දියුණු වන රටවලට ශී්‍රලංකාවෙන් ගත හැකි ආදර්ශ බොහෝ යැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්‘ වෙබ් අඩවිය කියයි.
මියන්මාරය වැනි අලූත නිදහස දිනාගත් රටවල දරිද්‍රතාවය දුරලීමට ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය කදිම උදාහරණයක් යැයි එහි සඳහන් වේ.
රටක් සංවර්ධනය කිරීමේදී මුදල් ඉපැයිීමට දෙන තැනට සමාන තැනක් රටේ සංස්කෘතියට,විශ්වාසවලට,මිනිසුන් අතර පවතින මත වලට දිය යුතුයැයි එහි සදහන් වෙයි.මුදල් ඉපැයීම යනු මේ අංශත් සම්බන්ධ කරගෙන සිදුවිය යුතු ක්‍රියාවලියක් යැයි කියන ගාර්ඩියන් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ එවැනි වාතාවරණයක් තිබෙන බවත් කෙටි කලකදී ශීඝ්‍ර සංවර්ධනයක් අත්කර ගැනීමට හැකිව ඇත්තේ එනිසා බවත් පවසයි.
මෙයට උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ඇඟැලූම් ක්ෂේත්‍රය ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ඇඟැලූම් ක්ෂේත්‍රය යනු රටට විශාල වශයෙන් රට සල්ලි උපයා දෙන්නකි. කෙසේ වුවත් ඇඟලූම් ව්‍යාපාර හිමියන් ඔවුන්ගේ කර්මාන්තායතන අගනුවර ආසන්නයේ ඉදිකර තිබීම විශාල වශයෙන් රැකියා සොයන තරුණ තරුණියන් ගම්බද පෙදෙස් වල සිට නගරාසන්නයට පැමිණීමටත් ඒ සමග නොයෙක් සමාජ ගැටලූ ඇතිවීමටත් හේතුවක් ලෙස හදුනාගෙන ඇත.මෙනිසාම රටේ අනෙක් ජනතාව ඇගලූම් ක්ෂේත්‍රයේ නියුතු වූවන් ලෙස බලන්නේ වපර ඇහින් බව කියන ගාර්ඩියන් වෙබ් අඩවිය මෙම හේතුව නිසාම ඇගලූම් සේවක සේවිකාවන්ට තමන් කරන රැකියාව සම්බන්ධයෙන් ආත්මාභිමානයක් නැති තත්ත්වයක් උද්ගතව ඇතැයි සදහන් කරයි.
නමුත් මේ කරුණු සම්බන්ධයෙන් නිසි අධ්‍යනයක් කර ඇති ඇතැම් ඇගලූම් ආයතන මෙම තත්ත්වය ඇගලූම් ආයතන වල ක්‍රියාකාරිත්වයට සෘජුවම බලපාන බව හදුනාගෙන ඇති බව පවසන ගාර්ඩියන් වෙබ් අඩිවිය එම ගැටලූ වලට පිළියම් ලෙස ගෙන ඇති පියවර ශී්‍රලංකාවේ ඇගලූම් කර්මාන්තය යළි නගා සිටුවීමටත් සේවක සේවිකාවන්ට ආත්මාභිමානය දිනා දී වෙනදාට වඩා හොදින් රැකියාවේ නිරත වීමට හැකි වාතාවරණයක් සකස් කර දී ඇතියි පවසයි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මාස් හෝල්ඩින්ග්ස් ඇඟලූම් ආයතනය ගාර්ඩියන් වෙබ් අඩවියේ අවධානය දිනාගෙන තිබේ.