුනක් තිස්සේ දාගන්න බැරි රටක් මේක. මොකද ඒ ඉස්කොලෙට එක ලමයෙකුගෙන් 2014 වසර සදහා රු 1500/= ගෙවන ලෙසට විදුහල්පති අනකර තිබෙනවා. එනම් පාසැලට ලැබෙන මුළු ආදායම දල වශයෙන් 1500 * 3000= 45,00000(වාර්ෂිකව ළමුන් 3500 යකගෙන්). ඉතින් එක පාසැලක සංවර්දනයට එය මදිද? (නදී)
අපිට දෙයියන්ගෙම පිහිටයි. (ස)
ණය ගන්න තරමින් අපේ දිනුව පේනවා .තව ණය ගනිමු.(අ)
ජපානය 1988 දී සියලු විදේශ ණය ගෙවා දැමීය. අපි 2005 න් පසු තිබු ණය හතර ගුණයකින් වැඩිකර ගත්තේය. මෙන්න අාසියාවේ රටවල් දෙකක ආශ්චර්යයෙහි වෙනස! (නි)
මේවා ඉල්ලන ගමන් බටහිර රටවල් එක්ක ගේමේම ඉන්න.(නදී)
ලොකු ලොකු අයට ලැම්බෝගිනි ,අපිට බඩගිනි. (නි)
ආධාර ඉල්ලන එකනම් කොහොමටත් බරයි තමා (දී)
රට විනාශ මුඛයට ගෙනියන කාලය වැඩි ඈතක නැත. අපි ලෝකයට පොලිය විතරක් කෝටි 97000 ගෙවනවා.(නදී)
ඇයි මෙච්චර ආධාර ගන්නේ. ලැබෙන අදායමට අනුව වියදම සකස් කර ගන්න ඕන. ණය අරන් කවදාවත් රටක් දියුණු කරන්න බැහැ. (ස)
දැන් මේවා ගෙවන්නේ කවුද? (නි)
ආධාර කියන්නේ නය නොවෙයිනේ? අපිත් ඔය දුප්පත් අසරණ පුද්ගලයින්ට, පන්සල්, වෙහෙර විහාර හදන්න ආධාර කරන්නේ. ආධාර නම් කොච්චර ඉල්ලුවත් මොකද? නයට ඉල්ලුව නම් තමයි වැරදි. (දී)
ණය නොමැතිකම මොනතරම් සැපයක්දැයි නොදන්නේද? (නි)
කමක් නැහැ. ගෙවන්නේ ඉතින් අපිනේ (නි)
ප්‍රීති ප්‍රීති!! තව තව ගන්න. සැරදේවා! (නි)
මැච් එක දිනුවට වැඩක් තියෙනවද, රට මෙහෙම පරාජය වෙනකොට? (ස)
ණය ගැනීම නොවේ අපේ රටේ වැරැද්ද. ගන්න ණය කාර්යක්ෂමව යොදා නොගැනීම. මොකද, ණය දෙන ආයතන ණය දෙන්නේ ණය ගැතියගේ අනාගතයේ ණය ආපසු ගෙවීම හැකියාව සොයා බලා පමණි. කෙසේ වුවත්, ගත් ණය නිසි ලෙස යොදා නොගතහොත් අපේ රටේ අනාගත ණය ආපසු ගෙවීමට ඇති හැකියාව අඩු වීමට ඇති අවදානම ගැන සිතා බලා කටයුතු කළ යුතුවේ. (ස)
පුදුමාකාර සතුටක් දැනෙනවා මට අපේ අනාගතය ගැන (නි)
මට ලැජ්ජාත් හිතෙනවා (අ)
අපේ රටේ එකම වැරැද්ද මේක තමයි (නි)
යන යකා කොරහ බිඳගෙන යනවා කියල කියමනක් තියෙනවා. මනුෂ්‍ය ආත්මයෙන් චුතවෙලා ප්‍රේත ආත්මයකට මාරුවෙන්න යන මොහොතේ අන්තිම විස්කි අඩියත් ගහල මැරෙන්න හදන තුන් ලොවම අහිමි වූ මිනිසෙක් වගේ ආණ්ඩුවත් වැටෙන්න කලින් උපරිම සොමියක් විඳින්න හදනවා. (අ)
ඉස්සර අපිට ලැබුනේ ආධාර. ඒවා දුන්නේ පොහොසත් රටවල් වලින් සහ යුනෙස්කෝ ඩබ්, එච්. යු., යු එන් වැනි ආයතන වලින්. ඒවා ආපසු ගෙවිය යුතු නැහැ. ආසියා සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුවෙන් ලබාගන්නා පොලිය සමග ආපසු ගෙවිය යුතු මේ නය මුදල් ""ආධාර"" හැටියට හඳුන්වන්න තරම් අපේ රට දැන් පහලට වැටිලා. (නදී)
මම හිතන්නේ මේක නායක් තවත් කොච්චර නම් නය ගෙවන්නද? (අ)
ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් ලක්ෂ 2000 ක (රුපියල් ලක්ෂ 264000) ආධාරත් ලෝක බැංකුවෙන් ඩොලර් ලක්ෂ 1100 ක (රුපියල් ලක්ෂ 135200) ආධාරත් ලෙස අධ්‍යාපනය සංවර්ධනය හා කාලගුණ විපර්යාස වලට සූදානම් වීමේ කටයුතු සළසා ගැනීමට ඩොලර් ලක්ෂ 3100 ක (රුපියල් ලක්ෂ 409200) ආධාර ලබා ගැනීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි විය. මේ මුදල් කොහොමවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.(නදී)
මෙහෙම ගසා කෑමක් නම් මම මගේ අම්ම අප්පා කිරිකිත්තා කාලෙදිවත් ගසා කැවා කියල අහල දැකලනම් නැහැ.(නදී)
