ගෝලීය පියාසර කිරිමේ නවතම සංඛ්‍යා ලේඛන අනුව , මෙම වසරේ පළමු මාස හය තුළ ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සමාගම් 40 අතරින් 5 වැනි ස්ථානය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හිමි වී ඇතැයි ශ්‍රී ලංන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ශ්‍රී ලංකන් කණ්ඩායමේ සෑම සාමාජිකයකුගේම කාර්යසාධනය පිළිබඳව අතිශයින් සතුටට පත්වන බවත් ස්ථාවර හා දිගුකාලීන සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා වෘත්තීය මට්ටමේ වෘත්තීය කුසලතාවයන් අද්විතීය මට්ටමින් ඉහළ නංවා තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන පාඩුව සහ ණය බර අතින් මේ සමාගම කුමන ස්ථානයකටද එන්නේ?
ඉස්සර නම් (2010-2012) ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉතා ඉහළ මට්ටමින් පැවතුණා. එහෙත් දැන්නම් එහෙම දෙයක් නැහැ. ශ්‍රී ලන්කන් ගුවන් යානාවල යන මගියෝ හැමෝම දන්නවා අපේ ගුවන්සේවයේ තියෙන ගුණ සහ අගුණ. 2010 වසරේ ඉතාම පහළ මට්ටමක තිබුණ කටාර් එයාර්වේස් වැනි ගුවන් සමාගම් අද තරු පහේ (ෆයුව් ස්ටාර්) ගුවන් සමාගම් බවට පත්වෙලා.
දැන් මොන සඟරාවේද, නැතිනම් මොන වෙබ් අඩවියේද මෙහෙම තියෙන්නේ?
කාටද අප්පා මෙහෙම බොරු කියන්නේ? අපි මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ?
මේක නම් බොරුවක්, මීට මාසයකට පමණ ප්‍රථම ශ්‍රී ලංකා ගුවන් සමාගම තත්ත්ව පාලනයෙන් අඩුව පවත්වාගෙන යාමේ කටයුතු කරනවා කියා ජාත්‍යන්තරයෙන් පැමිණිලි පවා තිබුණා.
ලංකාවේ මිනිහෙක් විදිහට හදවතින්ම සුබපතනවා..
මේක නම් මම හිතන්නේ පට්ටපල් බොරුවක් කියලයි.
අර හොදම මුදල් ඇමති සම්මානය දුන්න සංවිධානයේ අයගේ වැඩක්ද ?
67 තිබ්බ එක 81 ට ගිහින්
ලෝකයේ ආරක්ෂිතම ගුවන් සේවා 10 න් එකක් .
ඉතාමත්ම ගුණාත්මක භාවයක් තිබුණු ශ්‍රී ලාංකීය ගුවන් සමාගම් තමයි එයාර් සිලෝන් , පසුව එයාර් ලංකා ඉන්පසුව මුල් වකවානුවේ ශ්‍රී ලන්කන්. පසු කාලීනව ශ්‍රී ලන්කන් එමිරේට් සමාගමෙන් නැවත ලබාගත් පසුව තත්වය ඉතාමත් දුර්වල වුණා. ජනප්‍රියත්වය ඉතාමත් පහල වැටුණා. කරන්න දෙයක් නැති නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය පාවිච්චි කරන මගීන් පිරිසකුත් බිහිවුණා. බොහෝ මගීන් වෙනත් ගුවන් සේවා වල පිහිට පැතුවා එම ගුණාත්මක භාවයේ පසු බෑම නිසා. සමහර ගුවන් සේවක සේවිකාවන් මගීන්ට හරියට කතා කරන්නවත් දන්නේ නැති තැනට පත් වුනා. වරක් මට මතකයි ඉතාමත් ඉහල ස්ථානයක් ලබා ගැනීමට එයාර් ලංකා සමත් වුනා. එකල අපද හරිම ආසාවෙන් එය පරිහරණය කලා, යොදා ගත්ත ගුවන් ගමන් සඳහා. සේවය එතරමට සුපිරියට තිබුණා. නමුත් මෑත භාගයේදී ශ්‍රී ලංකන් මගීන්ට එපා වෙන තරමට සේවය පිරිහුණා. බලධාරීන් මේ ගැන සොයා බලල තත්වයෙන් ඉහල දැමීමට සිතා ගත්තද මන්ද මට මෙය කියවූ විට හැඟුනේ එයයි. නමුත් ශ්‍රී ලාංකිකයකු හැටියට ගුණාත්මක භාවයෙන් යුතු ගුවන් සේවයක් හිමිවනවා නම් අපට එය ඉතාමත් අගය කොට සැලකිය යුතුයි. පසුගිය මෑත වකවානුවේ නම් සේවය ඉතාමත් පිරිහී තිබුණා.