ඇගලූම් කර්මාන්තශාලා අගනුවර පමණක් නොව දුෂ්කර පළාත් වලද ඉදිකිරීමට මාස් හෝල්ඩින්ග්ස් ආයතනය පියවර ගෙන තිබීම පැසසුමට ලක් කර ඇති ගාර්ඩියන් වෙබ් අඩවිය මෙසේ දුෂ්කර පළාත් වලත් කර්මාන්තශාලා ඉදිකිරීම නිසාවෙන් තරුණ තරුණියන්ට රැකියා සොයා අගනුවරට පැමිණිීමට අවශ්‍යතාවක් ඇති නොවන බවත් ඔවුන්ට උදයේ පැමිණ හවසට නිවෙස් බලා ගොස් තම තමන්ගේ පවුල් වල සාමාජිකයන් සමග කාලය ගත කිරීමේ අවස්ථාවද ලැබී තිඛෙන බවත් ගාර්ඩියන් වෙබ් අඩවිය කියයි.මෙවන් තත්ත්වයක පෙර මෙන් සමාජ විරෝධී කි්‍රයාවන්ට ඉඩක් නොමැති තැන රටේ අනෙක් ජනතාව ඇගලූම් කර්මාන්ත සේවක සේවිකාවන් දෙස වෙනස්ම කෝණයකින් බලනු ඇතැයිද එය එම සේවක සේවිකාවන්ගේ ආත්මාභිමානය වර්ධනය කිරීමට හේතුවනු ඇතැයිද ගාර්ඩියන් වෙබ් අඩවියේ සදහන්ය.
තම රැකියාව ගැන අභිමානයක් ඇති තැනැත්තා කිසිදිනෙක අකාර්යක්ෂම ලෙස වැඩකරන්නේ නැත යන්න ශ්‍රී ලංකාවේ කර්මාන්තආයතනයන් දැන් දැන් හදුනාගනිමින් තිබේ.යුද්ධයෙන් පසු රටේ පවතින වාතාවරණය නිසා පෙර මෙන් මුදල් මතම වෙහෙසවීමට නොව සාර්ථකව මුදල් ඉපැයීමට ආධාර වන වෙනත් අංශ ගැනද අවධානය යොමු කිරීමටත් කාලය ඇතැයිද ශ්‍රී ලංකාවේ කර්මාන්ත එම කාලයෙන් නිසි ලෙස ප්‍රයෝජන ගනිමින් සිටිනා බවක් පෙනෙන්ට තිඛෙන්නේ යැයිද ගාර්ඩියන් වෙබ් අඩවියේ සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම අපක්ෂපාති සහ සාධාරණ ඇගයීමක්. (නි)
බොහොම ආඩම්බරයි! (නි)
මේ තියෙන්නේ අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ ශ්‍රමයයි, මැද පන්තියේ මිනිස්සුන්ගේ උගත්කමයි, ඉහළ පන්තියේ මිනිස්සුන්ගේ ව්‍යාපාරික ඥානය හා මුදල් සුසංවිධිත සංකලනයකින් රටට ලබාගත හැකි ප්‍රතිපලයයි. තව තවත් මෙවැනි දක්ෂතා සහිත මිනිසුන් හා සමාගම් මේ රටට බිහිවේවා! තව තවත් මෙවැනි වාර්තා පුවත්පත් වලින් (සතියකට එකක් හෝ) දැක ගන්න ලැබෙනවා නම් කොයිතරම් සතුටක්ද? (නි)
ලංකාව නුදුරු අනාගතයේදී දියුණු තත්වයට පත්වන බව බොහෝ විදේශිකයෝ පිළිගනියි. එයට හේතුව කෙටි කාලීන දේ නොසිතා රජය දිගු කාලීන වැඩ ගැන උනන්දු වීමයි . මිනිසුන් ගැනට වඩා රට ගැන සිතීමයි. (ස)