මටනම් පුදුම ආඩම්බර කමක් දැනෙන්නේ. සින්දුවක් ලියල අර මොකක්ද වාහිනී දෙකේ කියන්නත් හිතෙනවා හිතට දැනෙන ආශ්චර්යමත් හැගීමට. (දී)
නොදන්නා කමට අහන්නේ ලංකාව කොයි තරම් ණයද පිට රටට (දී)
ණය ගන්න කලින් ගත්ත ඒවා ගෙවල ඉවර කලොත් නරකද ? හැම කෙනෙක්ම දැනටත් ලක්ෂ 3 ක් ණයයි. එක පව්ලක් ලක්ෂ 12 ක් . අපි ඉන්නේ අනුන්න්ගේ ඉඩමක වගේ (දී)
අපි තවත් ණය කාරයෝ වෙනවා (දී)
ඈ....ආධාර ඉල්ලනව ගිලෙන්නද යන්නෙ... (දී)
ලෝක ආධාර ගැනීම විනෝදාංශයක් වෙලා. ජනගහනයෙන් බාගයකට වඩා වැඩියෙන් මැති ඇමති වරු ඉන්නවා? ඔය සල්ලි අනිවාර්යෙන්ම ඒ අයගේ සුඛ විහරණය සදහම තමයි.(නදී)
ණය අරගෙන අරගෙන පරම්පරා හතකට හම්බ කරගනියි, ඒත් අපේ ඉදිරි පරම්පරා හතකටවත් මේ ණය ගෙවලා ඉවර කරන්න බැරි වෙයි. (අ)
පාන් රාත්තලක් ගන්න සල්ලි ගෝනියක් ගෙනියන්න වෙන කාලය වැඩි ඇතක නෙවෙයි මේ ලඟම එනවා (අ).
මෙම ආධාර යන්නට වෙන වචනයක් වූවානම් කදිමයි (දිල්)
නය අරගෙන අපි ගෙවනවා . රජ පුත්තු රේස් පදිනවා කෝටි ගණන් වටිනා වාහන වලින්. අනේ කලේ වනේ වාසේ කියල කිව්වේ කට කහනවටද ?? (අ)
ණය බරින් උත්සන්න වෙලා (දී)
ඇත්‍තටම මේ ණය ගන්‍නව ද , බලෙන් දෙනව ද ?(නදී)
මහජනතාව දේශපාලකයන්ගේ වහලුන් බවට පත්වී අවසානය. දේශපාලකයන් ව්‍යවස්තාව ඇතුළු නීති දිනෙන් දින තමන්ට සහ තම සහචරයන්ට වාසි ලෙස වෙනස්කර ගනිමින් සිටිති. මහජනතාව ණයබර නමැති මඩ ගොහුරුවේ ගිලෙමින් පවතී. ඉදිරි පරම්පරා 7 ම ණයබරින් මිරිකී සිටිති.(නදී)
අපි කන ගොඩක් කෑම ජාති වලට සියයට දෙතුන් සීයකට වඩා බදු ගෙවනවා. වරායේ ගහන බදු ප්‍රමාණය ඇහුවහම හිතා ගන්නවත් බැහැ. එක බද්දක් උඩ තව බද්දක්. ඊට පස්සේ එබදු දෙක උඩ තව බද්දක්. ඔහොම ඔහොම එකතු වෙනකොට මාර ගානක් අපි බදු ගෙවන්නේ.(නදී)
අනී මිනිසුනේ මේ සැරේවත් මොලේ පාවිච්චි කරලා ජන්දේ දෙන්න (අ)
මේකයි ඇත්ත. 2001දී පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව තියෙනකොට ලංකාවේ ඒක පුද්ගල ණය රු. 95,000. 2002 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒක රු. 78,000ට අඩුකලා. හැබැ සන්ධාන ආන්ඩුව ආශ්චර්‍යත් එක්ක ඒක රු. 378,000 ට වැඩි කරලා...උපුටා ගැනීම ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියෙනි (අ)
ශ්රී ලාංකිකයා නිදහසේ ඉපදී මැරෙනතුරු ණය සහ බදු ගෙවයි මැරුණු පසු මරණ සහතිකයටත් රජයට ගෙවයි. බුදුන් වැඩු රටකට ගිය කලක් (අ)
නැතුව කොහොමද අපේ දරුවන්ගේ අනාගතේ සකසන්නේ. ඔය මදි මගේ හිතේ.(නදී)
නය ගහමු. කානිවල් දමමු! රෝමයේ නීරෝ කෙරුවෙත් ඔය ටිකම තමයි.(නදී)
ආසියා සංවර්ධන බැංකුවෙන් ලබා ගැනෙන ආධාර මුදල ශී ලංකා ශ්‍රමිකයින්ගේ හැකියාවන් හා දක්ෂතාවන් වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීම සදහා යෙදවීමට නියමිතය. තත්කාලීන ලෝකයට ගැලපෙන දක්ෂ ශ්‍රමිකයින් සපයන්නෙක් ලෙස ශ්‍රී ලංකාවට 2020 වසර වන විට ලෝක වෙළද පොලේ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට මෙමගින් රජය බලාපොරොත්තු වේ. අපි පිට රට ඈවිත් තියෙන්නේ ආන්ඩුවෙන් අපිට වියදම් කරලා නෙමේ. රට එන්න රජයේ ආයතන කීයකට ගෙවීම් කරන්න ඔනෙද? අනික ආවට පස්සෙ හොයල වත් බලනවද? ඒඕ 2020 නිසා ඩුබායි රජය එරට සියලුම රෑකියා සීමා කරනවා. කුවෙට් රජයත් එහෙම්මයි.(නදී)