හර්ෂණ තුෂාර සිල්වා
කිසිදු අවස්ථාවකදී ශ්‍රී ලංකාව තුළ ධනවාදී ආර්ථික ක්‍රමවේදයක් නොපැවැති බවත් පැවැතුණේ ආධිරාජ්‍යාවාදී ආර්ථික ක්‍රමයක් බවත් ‘ඇඞ්වොකාටා’ ආර්ථික සමුළුවේ පළමු සැසියේදී අදහස් දක්වමින් පර්යේෂක විනෝද් මුණසිංහ මහතා පැවැසීය.
විවෘත ආර්ථික ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ දී සාර්ථක වූයේ ද යන මැයෙන කොළඹ නිපෝන් හෝටලයේ පැවැති ‘ඇඞ්වොකාටා’ ආර්ථික සමුළුවේ පළමු සැසියේදී අදහස් දක්වමින් විනෝද් මුණසිංහ මහතා එම අදහස් පළ කළේය. .
ධනවාදී ආර්ථික ක්‍රමයක් කිසිදු අවස්ථාවකදී හෝ දැනට හෝ නොපවතින බව කී විනෝද් මුණසිංහ මහතා ශ්‍රී ලංකාවේ පවතින්නේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු නොකරන සියල්ල උකහා ගන්නා වාණිජවාදී ආර්ථික ක්‍රමවේදයක් යැයි ද කීවේය.
විවෘත ආර්ථික ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ සාර්ථක වූයේ ද යන්න සම්බන්ධයෙන් සැසියේදී අදහස් දැක්වූ රාජ්‍ය ප්‍රතිපත්ති පර්යේෂක චානුක වත්තේගම මහතා විවෘත ආර්ථික ක්‍රමවේදය සාර්ථක වූයේද යන්න සම්බන්ධයෙන් ඔව් සහ නැහැ යන පිළිතුරු දෙකම දිය හැකි බව කීවේය.
එක් අතකින් සාර්කත්වයක් පෙන්නුම් කරද්දි විවෘත ආර්ථික ක්‍රමවේදය තවත් පැතිකඩවලින් අසාර්ථක වී ඇතැයි ද වත්තේගම මහතා කීය.
ලංකාව තුළ විවෘත ආර්ථික ක්‍රමවේදයක් ආරම්භ වුවද මිනිසුන්ගේ විවෘත නොවූ බව කී ජනමාධ්‍යවේදියකු සහ බ්ලොග්කරුවකු වන අජිත් පැරකුම් ජයසිංහ මහතා ඉදිරියේදීද ආර්ථිකය විවෘත විය යුතු බව කීය. එසේ වුවත් රාජ්‍ය නියාමනයක් යටතේ ආර්ථිකය නිදහස් විය යුතු බව ද හෙතෙම කීය.
2025 දෙසැම්බර් මස 04
420
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
449
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවේ තිබුණේ ධනවාදී ආර්ථිකයක් නොවේ
vipula Friday, 13 October 2017 06:43 AM
ආර්ථිකය විවෘත්ත නොවුණාට ෆොටෝ එකේ ඉන්න නෝනාගේ අැඳුම නම් විවෘත්ත එකක්.
vidya Friday, 13 October 2017 02:32 PM
අනේ අපේ ගමට ඇවිල්ලා කුඹුරට බැහැලා ටිකක් උදව් වෙන්නකෝ. ඔය නිකම් කියව කියව ඉන්නේ නැතිව.
කුමාර රාජකරුණා Tuesday, 17 October 2017 04:15 AM
ලෝකයේ පවතින්නේ ආර්ථික ක්‍රම දෙකයි. එක්කෝ සමාජවාදී නැත්නම් ධනවාදී. ඔය මොන විදිහකට කීවත් මෙහෙ තියෙන්නේ ධනවාදී ආර්ථිකයක්. ඔය ආලවට්ටන් දාලා ඒ ඇත්ත වහන්න බෑ.