දියුණු වන රටවලට ශ්‍රී ලංකාවෙන් ගත හැකි ආදර්ශ බොහෝ යැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්‘ වෙබ් අඩවිය කියයි". ඒ කියන්නේ මොනවා ගැනද? ලංකාවේ ඡන්ද කෙරුවාව ගැනද? (නි)
ලංකාවේ තත්ත්වය දන්නේ ලංකාවේ ජීවත්වන බුද්ධිමත් මනුෂ්‍යයෝය (නි)
අනේද කියන්නේ...? (නි)
පාගා කෙලිය කොමිස් කෙලිය කුඩු ජාවාරම අවනීතිය වගේ කෙරුවාවල් වලින් අපිට පුළුවනි ලෝකෙටම ආදර්ශ දෙන්න. ජයවේවා!(නදී)
මේ ප්‍රකාශය ගැන අපිට ආඩම්බරයි.එංගලන්තේ පැත්තෙන් මේ වගේ දෙයක් ඇසුණු පළමුවෙනි වතාව. (නි)
කුමාර, දයාන්, ජයසිරි ඔබ කියන කතාව ඇත්ත. නමුත් අපේ කලාප සේවක සේවිකාවන්ගෙන් වැඩි දෙනෙකු සේවයට යොදවආ තියෙන්නේ කම්කරුවන් සපයන සමාගම් වලින්. ඒක නිසා සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් මොනවත් ලැබෙන්නේ නැහැ. වෙළඳ කලාපය අරඹපු කාලේ මෙහෙම වහල් වෙළදාමක් තිබුනේ නැහැ. ස්ථිර සේවයට සේවකයින් බඳවාගත්තා. තත්වය ඒකයි, මේවා ආදර්ශයට ගත්තොත් මියන්මාරයටත් මේ ටිකම වෙයි. (නි)
වරක් සිංගප්පුරු අගමැති කිව්වලු සිංගප්පුරුව කවදා හරි ලංකාවක් කරනවා කියලා. (ඒ කිව්වේ එදා අපි හිටිය තැන අනුව) අද සිංගප්පුර අගමැති එහෙම කිව්වොත් මොනවා වෙයිද කියලා හිතාගන්න පුළුවන්නේ? අද අපිට ඒ අහලකින්වත් ඉන්න පුලුවන්ද? (ස)
කලාපයේ අනික රටවල ඇඟලුම් සේවිකාවන්ට වඩා අපේ අයට යම් හොඳ පහසුකම් තිබේ.නේවාසික පහසුකම් නොමැති කමින් අග නගරයේ බොහො අය සුරා කෑමට ලක්වී. ඇඟලුම් කම්හල් හිමියන් දුර බැහැරින් එන අයට නේවාසිකාගාරත් සපයන්න උත්සහ දරනවා නම් ගොඩක් හොඳයි. (ස)
ජනාධිපතිතුමාගේ කැපවිම නිසයි සංවර්ධනය ගමට යන්නේ. හරියට යුද්ධය අවසන් කරන්න එතුමාට තිබුණු සැබෑ වුවමනාව වගේ. නැත්නම් අයිතිකාරයෝ කරන්නේ වැඩි ලාභයක් බලාපොරොත්තුවෙන් නගරයේ හිරවෙලා ලාභය වැඩි කරගන්න එකයි. ඒත් මේ ක්ෂේත්‍රයේ තව විසඳන්න ගැටළු තිබෙනවා.ඒවා එතුමා විසඳයි (නි)
ජයසේකර,සංකල්පනම් හැමෝම ගෙනෙනවා. සමහර සංකල්ප දැන් අපේ පැත්තේ පැල වෙනවා. ඕකට කියන්නේ ඉරිසියාව කියලා. පක්ෂේ නෙවේ රට ගැන හිතන්න දැන්වත්. (නදී)
කොහොමත් අපේ මිනිස්සු දක්ෂයි (නි)
සන - අපි ඕකට කියන්නේ හද පත්ලෙන් නැගෙන සෝකය කියල (අ)