2017 වර්ගීකරණය අනුව ශ්‍රී ලන්කන් තිබෙන්නේ 81 වැනි ස්ථානයේ...
මම හිතන්නේ කිඹුලා බනිස් වගේ අලුත් කෑම වර්ග මගීන්ට කන්න දීලා, ජාත්‍යන්තරයට ඒවා හඳුන්වා දුන් ගුවන් සමාගම් අතරින් පස් වන ස්ථානය වෙන්න ඇති.
මම හිතන්නේ ගුවන්යානා සමාගම් පහක් පමනයි ලෝකයේම තිබෙන්නේ
කාටද මේ බොරු කියන්නේ? ටොප් 100 එයාර් ලයිනර් 2017 බැලුවොත් හිමි තැන පේනවා 81 ක් කියලා.
ඒකනම් බොරු කතාවක්... දැන් තිබුණු පහසුකනුත් කපලා..
කුලියට ගත් ගුවන් යානා හතරක්, පහක් තියාගෙන කොහොමද ලෝකයේ පස්වැනි තැනට පත්වන්නේ? එතකොට ගුවන් යානා සියගණන් තියන ලෝකයේ සංවර්ධිත රටවල්වල ගුවන් සමාගම් අපේ එකට වඩා නරකද? කෝටි ගණන් පාඩු ලබමින් කියන මේ බොරු කතා..
මේක කවදාවත් ඇත්තක් වන්නට බැහැ. නැතිනම් තෝරපු අය ගුවන් සමගම් 5 ක් පමණක් අරන් ඒකෙන් පස්වෙනි අපේ එකට ලැබෙන්න ඇති... අහපු අහපු අය කියන්නේ ලෝකයේ දෙනට පවතින ගුවන් සේවා වලින් පහත්ම ගුවන් සේවාව අපේ ගුවන් සේවාව කියායි. ඊට හේතු ලෙස රස්තියාදු කිරීම, අවම සේවය, ප්‍රමිතියෙන් තොර ගුවන් සේවක සෙවිකාවන් සිටීම, නිසි කලට නඩුත්තු නොකරන පරණ ගුවන් යනා, සේවක සේවිකාවන් බඳවා ගැනීමේදී එයට අනුකූල නොවන ක්‍රම එහෙත් දේශපාලන සම්බන්ධකමට හෝ යාළුකමට හෝ සේවාවන් ලබා දීමට කැමති සේවිකාවන් ගැනිම යන කරුණු නිසා අඩු මට්ටමකින් යුතු බව කිව යුතුය.
අර ලංකාවේ මුදල් ඇමති කෙනෙකුට හොදම මුදුල් ඇමති සම්මානයත් ලැබුන කිවනේ. මේකත් පස්සේ සංශෝදනය වේවි. මේ ලංකාවේ තරම් සම්මාන හම්බුවෙන ආයතන සහ පුද්ගලයන් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති.
තමන්ගේ චරිත සහතිකේ තමන්ම ලියාගෙන.
ලංකාවේ මිනිසුන්ට හරියට සිංහල කියවා තේරුම් ගැනීමේ හැකියාව වත් නැත. මොකද හැම දෙයක් දිහාම දේශපාලන ඇසකින් බලන්නේ.. මේකෙ කියල නැ, sri lankan airline ලෝකෙ හොදම airline වලින් 5න් එක කියලා..
මෙවැනි තොරතුරු තිබෙන සඟරා ගෙන්වා ගන්න ආසයි .!
මේකත් හිටපු මුදල් ඇමැතිතුමාට දීපු සහතිකේ වගේ...
ගුවන් සේවිකාවන්ගේ උද්දච්චකම අතින් පස් වැනි තැන වෙන්න ඇති. අපේ කට්ටිය පියාඹන්නේ යානාවටත් මීටර් 20 ක් උඩින්. පාරිභෝගික සේවාව ගැන කියලා වැඩක් නැහැ.
ඒ ගොල්ලෝ හම සුදු අයට එහෙම උද්දච්චකම් දක්වන්නේ නැහැ. ඒ මදැයි. මේ තත්වේ හුඟක් ආසියානු රටවල වෙළඳ සේවිකාවන් අතර පවා තියෙනවා. මට මැලේසියාවේදී මෙහෙම අත්දැකීමක් වුණා.