අපේ රට ලස්සනයි පොඩි බොහොම පහසුවෙන් ඉක්මනට දියුණු කරන්න පුළුවන්. අපේ අවාසනාවට එහෙම කරන්න වැඩපිළිවෙලක් නැහැ .අපි දන්නා කලේ ඉදල'' දියුණු වෙමින් පවතින ''රටක් . (ස)
කවදාවත් පැත්තට අදින වෙබ් අඩවියක් නොවන ගාර්ඩියන් දැනට ලංකාව තුල තියෙන ඇත්ත තත්වය කියලා තියෙන්නේ. අපිට ආඩම්බරයි. අද දේසපාලන වේදිකා වල මොන බයිලා ගැහුවත් රට ඉස්සරහට යනවා. (ස)
මගේ මිතුරෙක් හිටිය ඉල්ලියාස් කියලා.ෆස්රූල් ගෆූර් වගේම බොහොම මධ්‍යස්ථව හිතන කෙනෙක්. අපි එයාට කිවුවේ සිංහල තම්බියා කියලා. ගෆූර් හා ඔහු අතර අදහස් වල නම් කිසිම වෙනසක් නැහැ. අනෙක් මුස්ලිම් සොහොයුරොත් ඔහුව ආදර්ශයට ගන්නවා නම් හරි අගෙයි.සුබ අනාගතයක් ගෆූර්. ජයසේකර, ඔය නොදන්නවා වුණාට අපි කුඩා කාලේ පටන් ලංකාවේ ඇගලුම් පිට රටවලට ගියා.ඒ කාලේ ඉදලම අපේ ඇදුම්වල හොද ප්‍රමිතියක් තිබුනා. එනිසා අපිට වැඩි ඉල්ලුමක් ආවා.අද නම් ඒ ප්‍රමිතිය නැහැ කියලා තමයි දැන ගන්න තිබෙන්නේ. (නි)
මේ ලිපිය හරි. ඒක පුද්ගල අදායම වැඩ් කර ගන්න හැටි යුරෝපයේ අය දන්නේ නැහැ. ඔබේ රටේ එය හොඳින් කෙරෙනවා ආසියාවේ රට වලින් මත් ද්‍රව්‍ය බෙදා හරින මුලස්ථානය ලංකාව . මේ මගින් විශාල මුදලක් එක පුද්ගලයන්ට රටේ අරක්කු වෙළඳාම කැසිනෝ ව්‍යාපාර ආදිය විශේෂයෙන් සුද්දෝ උනත් අපි මේවා දන්නේ නැහැ. . (නදී)
ඉදිරියටම යමු කුඩු අරක්කු සමග මම මුට්ටියෙක් නොවේ . (නදී)
ජනාධිපතිතුමාගේ කැපවිම නිසයි සංවර්ධනය ගමට යන්නේ. හරියට යුද්ධය අවසන් කරන්න එතුමාට තිබුණු සැබෑ වුවමනාව වගේ. නැත්නම් අයිතිකාරයෝ කරන්නේ වැඩි ලාභයක් බලාපොරොත්තුවෙන් නගරයේ හිරවෙලා ලාභය වැඩි කරගන්න එකයි. ඒත් මේ ක්ෂේත්‍රයේ තව විසඳන්න ගැටළු තිබෙනවා.ඒවා එතුමා විසඳයි (නි)
අපේ රටේ පවත්නා උතුම් වූ සංස්කෘතිය අපට විශාල ආඩම්බරයක්.එහෙත් රටේ අන්ත අසරණ දුගී ජනතාවට තම අයිතිවාසිකම් දිනා ගැනීමට පාරට බැස උද්ගෝෂණය කිරීමටවත් නොහැකි වාතාවරණයකි ඇත්තේ. ඇඟලුම් කර්මාන්තවල තත්ත්වය දන්නේ අප රටේ අයයි.රටේ සිටින ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් විදේශ රටවල අනන්ත දුක්ගැහැට විඳිමින් විදේශිකයින්ට බැලමෙහෙවර කරනවා.අපේ රටෙන් විදේශ රටවල් ආදර්ශ ගන්නවා නම් ඒ කතාවකට පමණක් බව නම් පැහැදිලිය (නි)
බ්‍රිතාන්‍යයේ පලකරන පුවත්පතකින් මෙවැනි හොඳක් අහන්න ලැබීම ගැන නම් ඇත්තටම සතුටුයි,ඒ වගේම පුදුමයි.මොකද එයාල හැම තිස්සෙම කරන්නේ අපිව හෙළ දකින එකනේ.රාජිත වගේ තමන්ගේ රටේ ඇදම දකින අයියල ගැන නම් දුකයි. (අ)
ලංකාවේ ඇඟලුම්වල ප්‍රමිතියත් සේවක සේවිකාවන්ට සලකන විදියත් ඉතා ඉහලයි.ලෝකයේම ඇඟලුම් කර්මාන්තය ගැන බැලුවොත් අපිට හොඳ තාක්ෂණයෙන් පිරුණු අය ඉන්න බව මේ අදාල විදෙස් සමාගම් සියල්ලම දන්නවා.ඒකයි ඇත්තම ඇත්ත. එත් අපිට අගයක් නැහැ. කෝටා ක්‍රමයත් නැතුවත් අපට මේ පිළිගැනිම. (ස)
"දියුණු වන රටවලට ශ්‍රී ලංකාවෙන් ගත හැකි ආදර්ශ බොහෝ යැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්‘ වෙබ් අඩවිය කියයි". ඒ කිව්වේ මගේ හිතේ අහවල් දේ සම්බන්ධව වෙන්න ඕනෑ. (නි)
මගේ රට දිනේවා! (නි)
ඉදිරියටම යමු. ජය ශ්‍රී ලංකා! (නි)
මාස් ආයතනයට සහ එහි සභාපතිතුමන් හට යෝධ බල යෝධ ශක්තිය ලැබී මාස් ආයතනය තව තවත් දියුණු වේවි කියල ප්‍රාර්ථනා කරනවා . ඇගලුම් ක්ෂේත්‍රය දියුණුවට පත් කලේ, ලංකාවේ නම මේ තරම් ඉහලට ගෙනාවේ මහේෂ් අමලියන් නැමැති සුන්දර නිහතමානී පුද්ගලයයි . ඔබට පින් ! (ස)
ඉදිරියටම යමු... සිංහල, මුස්ලිම්, දෙමල ජාති බේද දුරලා එක මවක් තුරුලේ ඉදිරියටම යමු...... ජය ශ්‍රී ලංකා... ! (නි)
අපේ ජනමාධ්‍යය ලංකාවේ ඇතුළත විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ලෝකයේ අනෙකුත් රටවල් වල ජනමාධ්‍ය සමග සම්බන්ධතාවය බොහොම අල්පයි. එම නිසා අපේ රටේ හොඳ දේවල් ගැන, ඒ රටවල ජනමාධ්‍ය වලින් ප්‍රචාරය වෙන්නේ නැහැ. (නි)
ඔය ගාමන්ට් වල මහන්න එන්නේ ගම්වල අහිංසක පුංචි එවුන්' ඒ දරුවෝ හූරගෙන කන්නේ නැතිව සේවයට සරිලන වැටුපක් දීලා වැඩක් ගන්නවා නම් හොඳයි බොහෝ ආයතනවල කරන්නේ අහිංසකයින්ගේ ශ්‍රමය හූරගෙන කන එක. (ස)
ඔය එක එක එක්කෙනා කියන ඒවා ගණන් ගන්න එපා (නි)
ඔව්. ලංකාව ගොඩක් දේවල් වලට ආදර්ශයක්. බලන්නකො ලංකාව තියලා තියන වාර්තා. කැපී පෙනෙන වාර්තා ගොඩක් තියලා තියනවා. (නි)
ඇත්ත ප්‍රකාශ කරට බොහොම ස්තුතියි. මොන වැරදි තිබුනත් රට දියුණු වෙනවා. (ස)
හැබැයි ඇමති,උප ඇමති කට්ටිය පත් කිරීමෙන් දෙන ආදර්ශය අනිත් රටවල් අනුගමනය කළොත් ඉවරයි (නි)
යුද්ධයෙන් ජය ගැනීමේ ප්‍රතිපල තමා මේසියල්ල. ඒ දේ සිදු නොවන්න අපිට සංවර්ධනය ගැන සිතන්නටවත් ලැබෙන්නේ නැහැ. ජනාධීපතිතුමා, ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම පාර්ශවයන්ට නැවත නැවත අපි ස්තුති වන්ත වෙනවා. දැන් අපේ වගකීම වන්නේ ජාතියක් වශයෙන් එක්වෙලා තව තවත් මේ රට සංවර්ධනය කර ගොඩ ගන්න මිස ආපස්සට තල්ලු කිරීම් නොවේ. (අ)
අපේ රට ගැන හොඳට වඩා නරක පැත්ත පෙන්වීමටයි බොහෝ බටහිර පුවත්පත්,අනෙකුත් ජනමාධ්‍යයන් හැමවිටකම කටයුතු කරන්නෙ.මෙය මට නම් පුදුමයට කරුනක්. ඇයි හිටිහැටියෙ අපේ රටේ හොඳ දේවල්,අගය කළයුතු දේ තියනවා කියා නොනැවතී, අනෙක් අයට ඒවා ආදර්ශයට ගන්න කීමත් මහ පුදුමයට කරුණක්. (නි)
අපේ රට ගැන අපිට දැනෙන්නෙ ලොකු ආඩම්බරයක්.. (ස)
ෆස්රුල් වගේ හිතන මුස්ලිම්වරු හරි අඩුයි.ෆස්රුල් ගෆුර්ට මල් මිටක්. (නි)
කාගේ ?සංවර්ධනය ගැනද මේ සදහන්වන්නේ ලංකාවේ සාමාන්‍ය ජනතාව අද අනාථාවෙලා ඉන්නේ (අ)
ෆස්රූල්ගේ අදහස නම් ඉතාමත්ම හැගීම්බරයි (නි)
රටේ දියුණුව අපට හරි සතුටක් (නි)
නිතිය තවත් හොදින් ක්‍රියාකරන්න තව ප්‍රශංසා ලැබේවි.(දිල්)
ඉතාමත් සතුටු දහයක ආරංචියක්. දැන්වත් සියලු ජාතීන් එකමුතු වී තවත් රට ගොඩ නගමු. අපේ ගරු ජනාදිපති තුමාට මේ සියලු ගරුත්වය හිමිවිය යුතුයි.(නදී)
මෙය ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් නේද? (නි)
අය්යෝ...අය්යෝ මේ අසොකල වගේ අනුන්ගෙන් යැපෙන ,මන්ද මනසිකත්තයක් තියෙන ,අඩි හීනමානයෙන් පෙලෙන මන්ද බුද්දිකයෝ හිටියනම් ..සින්ගප්පුරුවත් අදත් .එහෙමම තමඊ..,අද ඉදලවත් සුබ වාදීවහිතන්න ඒ ..සම්බන්දව පොත පත පරිශීලනය කරන්න .(අ)
සුබ වාදීව ලංකාව ගැන දැකීම සතුටක් . හැමදේකටම දොස්කියන අපේ රටේ මිනිසුන්ටත් ආදර්ශයක් සහ ආඩම්බරයක් . (අ)
ජාතියක් ලෙසට නැගිටිමට කෙසේවෙතත් බඩගෑමටවත් නොහැකි ලෙස ත්‍රස්තවාදයට බයේ පණ ඇද ඇද හිටි ජාතියක් අඩුමගානේ බස් එකකවත් ගියාද සැනසීමෙන්? නමුත් යුද්ධය නිමාවත් සමග දේශය අභිමානයෙන් නැගි සිටින්නට විය. ආඩම්බරයෙන් මම ශ්‍රී ලාංකීකයෙක් කීමට මැලි නොවීය. ජාතික අභිමානය ඇතිවිය. රට තුල යටිතල පහසුකම් නගා සිටිවිම හරහා දේශිය නිෂ්පාදන ප්‍රමාණයන්ගේ සීග්‍ර වාර්ධනයක් ඇති විය. රට තුල දීර්ඝකාලීන ආයෝජන මෙන්ම කෙටිකාලීන ආයෝජනද නිර්මාණය විය. නිදහසේ ජිවත් විය හැක රටක් නිර්මාණය විම තුලින් නගරයට සීමාවු දේ ගම්මානය වෙත ඇදී යන ලදී. නමුත් කණගාටුව නම් විදේශ පාර්ශවයන් අපේ සංවර්ධනය දුටුවද ලංකීක කුහක ප්‍රජාව එය පිළිගැනීමට අකමැති වීමයි (නි)
ලංකාව ආදර්ශයක් පිල්ලේ නෝනට (නි)
“ද ගාර්ඩියන්“ වෙබ් අඩවිය දකින සැබෑ තත්වය අපේම රටේ සිටින බොහෝ දෙනෙකුට නොපෙනෙන එක පුදුමයක් .මෙය නොපෙනෙන අය කරන්නේ රට අස්ථාවර කිරීමත් රට පාවාදීමත් පමණයි . බලය ලබා ගැනිමේ ආසාවෙන් සිටින නිසා රටේ ප්‍රගතිය සංවර්ධනය දියුණුව ඔවුනට නොපෙනේ. (ස)
කප්පම් ,දුරාචාර සහ අවනීතිය නැත්නම් ශ්‍රීලංකාව යනු මිහිපිට සුරපුරකි.(දිල්)
ඇත්ත ෆස්රුල් ගෆුර්, නමුත් යම් සංවර්ධනයකට යන වියදමින් 4/3 ක් යන්නේ ලොකු තැන් වලට. එහෙම වුනහම අපි හෙලන දහදිය වලට වටිනාකමක් වෙනුවට අපිට ලැබෙන්නේ ණයබරිත වූ අනාගත පරපුරක් (නි)
සමහර විට ගාර්ඩියන් පත්තරේ අය, අර සුනිල් පෙරේරාගේ සින්දුව අහල මේ තීරණයට ආවද දන්නේ නැහැ.(නදී)
දියුණු වන රටවලට ශ්‍රී ලංකාවෙන් ගත හැකි ආදර්ශ බොහෝ යැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්‘ වෙබ් අඩවිය කියයි". ඒ කිව්වේ මගේ හිතේ අහවල් දේ සම්බන්ධව වෙන්න ඕනෑ. (නි)
ශ්‍රී ලංකාව ගැන ආඩම්බරයි. (ස)
රේණු, මලේ රේණු ටික වගේ, ලස්සන අදහස් ගලාගෙන ඇවිත් තියෙන්නේ, මේවා තේරුම් ගන්න පුළුවන් රට ජාතිය ගැන කැක්කුමක් තියෙන අයට විතරයි. ජය වේවා !!! (ස)
කවුරු කෙසේ කීවත් බුද්ධිමතුන් ශ්‍රී ලංකාවේ වර්තමාන ගමන් මඟ නිවැරදිව හඳුනාගෙන ඇත.(නදී)
ඔය විදියටම කරගෙන යමු. (නි)
අහිංසක ජනතාව තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට උත්සහ කරද්දී එම අය කුහක විදිහට දැකීම විදේශ රටවලට ගතහැකි හොඳ ආදර්ශයක්. (දී)
මම සහභාගි වූ රැස්වීමකට පැමිණි බහුජාතික සමාගමක ඉන්දියානු විධායක අධ්‍යක්ෂවරයා කියා සිටියේ ලංකාව ඉන්දියාවට වැඩිය වසර 10ක් ඉදිරියෙන් සිටින බවයි. ඔහු කියන විදියට මේ වෙනස වුණේ 2009 න් පසුව බවයි. ඔහු පුදුම වුණා අද කොළඹ නගරයේ පිළිවෙල දැකලා (නි)
මේවට ප්‍රතිචාර දක්වන කට්ටිය හොයාගන්නත් නැහැ. (නි)